එංගලන්ත ක්‍රීඩාලෝලියෙක් කරපු විහිළුවට ස්ටාක් තවත් උද්යෝගීමත් වෙයි

1209

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රබලතම තරග කිහිපය මේ දිනවල පැවැත්වේ. ලෝක කුසලානයට පෙර එක්දින ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්ව සිටි අතර ඔවුන් මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම වනු ඇතැයි බොහෝ දෙනා මත පලකර තිබුණි. 

කෙසේ වෙතත් මේ වන විට තරග 7කට මුහුණ දී ඇති එංගලන්තය එයින් තරග 3ක් පරාජය වීම එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය මඳකට ප්‍රශ්නාර්ථයකට ලක්කර ඇත. එංගලන්තයේ ආසන්නම පරාජය වන්නේ ඊයේ (25) ඕස්ට්‍රේලියාව හමුවේ ලද පරාජයයි. 

එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of…

ඕස්ට්‍රේලියා එංගලන්ත තරගයේ දී ප්‍රබල පන්දු ‍යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් කඩුලු 4ක් හා ජේසන් බෙහ්රෙන්ඩෝෆ් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. තරගයෙන් අනතුරුව මිචෙල් ස්ටාක් තම පන්දු යැවීම පිළිබඳව අදහස් දක්වමින් තරගයට පෙර සිදු වූ සිදුවීමක් පිළිබඳව පවසා සිටියා.

එහි දී තරගය පැවැත්වූ දින උදෑසන මිචෙල් ස්ටාක් රැඳී සිටි හෝටලයට පැමිණි එංගලන්ත ක්‍රීඩාලෝලියෙක් තමන් උදෑසන ආහාරය ගනිමින් සිටිය දී තමන්ට උසුළු විසුළු කළ බව ස්ටාක් පවසා සිටියා. ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ස්ටාක්ගේ බිරිඳ, ඇලිස්සා හේලි මෙම සිදුවීම ට්විටර් හරහා පළමු වරට ප්‍රසිද්ධ කර සිටි අතර එහි දී ඇය පවසා ඇත්තේ එංගලන්ත ආධාරකරුවෙකු තම සැමියාට සරදම් කර ඇති බවත්, ඔහුගේ ප්‍රවේගකාරී පන්දු ‍යැවීමට හේතුව එය බවත්ය. 

මිචෙල් ස්ටාක් එම ප්‍රවෘත්තිය සනාථ කර සිටි අතර ඔහු පවසා සිටියේ තමන්ට එම සිදුවීම නිසා එතරම් ගැටලුවක් ඇති නොවූ බවයි. 

“මම බාගෙට නිදාගෙන හිටියේ. එතන හිටිය කෙනෙක් මගේ පන්දු ‍යැවීම ගැනයි මගේ strapping tape එකටයි යමක් කියනවා ඇහුණා. මම ඒ වෙලාවේ බඩගින්නේ හිටියේ. 

“ඔහු මගේ strapping tape එකයි මගේ උදේ ආහාරයයි දැකලා හිනා වුනා. මම තම්බපු බිත්තර තුනක් කන ගමන් හිටියේ. මේ තරගාවලියේ අපි හොඳින් විනෝද වුනා. මම හිතන්නේ මේක ලෝක කුසලානයේ එක සිදුවීමක් විතරයි කියලා.” 

කොදෙව් ප්‍රබලයෙක් අවාසනාවන්ත ලෙස ලෝක කුසලානයෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ආබාධයක් නිසාවෙන් 2019 ICC ලෝක කුසලාන ක්‍රිකට්…

එංගලන්තය හමුවේ ඕස්ට්‍රේලියාව ලබා ගත් ජයග්‍රහණයත් සමඟින් ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ඕස්ට්‍රේලියාව වේ. 

එංගලන්ත තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ක්‍රිකට් ආරම්භ කළ දා පටන් ඕස්ට්‍රේලියාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූ එංගලන්තයට ප්‍රබල පීඩනයක් තරගයේ ආරම්භයේ පටන්ම එල්ල විය. 

“මේ තරගය සුවිශේෂී එකක්. මේක ලෝක කුසලාන තරගයක්. අපි සෙල්ලම් කළේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ. අවසන් තරගයත් ලෝඩ්ස් වල තියෙන්නේ. ඒක අපිට ලොකු වාසියක්. අපි දැන් අවසන් පූර්ව වටයේ ඉන්නේ. අපි දැන් හොඳින් ක්‍රීඩා කරන්න ඕන. ලකුණු සටහනේ පුළුවන් තරම් ඉහළින් නිමා කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා අවසන් තරගයට යන්න.”

