ආසියානු පාසල් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන මංගල බොක්සිං තරගාවලිය හෙට (03) සිට අගෝස්තු 09 වැනිදා දක්වා කුවේට් රාජ්‍යයේ දී පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩකයන් 6 දෙනෙකු කුවේට් බලා යාමට නියමිතයි.
තරගාවලිය සඳහා සුදුසු යැයි සැලකෙන්නේ 2005 සහ 2006 වසරවල උපන් ක්‍රීඩකයන්. මේ සඳහා යොදා ගැනෙන බරපන්ති වන්නේ කිලෝ ග්‍රෑම් 35 සිට 70 දක්වා වන බර පන්තියි. රටවල් 22ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 166 දෙනෙකු පමණ මීට සහභාගී වෙතැයි බලාපොරොත්තු වනවා. ඒ සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.
- දුල්රාන් වීරසිංහ (33-35kg) – මහානාම විද්‍යාලය.
- දුලාජ් වීරසිංහ (35-37kg) – මහානාම විද්‍යාලය.
- A.S. ප්‍රේමතිලක (37-40kg) – ධීරානන්ද මහා විද්‍යාලය.
- T.D. දිසානායක (40-43kg) – පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය.
- K.M. කරුණාසිංහ (43-46kg) – ධීරානන්ද මහා විද්‍යාලය.
- T.S. රෙමාන් (46-49kg) – වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<


























