ශ්‍රී ලංකා යෞවනයින් පදක්කම් දෙකක් දිනා ගනී!

4 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය 2022

231
ASIAN YOUTH ATHLETICS CHAMPIONSHIP 2022

2022 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගිය ඔක්තෝබර් 13 වැනිදා කුවේට් හිදී ආරම්භ වුනා.

තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් මීටර් 400 ඉසව්වෙන් රිදී හා ලෝකඩ පදක්කම් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ප්‍රවීන් ජයතිලක හා අවිශ්ක රාජපක්ෂ ඊයේ (14) සමත් වුනා.

එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඉරානයේ Sayed Mohommad. ඔහු එම ඉසව්ව නිමා කිරීම සඳහා ගත කළ කාලය තත්පර 48.37ක්. රිදී පදක්කම දිනා ගත් ප්‍රවීන් ජයතිලක තත්පර 48.56කින් ඉසව්ව නිමා කළ අතර අවිශ්ක රාජපක්ෂ එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 48.70ක්.

මේ අතර කාන්තා උස පැනීමේ අවසන් තරගය සඳහා සහභාගි වූ සිතුලි සදිත්‍යා හට 8 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වුනා. ඇය වාර්තා කළ උස මීටර් 1.60ක්.

තරගාවලියේ විශේෂ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<