අශාන් ප්‍රියංජන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

Major Club Limited Over Tournament 2022

316

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවති තරගයක දී CCC කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන අශාන් ප්‍රියංජන් Negombo කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

අශාන් ප්‍රියංජන් මෙතෙක් පළමු පෙළ තරග 194කට සහභාගී වී ඉන් ඉනිම් 110ක පන්දු යමින් වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම ද මෙයයි. එහි දී ඔහුට ගොදුරු වූයේ විදෙස් ක්‍රීඩක Jatin Saxena, අමෝද විදානපතිරණ සහ සුධීර වීරරත්නයි. ප්‍රතිවාදී ඉනිම අවසන් වන විට ප්‍රියංජන් ලකුණු 22කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

තරගයේ අවසන් කඩුලු දෙක ද පිට පිට දවා ගත් අශාන් ප්‍රියංජන්ට, එ‍ෙඹෙන තරගයේ දී  තමන් විසින් යවනු ලබන පළමු පන්දුවේ දී කඩුල්ලක් ලබා ගන්නේ නම් නැවත වතාවක් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමේ දුර්ලභ අවස්ථාවක් උදා කර ගැනීමට හැකියාවක් පවතිනවා.

මේ අතර Ragama නායක ජනිත් ලියනගේ පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 102ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන දේශීය පිතිකරු බවට පත් වුනා. මෙය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල දෙවැනි ශතකයයි.

ඔහුට අමතර ව Police විදෙස් ක්‍රීඩක Gitansh Khera මෙවර තරගාවලියේ තමන් විසින් වාර්තා කරන ලද දෙවැනි ශතකය ද අද වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර Saracens කණ්ඩායමේ සිතාර ගිම්හාන් අද තරගයේ දී ලකුණු 50ක් ලබා ගනිමින් පළමු පෙළ එක්දින තරගවල ලකුණු 1000ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඊට අමතර ව Police කණ්ඩායමේ චාමර සිල්වා, Sri Lanka Air Force කණ්ඩායමේ මොවින් සුබසිංහ, Sri Lanka Army කණ්ඩායමේ ලක්ෂාන් එදිරිසිංහ සහ මහේෂ් කුමාර, Galle කණ්ඩායමේ විනුර දුල්සර, CCC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ, Kurunegala Youth කණ්ඩායමේ ලහිරු ජයරත්න, Sri Lanka Navy කණ්ඩායමේ මදුර මදුශංක සහ සහන් කෝසල අද දවසේ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

ඔවුන් අතරින් ලහිරු ජයරත්න සහ සහන් කෝසල අද වාර්තා කරන ලද්දේ තමන්ගේ පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල අර්ධ ශතකයි.

පන්දු යැවීමේ දී Sri Lanka Army කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන රශ්මික සිරිවර්ධන තම පළමු පෙළ එක්දින තෙවැනි තරගයට සහභාගී වෙමින් ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

CCC සහ Negombo CC අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • Negombo – සියලුම දෙනා දැවී 132 (27.4) Mizanur Rahman 25, ජීවක ශෂීන් 37, අශාන් ප්‍රියංජන් 6/22,
  • CCC – කඩුලු 3ක් දැවී 136 (23.5) නිමේෂ ගුණසිංහ 62, පවන්ත වීරසිංහ 38, පවන් පතිරාජ නොදැවී 33, සඳරුවන් චින්තක 2/26

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Saracens CC සහ Bloomfield C & AC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • Saracens – සියලුම දෙනා දැවී 194 (46.2) සිතාර ගිම්හාන් 50, ගිහාන් ඊබට් 36, තවීෂ අභිශේක් 36, Mohammad Waqas 34, මාධව වර්ණපුර 3/43, චානක කොමසාරු 2/22, Yaspal Singh 3/30
  • Bloomfield – කඩුලු 8ක් දැවී 196 (48.5) Yaspal Singh 40, ප්‍රශාන් වික්‍රමසිංහ 21, අශාන් ප්‍රනාන්දු 29, චමත් වික්‍රමසිංහ 20, අකාශ් සේනාරත්න 2/34, චමල්ක ප්‍රනාන්දු 3/21

Bloomfield කණ්ඩායමට කඩුලු 2ක ජයක්

NCC Sebastianite C & AC සහ NCC අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • Sebastianite – කඩුලු 8ක් දැවී 178 (50) මනෙල්කර් ද සිල්වා 23, සශ්‍රීක පුස්සෙගොල්ල 33, විශාල් සිල්වා 20, සචිත ජයතිලක 32, අසේල් සිගේරා 2/37, සචිඳු කොළඹගේ 4/27
  • NCC – සියලුම දෙනා දැවී 106 (26.2) අසේල් සිගේරා 31, තරිඳු රත්නායක 3/34, සශ්‍රීක පුස්සෙගොල්ල 3/24, ලොහාන් ද සොයිසා 2/12

