සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා හදිසියේම දිවිගමන හැර යයි

484

එක් දිනක් තුළ දෙවරක්ම ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් හඬවමින් සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Shane Warne අද සවස (4) දිවි ගමනින් සමුගෙන තිබෙන බව වාර්තා වනවා.

අද උදෑසන තවත් ඕස්ට්‍රේලියානු හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන Rod Marsh ද ජීවන ගමනට සමු දී තිබුණා. ඔහු වෙනුවෙන් Warne සිය Twitter ගිණුමේ සටහනක් ද එකතු කර තිබීම විශේෂත්වයක්.

ලොව විශිෂ්ටතම පා දඟපන්දු යවන්නා වන Shane Warne ජීවිතක්ෂයට පත්වන විට 52 වැනි වියේ පසු වුනා. තායිලන්තයේ Koh Samui හිදී හදිසි හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පහළ කරනවා.

“Shane ඔහු රැඳී සිටි නිවහනේ දී සිහි නොමැතිව සිටියා. වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි උත්සහයක් ගත්තත් ඔහුගේ ජීවිතය බේරාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ”, Warneගේ කළමනාකරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා.

වසර 15ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සමඟ කරට කර සටන් වදිමින් ටෙස්ට් කඩුලු 708ක් දවාගෙන තිබුණේ වරෙක ටෙස්ට් පිටියේ ඉහළම කඩුලු ලාභියා වෙමින්.

නිමා වූ ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ දී ද Shane Warne විස්තර විචාරකයෙක් ලෙස සිය සේවය ක්‍රීඩාවට ලබා දුන්නා.

ලොව එදාමෙදාතුර බිහි වූ හොඳම පා දඟපන්දු යවන්නා වූ Shane Warneගේ අභාවය ගැන ThePapare.com අපගේ සාතිශ්‍ය සංවේගය.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<