කොදෙව් ප්‍රබලයෙක් අවාසනාවන්ත ලෙස ලෝක කුසලානයෙන් ඉවතට

309
West Indies' Andre Russell slips during the 2019 Cricket World Cup group stage match between West Indies and Bangladesh at The County Ground in Taunton, southwest England, on June 17, 2019. (Photo by Saeed KHAN / AFP) / RESTRICTED TO EDITORIAL USE

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසල් ආබාධයක් නිසාවෙන් 2019 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. ඒ ඔහුගේ වම් දණහිසට සිදු වූ ආබාධයක් හේතුවෙන්.

හෝල්ඩර්ගෙන් බ්‍රැත්වෙට්ට අභියෝගයක්

ඊයේ (22) පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් – නවසීලන්ත…

31 හැවිරිදි රසල් තරග හතරක දී කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර අවසන් තරගයේ දී ද ඔහුට යම් දණහිසේ ආබාධයක් තිබෙනු දක්නට ලැබුණි.

26 හැවිරිදි සුනිල් අම්බ්‍රිස් ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවා ඇති අතර ඉන්දියාවට එරෙහිව ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හි පැවැත්වෙන තරගයට ප්‍රථම ඔහු එංගලන්තය බලා පිටව යනු ඇත. අම්බ්‍රිස් ඔහු ක්‍රීඩා කළ එක්දින තරග හයේ දී ලකුණු 105.33ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටින අතර ඔහු අයර්ලන්තයට එරෙහිව ශතකයක් ද වාර්තා කර ගැනීමට සමත්ව තිබුණා.

මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත් ලෝක කුසලාන ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන් සිය අවසන් තරග තුනම ජයගත හොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සහභාගී වීමේ බලාපොරොත්තු දල්වා ගැනීමට හැකිවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<