ICC කැලැන්ඩරයෙහි ප්‍රබල වෙනසක් සිදුවන ලකුණු!

83

ක්‍රිකට් දින පොත යාවත්කාලීන කරමින් ලෝක මට්ටමින් පැවැත්වෙන තවත් ප්‍රධාන පෙළේ තරගාවලි ද්විත්වයක් නව මුහුණුවරකින් හඳුන්වාදීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සූදානමින් පසුවන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කිහිපයක්ම ඊයේ දිනයේ දී සඳහන් කර තිබුනි.

චේස්ගේ ප්‍රවේගකාරී ශතකය ඔස්සේ කොදෙව්වන්ට පහසු ජයක්!

දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වුවද දිනෙන් දිනම තම……

මේ පිළිබඳව උපුටා දක්වමින් ESPN Cricinfo වෙබ් අඩවිය සටහනක් එක්කර තිබුනේ 2023 සිට 2031 දක්වා කාලසීමාව තුළදී විස්සයි විස්ස සහ එක්දින තරග ආකෘතීන්ට උචිත වන අයුරින් “T20 ශූරයින්ගේ කුසලාන” තරගාවලියක් සහ “එක්දින ශූරයින්ගේ කුසලාන” තරගාවලියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් ICCය සතුවන බවයි.  

මෙහිදී T20 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා තරග සැලසුම් සකස් කිරීමේ දී පසුගිය වසරේ පැවති එක්දින ලෝක කුසලානයේ දී භාවිත කළ “රවුන්ඩ් රොබින් ක්‍රමවේදය” යොදා ගැනීමත්, ශ්‍රේණිගත කිරීම්හී පළමු ස්ථාන 10 තුළ රැඳී සිටින කණ්ඩායම් සඳහා පමණක් තරගාවලියේ දොරටු විවෘත කිරීමටත් අපේක්ෂා කරන බව සඳහන් වේ. 

එළඹෙන වසර කිහිපය සඳහා යෝජිත ඉදිරි තරග කාලසටහන් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙනී යන්නේ යම්හෙයකින් මෙම යෝජනාව මීළඟ සැසිවාරයේ දී සම්මත වුවහොත් 2024 සහ 2028 යන වර්ෂයන් හිදී විස්සයි විස්ස ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද, 2025 සහ 2029 වසර වලදී එක්දින ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද දියත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. 

කෙසේනමුත් මෙම තරගාවලි වලට අමතරව දැනටමත් ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික ලෝක කුසලාන තරගාවලි සුපුරුදු පරිදි නියමිත කාලසීමාවන් තුළදී මේ හා සමගාමීව පැවැත්වීමට ICCය බලාපොරොත්තු වේ. විස්සයි විස්ස ලෝක කුසලානය 2026 සහ 2030 වසර වලදීත් එක්දින ලෝක කුසලානය 2027 සහ 2031 යන දෙවර්ෂයන් හිදිත් දියත් කිරීමට නියමිතය. 

දැනට ක්‍රියාත්මක වන ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව ගැටළුකාරී තත්වයක් මින් පෙර අවස්ථා කිහිපයක දීම පැන නැඟී තිබුනි. නමුත් මෙම නව යෝජනාවත් සමඟින් ඒ හා සමාන ආකෘතියකින් නිර්මාණය වූ අලුත් තරගාවලිය සඳහා සහභාගී වීමේ වරම කණ්ඩායම් 6කට පමණක් සීමා කරමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

MCC ඉනිමට සංගක්කාරගෙන් අර්ධ ශතකයක්

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් Marylebone ක්‍රිකට් සමාජය මේ…..

ICCය තම ස්ථාවරය එසේ ඉදිරිපත් කර සිටියත් මූල්‍යමය ශක්‍යතාව අතින් සෙසු ක්‍රිකට් ආයතනයන්ට සාපේක්ෂව වඩාත් ඉදිරියෙන් සිටින ඉන්දීය (BCCI), එංගලන්ත (ECB) සහ ඕස්ට්‍රේලියානු (CA) ක්‍රිකට් පාලක මණ්ඩලයන් මෙම යෝජනාව සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක්වීම පුදුමටය කරුණක් නොවන බව ද බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේ අදහසයි. මන්ද යත් රටවල් දෙකක් අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික තරගාවලි සංවිධානය කිරීමෙන් උපයන ලාභය සමඟ සසඳා බැලීමේ දී මෙවැනි ගෝලීය මට්ටමේ තරගාවලියක් සංවිධානයෙන් ලැබෙන ආදයම පහළ අගයක පැවතීම මීට හේතුවයි. 

කෙසේනමුත් එවැනි පරමාර්ථයකින් මෙම යෝජනාවට තම අකමැත්ත ප්‍රකාශ කර සිටිනවාටත් වඩා “අධික කාර්‍යබහුල තරග රටාවත් සමඟින් ක්‍රීඩකයින්ගේ මානසිකත්වයට එය අයහපත් අයුරින් බලපෑමක් එල්ල කරනු ඇතැයි” යන තේමා පාඨය ඉදිරිපත් කරමින් යෝජනාවට විරෝධය පෑමට “බිග් ත්‍රී” හෙවත් තුන්පාර්ශවික ක්‍රිකට් බලවතුන්ගේ හවුල සූදානමින් පසුවන වන බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 

තවද ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මේ වන විට කාන්තා පාර්ශවයෙහි දැඩි ආකාර්ශනයක් හිමි වෙමින් පවතින නිසාවෙන් යෝජනා කරන ලද නව තරගාවලි ද්විත්වයේ කාන්තා අදියරන්ද මේ සමඟම ක්‍රියාත්මක කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිඹුරුපත් සකස් කරමින් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<