Avesh දිනූ තරගයේ වීරයා සම්මානය රෝහල්ගතව සිටින මවට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1172
IPLT20

Lucknow Super Giants කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Avesh Khan Sunrisers Hyderabad කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී සුපිරි දස්කම් දක්වන්නට සමත් වුනා. ඔහු ඒ තරගයේ දී ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේ තරගයේ වීරයා සම්මානය දිනා ගනිමිනුයි.

එම සම්මානය දිනා ගැනීමෙන් පසුව Avesh, රෝහල්ගත කර සිටින සිය මවට ඒ සම්මානය පුද කර සිටියා.

KL Rahulගේ නායකත්වයෙන් තරග වදින Super Giants පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 169ක් රැස්  කළා. Rahul හා Deepak Hooda එම තරගයේ දී අර්ධ ශතක රැස් කිරීම විශේෂයක්.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය Sunrisers Hyderabadට පන්දුවාර 20 තුල දී රැස් කර ගන්නට හැකි වුනේ ලකුණු 157ක් පමණයි. ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගත් Sunrisers පිතිකරුවන් මර්දනය කරමින් තරගය ආපසු හරවන්නට Lucknow පන්දු යවන්නෝ සමත් වුනා.

Avesh Khan තරගයේ 18 වැනි පන්දුවාරයේ දී කඩුලු දෙකක් දවා ගත්තේ තරගය සිය කණ්ඩායම දෙසට හරවමිනුයි.

තරගයෙන් පසුව Avesh Khan හට තරගයේ වීරයා සම්මානය හිමි වූ අතර ඔහු ඒ සම්මානය සිය මවට පුද කර සිටියා. ඔහු පවසා සිටියේ ඇය ඒ වන විට රෝහල්ගත සිටින බවත්, තරගයෙන් අනතුරුව ඔහු සිය මවට දුරකතනයෙන් පසුව ඇමතු බවත්ය.

මේ මොහොතේ රෝහල්ගතව සිටින මගේ මවට මම මේ දක්ෂතාවය පුද කරන්න කැමතියි. මට ඇයගෙන් ලොකු සහයක් ලැබුණා. තරගයෙන් පසුව මම මගේ දුරකතනයෙන් ඇයට වීඩියෝ ඇමතුමක් ගත්තා. ඇයට තරගයේ විස්තර කිව්වා. දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඇය හොඳින්”, Avesh පවසා තිබුණා.

IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර Umesh Yadavට පසුව සිටින්නේ Avesh Khan.

DNA India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<