ඕස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට පෙර තවත් තරග දෙකකට මුහුණ දීමට සිදු වනු ඇත. ඉන් පළමු තරගය ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය සමඟින් පැවැත්වෙනු ඇත. 

පැවැත්වීමට නියමිත නවසීලන්ත තරගය පිළිබඳව අදහස් දක්වමින් ස්ටාක් පවසා සිටියේ තම කණ්ඩායම විවේක නොගෙන එළඹෙන නවසීලන්ත තරගයට සූදානම් විය යුතු බවයි. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

“අපිට නවසීලන්තය සමඟින් ක්‍රීඩා කරන්න තියෙනවා. ඔවුන් අපිට ලොකු අභියෝගයක්. ඔවුන් තරගාවලියට පෙර එතරම් අවධානයට යොමුව තිබුණේ නෑ. නමුත් ඔවුන් ජයග්‍රහණය කරනවා. ඔවුන් විශිෂ්ට ලෙස ක්‍රීඩා කරනවා. කේන් විලියම්සන් ඔහුගේ වගකීම අකුරටම ඉටු කරනවා. මම හිතන්නේ ඔහු තමයි නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයා. ඔවුන්ගේ පන්දු ‍යවන්නන් හොඳින් පන්දුව දෝලනය කරනවා. ඒ තරගය ලොකු තරඟයක් වේවි. ” 

ඕස්ට්‍රේලියාව හමුවේ ලද පරාජය එංගලන්තය මෙම තරගාවලියේ ලද තුන්වැනි පරාජය වන අතර එම නිසා ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තරමක් අවදානම් තත්ත්වයක පවතී. 

එංගලන්ත කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් ස්ටාක් පවසා සිටියේ ඕස්ට්‍රේලියා කණ්ඩායම සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා කිරීම නිසා එංගලන්තය පරාජය වූ බවත් එමගින් එංගලන්තය අසාර්ථක බවට නිගමනය කළ නොහැකි බවත්ය. 

“එංගලන්තය ප්‍රබල කණ්ඩායමක්. ඔවුන් මෙවර ලෝක කුසලානයේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමක් කියලා මම විශ්වාස කරනවා. ඒත් එයාලා තව දියුණු විය යුතුයි. ” 

ඕස්ට්‍රේලියා වේග පන්දු බලඇණියට අලුතින් එක්වූ ජේසන් බෙහ්රෙන්ඩෝෆ් සමඟින් මිචෙල් ස්ටාක්ගේ ප්‍රහාරය එංගලන්ත පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කර දැමීමට සමත් විය. තම එක්දින දිවියේ පළමු කඩුලු 5 වාර්තා කිරීමට බෙහ්රෙන්ඩෝෆ් සමත් විය. 

ස්ටොක්ස්ගේ උඩපන්දුව අතඇරුනම මම බය වුනා – මෙන්ඩිස්

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් පහළ මට්ටමක…

ඔහුගේ වේගපන්දු ප්‍රහාරයේ උච්චතම අවස්ථාව ලෙස බෙන් ස්ටෝක්ස් දවා ගත් ස්ටාක්ගේ පන්දුව දැක්විය හැක. එංගලන්ත පිතිකරණ ලැයිස්තුවේ අවසන් ක්‍රීඩකයා වූ ස්ටෝක්ස්ට එල්ල වූ පන්දුව ඕනෑම ක්‍රීඩකයෙකු අසරණ කිරීමට සමත්වන බව නොඅනුමානය. 

“ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. එංගලන්තයේ ප්‍රබල බලාපොරොත්තුවක්. ශ්‍රී ලංකා තරගයේදීත් ඔහු ප්‍රබල ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට අරන් ආවා. ඔහු ක්‍රීඩා කරද්දී අපි දැනගෙන හිටියා අපිට විවේකීව බලාගෙන ඉන්න බෑ කියලා. අපිට කඩුලු ලබාගෙන පීඩනයක් එල්ල කරන්න අවශ්‍ය වුනා. වාසනාවකට මගේ පන්දුව හරියටම පතිත වුනා. පන්දු ‍යැවීමේ දී හරියටම ඒ වගකීම ඉටු කරන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. මටත් පෞද්ගලිකව ඒක බලපානවා.” 

වත්මන් ලෝක ශූරයන් හා අනුශූරයන් අතර ගැටුම එළඹෙන 29 වැනිදා ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<