බිලින්ග්ස්ගේ සටන්කාමී මංගල ශතකය අපතේ යයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

187
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (11) මැන්චෙස්ටර් හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගැනීම ඕස්ට්‍රේලියාව සමත් විය.

2020 ලෝක එක්දින සුපර් ලීගයේ තරගයක් වූ මේ තරගයේ දී  ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 10ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඔයින් මෝර්ගන්ගේ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 294ක් ලබා ගන්නා ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ග්ලෙන් මැක්ස්වෙල් අසාර්ථක විස්සයි විස්ස තරගාවලියක් නිමා කිරීමෙන් පසුව නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට සමත් වූයේ පන්දු 59ක දී ලකුණු 77ක් ලබා ගනිමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

ඕස්ට්‍රේලියාවේ මුල් කඩුලු 5 ලකුණු 123ක් තුල බිඳ වැටී ගිය පසුව පිටියේ එක්වූ මැක්ස්වෙල් සහ මිචෙල් මාෂ් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119ක් තුල ලකුණු 126ක දැවැන්ත සහ වේගවත් සබඳතාවයක් ගොඩනැංවූ අතර එය තරගය පුරාවට වාර්තා වූ හොඳම සබඳතාවය විය.

ඊට අමතරව දකුණතින් පිතිකරණයේ නිරත වන මිචෙල් මාෂ් ලකුණු 73 ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු මැදපෙළ සවිමත් කළේය. එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 12 වැනි අර්ධ ශතකය වූ එම අර්ධ ශතක ඉනිම ලකුණු 73 දී (පන්දු 100) නිමා වූයේ මාර්ක් වුඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීම නිසයි.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේව්ඩ් වෝනර් හැරෙන්නට ඔවුන්ගේ පිතිකරුවන් සෑම දෙනාම පාහේ ලකුණු 10 සීමාව  ඕස්ට්‍රේලියාවට ලකුණු 294ක් වැනි සවිමත් ලකුණු පුවරුවක් වෙත යාමට හැකි විය.

පුහුණුවීම් අතරතුර දී හිසේ පන්දුවක් වැදීම නිසාවෙන් ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ස්ටීවන් ස්මිත් හට පළමු එක්දින තරගය අහිමි වී ගිය නමුත් ඒ වෙනුවෙන් අවසන් ක්‍රීඩකයින් 11ට පැමිණි මාර්කස් ස්ටොයිනිස් පන්දු 34ක දී ලකුණු 43ක් ලබා ගන්නා ලදි.

තරග තුනකින් සමන්විත මේ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීම සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 295ක ඉලක්කයක් හිමි විය.

එංගලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටොව්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය අවාසනාවන්ත ලෙස ලකුණු 7කට සීමා වූයේ Josh Hazlewood රැකගත් සුපිරි උඩ පන්දුව නිසයි.

අනතුරුව එංගලන්ත ප්‍රබල පිතිකරණ බලඇණියේ සිටින නම ගිය පිතිකරුවන් වන ජෝ රූට් (ලකුණු 1), ජොස් බට්ලර් (ලකුණු 1), මොයින් අලී (ලකුණු 6) සහ ඔයින් මෝර්ගන් (ලකුණු 23) වැනි පිතිකරුවන් හට වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට ඇඩම් සැම්පා ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත.

තවත් ක්‍රිකට් පුවත්:

දකුණතින් පිතිකරණයේ නිරත වන සෑම් බිලින්ග්ස් සහ බෙයාර්ස්ටොව් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 සබඳතාවයක් ගොඩනංවන ලදි. වයස අවුරුදු 29ක් වන සෑම් බිලින්ග්ස් මේ දක්වා එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 19ක් ක්‍රීඩා කළ තිබෙන නමුත් සිය මංගල ශතකය ලබාගත්තේ සිය 19 වැනි එක්දින තරගයේ දී වුවත් එම තරගය ජය ගැනීමට එංගලන්තයට නොහැකි විය.

බිලින්ග්ස් වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 119ක දී ලකුණු 118ක් ලබා ගත්තේ 4 පහර 14ක් සහ 6 පහර දෙකක් එල්ල කරමිනි. බෙයාර්ස්ටොව් පන්දු 107ක දී ලකුණු 87ක් ලබා ගත්තේ 4 සහ 6 පහර 4ක් එල්ල කරමිනි. එය ඔහුගේ 13 වැනි එක්දින අර්ධ ශතකයයි. අවසානයේ එංගලන්ත කණ්ඩායමට සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 275ක් පමණි.

මේ තරගයේ දී එංගලන්තය වෙනුවෙන්  මාර්ක් වුඩ් සහ ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් දවා ගන්නා විට, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත්තේ දඟපන්දු යවන ක්‍රීඩක සැම්පායි. ඔහු ලකුණු 55කට කඩුලු 4ක් දවාලන ලදි.

ඊට අමතරව Josh Hazlewood කඩුලු 3ක් තමන් සතු කරගත්තේය. Hazlewood ලබා ගත් දක්ෂ උඩ පන්දුව සහ සිය පන්දුවාර 10 නිලකුණු පන්දුවාර 3ක් සමඟින් අවසන් කිරීම නිසා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඕස්ට්‍රේලියාව – 294/9 (50): ග්ලෙන් මැක්ස්වෙල් 77, මිචෙල් මාෂ් 73, මාර්කස් ස්ටොයිනිස් 43, මාර්ක් වුඩ් 3/54, ජොෆ්රා ආචර් 3/57.

එංගලන්තය – 275/9 (50): සෑම් බිලින්ග්ස් 118, ජොනී බෙයාර්ස්ටොව් 84, ඔයින් මෝර්ගන් 23, ඇඩම් සැම්පා 4/55, Josh Hazlewood 3/26.

  • තරගයේ වීරයා – Josh Hazlewood (ඕස්ට්‍රේලියාව)

මේ තරගාවලියේ 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව දැනට පෙරමුණේ සිටින අතර දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය සැප්තැම්බර් 13 වැනිදා මේ ක්‍රිකට් පිටියේ දීම දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<