ස්ටොක්ස්ගේ උඩපන්දුව අතඇරුනම මම බය වුනා – මෙන්ඩිස්

3960
(Photo by Dibyangshu SARKAR / AFP)

ගෙවී ගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීම ඉතාමත් පහළ මට්ටමක තිබුණි. එය අවසන් වශයෙන් ප්‍රදර්ශනය වුනේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ එංගලන්ත ඉනිමේ 45 වන පන්දුවාරයේ බෙන් ස්ටොක්ස් විසින් එල්ල කළ පහරක් කුසල් මෙන්ඩිස්ගේ අතින් ගිලිහී යාමත් සමඟයි.

ශ්‍රී ලංකා – එංගලන්ත තරගේ දිනන්න හයියක් වෙච්ච දෙයක් ගැන ධනංජය කතා කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම…

එංගලන්තයට එරෙහිව ලීඩ්ස් හී හෙඩින්ලි ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 20ක ජයග්‍රහණයක් ලබා ගත්හ. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 232ක් ලබා ගත් අතර එංගලන්තය ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 212ක් පමණි

ලසිත් මාලිංගගේ අවසන් පන්දුවාරයේ දී බෙන් ස්ටොක්ස් විසින් deep square-leg කලාපයේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත් ඔහු පන්දුව වෙත පැමිණීමට ගත වූ ප්‍රමාදය නිසා එය නිසියාකාරව රැකගැනීමට ඔහුට නොහැකි විය.

අවසන් කඩුල්ලේ දී බෙන් ස්ටොක්ස් තරගයකට අවතීර්ණ වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව අභිබවා යාමට උත්සාහ කළේය. නමුත් නුවන් ප්‍රදීප් විසින් යැවුණ පන්දුවකට කඩුලු රැකි ක්‍රීඩක කුසල් පෙරේරා වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් අවසන් ක්‍රීඩක මාර්ක් වුඩ් දැවී යෑමත් සමඟින් එංගලන්ත ඉනිම අවසන් විය.

“මට උඩපන්දුව අත ඇරුණ වෙලාවේ දී මම ලොකු බයකින් හිටියේ අපි තරගය පරාජය වෙයි කියලා. කොහොම වුනත් නුවන් ප්‍රදීප් මාව ඉන් බේරගන්න උදව් කළා.” යැයි මෙන්ඩිස් පැවසීය.  

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ අනෙක් කණ්ඩායම්වලට විශාල ආදර්ශයක්

ඉයන් චැපල් යනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙකි. ඔහු මේ වන විට විස්තර විචාරකයෙකු ලෙස ඉමහත් කීර්තියක්….

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් පත්වූ පසුව ශ්‍රී ලංකා පන්දු රැකීමේ යම් වර්ධනයක් පෙනෙන්නට තිබුණි. නිමා වූ ඕස්ට්‍රේලියා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉසුරු උදාන හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් පන්දු රැකීමේ නිරත විය. කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලිය තුල එංගලන්තයට එරෙහිව හා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගවල දී උඩපන්දු දෙකක් අතහැර තිබේ.

“අපි පුහුණුවීම් වලදී පන්දු රැකීම ගොඩක් හොඳට පුහුණු වෙනවා. මම තමයි පසුගිය වසරේ අපේ කණ්ඩායමේ හිටපු හොඳම පන්දු රකින්නා. නමුත් දැන් අපේ මුළු කණ්ඩායමම හොඳට පන්දු රකිනවා. ඒත් මම තමයි දැන් වැඩිපුරම උඩපන්දු අතඇරලා තියෙන්නේ. ඕනෙම කෙනෙක්ට උඩපන්දු අත ඇරෙන්න පුළුවන් නමුත් ඒක හැමවෙලාවෙම වෙන්න බැහැ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මෙන්ඩිස් පවසන ලදි. 

ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඉතිරිව තිබෙන අතර දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ඉන්දියාව සමඟ පැවැත්වෙන එම තරග 3න් අවම ලෙස තරග දෙකක් හෝ ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් 4 දෙනාගේ වටයට පිවිසීමට වැඩි ඉඩක් තිබේ.

“අපේ කණ්ඩායම එංගලන්තය පරාජය කරපු ගොඩක් වටිනවා. අපිට තියෙන තරග 3න් තරග 2ක් වත් අපි දැන් දිනන්න ඕන. නැත්නම් අපිට අවසන් 4ට එන්න වෙන්නේ නැහැ. අපි මේ දවස්වල හොඳට සැලසුම් කරලා පුහුණුවීම් වෙලා නිරත වෙනවා. මනස එක්ක තමයි මේ ගනුදෙනු ගොඩක් වෙන්නේ. පිතිකරණ අංශය විදිහට අපි තව වර්ධනය වෙන්න ඕන.” යැයි එංගලන්ත ක්‍රිකට් තරගයේ දී ලකුණු 46ක් වාර්තා කර ගත් මෙන්ඩිස් පවසන ලදි.

ප්‍රේක්ෂකයින්ට හැසිරෙන හැටි කියන එක මගේ වැඩක් නෙමෙයි – මෝගන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට ඉතිරිව ඇත්තේ හොඳම තරග බව අවිවාදයෙන් පිළිගත හැක.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙන්ඩිස්,

“අවිශ්ක ප්‍රනාන්දු ඉතාමත් හොඳින් පිතිකරණයේ නිරත වුනා. ඔහු පළමු පන්දුවාර 10 තුල ඉතාමත් හොඳ වේගයක් තියාගෙන කණ්ඩායමට ලකුණු අරන් දුන්නා. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක අවසානයක් ගෙනල්ලා දුන්නා. අපේ සැලසුම් අපි හිතුවටත් වඩා හොඳට වැඩ කළා. එංගලන්තය කියන්නේ දැනට එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක 1 කණ්ඩායම අපිට ඔවුන්ව පරාජය කරන්න පුළුවන් වුනු එක අපේ ඉදිරි තරග වලට ලොකු ජවයක් ගෙනාවා.” 

එංගලන්ත තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ලබා ගැනීමේ දී වයස අවුරුදු 36ක් වන ලසිත් මාලිංග ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීමට ඔහු සමත් විය. ඊට අමතරව ධනංජය ද සිල්වා කඩුලු 3ක් ද ඉසුරු උදාන කඩුලු 2ක් ද සහ නුවන් ප්‍රදීප් කඩුල්ලක් ද ලෙසින් දවා ගන්නා ලදි.

“ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් බිහිවුණු දැවැන්ත ක්‍රිකට් තරුවක් ඔහු සැබෑම දක්ෂයෙක්. ඔහුට ලොව පුරා විසිරුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි රැසක අත්දැකීම් තිබෙනවා. ඒ අත්දැකීම් හා ඔහුගේ දක්ෂතාවය හොඳින් සමබර කරගෙන සෙල්ලම් කරන නිසා ඔහුට ඕනෑම වෙලාවක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා කියලයි මට හිතෙන්නේ. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තහම පුහුණුකරුවෙක් ලෙස අපේ කණ්ඩායමට දායකත්වය දක්වයි කියලා මම හිතනවා.”

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 28 වැනිදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<