සාන්ත සෙබස්තියන් විද්‍යාලයට දැවැන්ත ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

95

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ D කාණ්ඩයේ තවත් තරගයක් මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මාතර උයන්වත්ත පිටියේ දී අද (24) නිමා වූයේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.  

ජනිෂ්ක සහ දුනිත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පෙරමුණේ තබයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් D කාණ්ඩයේ තරගයක්…..

ඊයේ (23) දිනයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය සඳහා තරගය නවතා දමන විට සංචාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 108ක් වාර්තා කරගෙන සිටියේ සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් සිටිමිනි.  

දෙවන දිනය වූ අද දිනයේ පළමු පැය කිහිපය තුල දී 6 වැනි කඩුල්ල සඳහා තවදුරටත් පිටිය තුල ස්ථාවර වූ දුනිත් ජයතුංග සහ සසික පෙරේරා ඉතාමත් සාර්ථකව සිය කණ්ඩායමේ පළමු ඉනිම ස්ථාවර කළේය. 

ලකුණු 84ක් ලබාගෙන සාන්ත සෙබස්තියන් පළමු ඉනිම ශක්තිමත් කළ ජයතුංගගේ කඩුල්ල දැවී ගිය වහාම ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සාන්ත තෝමස් පළමු ඉනිමට වඩා ලකුණු 101ක් ඉදිරියෙන් සිටිමිනි. ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් අනෙක් අන්තය ස්ථාවර කරගත් සසික ලකුණු 32*ක් ලබා ගත්තේය.

මාතර සාන්ත තෝමස් විද්‍යාලයට මෙම තරගයේ දී සත්කාරක වාසිය හිමි වුවත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ එම සත්කාරකත්වය පවා පීඩනයක් වූ බවක් පෙනෙන්නට විය. 

කෙසේ නමුත් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව දෙවන ඉනිම තුල ලකුණු අතරට පිවිසීමට ඔවුන්ගේ පිතිකරුවන් කිහිපදෙනෙක් සමත් විය. එහි දී වෝෂිත අමරසිංහ සහ හිරුෂ ජීවජීත් පිළිවෙළින් ලකුණු 35ක් සහ ලකුණු 34*ක් ලබා ගන්නා ලදි. 

දකුණතින් පිට දඟපන්දු යවන නදීර ප්‍රනාන්දු සාන්ත තෝමස් දෙවන ඉනිමේ කඩුලු 7ක් ඇතුළුව තරගය පුරාවට කඩුලු 9ක් දවාලමින් සාන්ත තෝමස් පිතිකරුවන්ගේ ප්‍රබලම හිසරදය බවට පත්විය. 

මලල ක්‍රීඩා දැවැන්තයෙක් ක්‍රිකට් පිටියට!

මීටර 100 ධාවන ඉසව්වේ හිටපු ලෝක ශූරයෙක් වන ජැමෙයිකානු ක්‍රීඩක යොහාන් බ්ලේක් දෙසැම්බර් මස 1 වැනිදා……

සාන්ත තෝමස් දෙවන ඉනිම ලකුණු 123කට සීමා වීමේ ප්‍රතිඵලයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා හිමි වූයේ ලකුණු 23ක ඉලක්කයක් වන අතර එම ඉලක්කය පන්දුවාර 4කුත් පන්දු 2ක් තුල සපුරා ගැනීමට විහඟ මෙන්ඩිස් (ලකුණු 17*) ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩකයෝ සමත් වූහ.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 85 (44): හිරන්ත ලක්ෂාන් 30, ජනිෂ්ක පෙරේරා 4/09,  තදුල ද සිල්වා 3/15, නදීර ප්‍රනාන්දු 2/18. සහ 123 (60.2): වෝෂිත අමරසිංහ 35, හිරුෂ ජීවජීත් 34*, නදීර ප්‍රනාන්දු 7/47, සඳුන් ප්‍රනාන්දු 2/08.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය –  186/6d (60.2): 108/5 (42.3): දුනිත් ජයතුංග 84, සසික පෙරේරා 32*, ජනිෂ්ක පෙරේරා 30, සිනෙත් සිතාර 3/62. සහ 23/0 (4.2): විහඟ මෙන්ඩිස් 17*.

මෙම තරගාවලිය යටතේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර පැවැත්වෙන සුහද තරගය හෙට (25) ධර්මරාජ විදුහල් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ. එම තරගයේ තොරතුරු ද ඇතුළුව ක්‍රීඩා පිටියේ නවතම තතු ඔබ ඉදිරියට රැගෙන ඒමට ThePapare.com සූදානම් සිටියි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<