ඩයමන්ඩ් ලීග් කාල සටහනේ වෙනසක්

139

මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දිනවල වෙනසක් සිදු කිරීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

ලෝක ශූරතාවලි කිහිපයකට අලුතින් දිනයක්

ඒ අනුව ඔක්තෝබර් මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය ලෝක මලල ක්‍රීඩා සංගමයේ අන්තර්ජාතික මලල ක්‍රීඩා කාලසීමාව ගැන සලකමින් මෙම වසරේම සැප්තැම්බර් 25 වැනිදා පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර ඇත.

මෙවර තරගාවලිය පැවැත්වෙන ආකාරය සහ එයට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව පිළිබඳව ඉදිරියේ දී නිවේදනය කිරීමට නියමිතව ඇති අතර පැතිර යන වසංගත තත්වය නිසාවෙන් ප්‍රේක්ෂක සහභාගීත්වය පිළිබඳව ද ඉදිරියේ දී දැනුම් දීමට නියමිතව පවතී.

ලොව පුරා පැතිර යන ගෝලීය වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඩයමන්ඩ් ලීගයට සමගාමී තරගාවලි කිහිපයක්ම අවලංගු කිරීමට ඒවායේ සංවිධායකයින් තීරණය කළ අතර පසුව 2020 වසරේ ඩයමන්ඩ් ලීග් කාලසීමාව සංශෝධනය කිරීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කරන ලදි.

ඒ අනුව මෙම වසරේ අගෝස්තු මස 14 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති Monaco තරගාවලියෙන් එම කාලසීමාව ආරම්භ වී සැප්තැම්බර් මස 25 වැනිදා දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් අවසන් වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව තුළ දී තරගාවලි හයක් පැවැත්වීමට ද සංවිධායකයින් තීරණය කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<