ජාතික පාපන්දු පුහුණුකරු ක්‍රීඩා සමාජ පිළිබඳ අසතුටෙන්

547

ශ්‍රී ලංකා ජාතික පිරිමි පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලී මහතා,  කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය හා රිනවුන් ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් වයස අවුරුදු 23න් පහළ තේරීම් තරග සඳහා මුදා නොහැරීම පිළිබඳ සිය අප්‍රසාදය පල කරනවා.

ජාතික පාපන්දු සංචිතයන් තේරීමට සූදානම්

ඊයේ (7) බැද්දෙගාන පාපන්දු සංකීර්ණයේ දී තේරීම් තරග පැවැත්වුණු අතර කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජයේ හා රිනවුන් ක්‍රීඩා සමාජයේ ඒ සඳහා කැඳවුම් ලැබූ කිසිදු ක්‍රීඩකයෙකු තේරීම් තරග සඳහා සහභාගී නොවීම විශේෂත්වයක්.

ThePapare.com වෙත අදහස් දැක්වීම් නිසාම් පකීර් අලී මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“කොළඹ ක්‍රීඩා සමාජයේ හා රිනවුන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් තේරීම් තරගවලට පැමිණියේ නැහැ”

“මට සියලු ක්‍රීඩා සමාජවලින් සහයෝගය ඕන ක්‍රීඩකයින් නිදහස් කිරීමෙන්, මොකද මේ ජාතික කණ්ඩායම, ජාතික කණ්ඩායම හොඳයි නම් එය ක්‍රීඩා සමාජවලටත් ඉතා හොඳයි.”

රිනවුන් හා කොළඹ කණ්ඩායම් දෙකම මේ වන විට 2018/19 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය සඳහා තියුණු සටනක නිරතව සිටියි. වාර්තා වන අන්දමට අනෙක් කණ්ඩායම් සියල්ලම තේරීම් තරග සඳහා සිය 23න් පහළ ක්‍රීඩකයින් මුදා හැර තිබේ.

Video – “අපි Home ගහනව වගේ තමයි ගහන්න ආවේ” – ඉර්ශාන්

රිනවුන් හා කොළඹ කණ්ඩායම් දෙකටම ජාතික 23න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇතුළත්ව සිටියි.

“මගේ ගෝල රැකීමේ පුහුණුකරුත් අද පැමිණියේ නැහැ, ඔහුට යුධ හමුදාවෙන් (ඔහුගේ සේවා ස්ථානය) අවසර ලැබී නැහැ ඒ සඳහා සහභාගී වන්න, මම බලාපොරොත්තු වෙනවා මට ඔහුවත් හැකි ඉක්මනින් ලැබෙයි කියලා.”

“විශේෂයෙන්ම අපට ගෝල රැකීමේ පුහුණුකරු සම්පත් බණ්ඩාර ඉතා වැදගත්, අපිට තරුණ දක්ෂ ඉතා ශක්තිමත් හා ඉතා උස ගෝල රකින්නන් සිටින නිසා.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<