Sebastianite කණ්ඩායමට ලකුණු 72ක ජයක්

Police SC සහ Lankan CC අතර තරගය Police SC ක්‍රීඩා පිටියේ දී

  • Police – කඩුලු 7ක් දැවී 298 (50) සමන් කුමාර 42, Gitansh Khera 167, චාමර සිල්වා නොදැවී 61, රජීව වීරසිංහ 4/41
  • Lankan – සියලුම දෙනා දැවී 145 (42.1) පූර්ණ වන්නිතිලක 29, තුශිර මදනායක 34, රජීව වීරසිංහ නොදැවී 31, මිරංග වික්‍රමගේ 25, නුවන් ප්‍රදීප් 2/18, රන්ඳුණු ගංගනාත් 3/16, නදීර බාලසූරිය 2/40, චතුරංග කුමාර 2/20

Police කණ්ඩායමට ලකුණු 153ක ජයක්

Nugegoda SWC සහ Kandy Customs CC අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • Nugegoda – කඩුලු 8ක් දැවී 212 (50) බිශාන් මෙන්ඩිස් 27, අභිෂේක් ලියනාරච්චි 34, නයන ප්‍රනාන්දු 20, රාහුල් ගුණසේකර 35, අරවින්ද ප්‍රේමරත්න 42, අයේෂ් හර්ෂණ 3/36, මිතුන් ජයවික්‍රම 2/34
  • Kandy Customs – සියලුම දෙනා දැවී 105 (36.2) තරිඳු රුක්ෂාන් 22, සළිඳු පතිරණ 23, අරවින්ද ප්‍රේමරත්න 3/20, හංස ද සිල්වා 2/20

Nugegoda කණ්ඩායමට ලකුණු 107ක ජයක්

Sri Lanka Air Force SC සහ Ragama CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Ragama – කඩුලු 6ක් දැවී 246 (50) ලහිරු දවටගේ 39, ජනිත් ලියනගේ 102, කල්හාර සේනාරත්න 52, ලසඳ රුක්මාල් 2/43, ගයාන් සිරිසෝම 2/49
  • Sri Lanka Air Force – කඩුලු 8ක් දැවී 230 (50) රජිත රත්නායක 47, සිතිජ චමෝද් 34, ආදිත්‍ය සිරිවර්ධන 29, මොවින් සුබසිංහ 66, ජනිත් ලියනගේ 3/46

Ragama CC කණ්ඩායමට ලකුණු 154ක ජයක්

Sri Lanka Army SC සහ BRC අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • Sri Lanka Army – කඩුලු 8ක් දැවී 304 (50) ෂෙහාන් ප්‍රනාන්දු 32, ලක්ෂාන් එදිරිසිංහ 75, මහේෂ් කුමාර 65, අසේල ගුණරත්න 36, තිසර පෙරේරා 43, ලහිරු සමරකෝන් 2/45, සචින්ත පීරිස් 2/66
  • BRC – සියලුම දෙනා දැවී 150 (28.1) තිලකරත්න සම්පත් 28, කෙවින් කොත්තිගොඩ 30, රශ්මික සිරිවර්ධන 5/43

Sri Lanka Army SC කණ්ඩායමට ලකුණු 154ක ජයක්

Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේ දී

  • Kurunegala Youth – සියලුම දෙනා දැවී 155 (49.5) මුදිත ප්‍රේමදාස 29, ලහිරු ජයරත්න 58, ෂෙශාන් සිල්වා 2/15, අවිඳු තීක්ෂණ 4/29
  • Chilaw Marians – කඩුලු 6ක් දැවී 157 (40.5) කවිඳු ඉරෝෂ් 37, Gaurav Jathar 38, චමෝද් සඳරු නොදැවී 30, පුලින තරංග 31, ලහිරු ජයරත්න 2/17, සකිදු විජේරත්න 2/34

Chilaw Marians කණ්ඩායමට කඩුලු 4ක ජයක්

Tamil Union C & AC සහ Ace Capital CC අතර තරගය P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

  • Tamil Union – සියලුම දෙනා දැවී 178 (43.4) සිතාර හපුහින්න 20, නවොද් පරණවිතාන 45, ඉසුරු උදාන 28, රවිඳු ප්‍රනාන්දු 35, චානක දේවින්ද 2/30, ලසිත් කෘaස්පුල්ලේ 2/26, නිමසර අතරගල්ල 3/32
  • Ace Capital – සියලුම දෙනා දැවී 46 (13.1) දිලුම් සුධීර 4/12, ශිරාන් ප්‍රනාන්දු 3/22, ඩිල්රුවන් පෙරේරා 3/08

Tamil Union කණ්ඩායමට ලකුණු 132ක ජයක්

Sri Lanka Navy SC සහ Galle CC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී

  • Sri Lanka Navy – කඩුලු 8ක් දැවී 251 (50) සංජීව කුමාරස්වාමි 26, මදුර මදුශංක 76, සහන් කෝසල 61, පූර්ණ චාරුක නොදැවී 31, රජිත ප්‍රියාන් 2/56, මිහිරංග සිල්වා 2/41, චතුර ලක්ෂාන් 2/39
  • Galle – සියලුම දෙනා දැවී 222 (48) රවිඳු සෙම්බකුට්ටිගේ 36, සමීන් කඳනාරච්චි 20, විනුර දුල්සර 73, කවිඳු එදිරිවීර 21, ඩිලංක අවර්ඩ්ට් 2/37, සංජීව කුමාස්වාමි 2/34

Sri Lanka Navy කණ්ඩායමට ලකුණු 29ක ජයක්

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<