ශ්‍රී ලංකාව ඔලිම්පික් බලාපොරොත්තු පොදි බඳියි

83

ඔලිම්පික් සඳහා වන සුදුස්සන් තේරීමේ තරග වෙනුවෙන් සහභාගි වන ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා. 2020 ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් සුදුස්සන් තේරීමේ තරග නොවැම්බර් මස 23 හා 24 යන දිනයන් හිදී දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර දී පැවැත්වීමට නියමිතයි.

සුපිරි All Blacks ක්‍රීඩකයාගේ ගැටලුවට පිළියමක් සොයාගනී

ගෙවුණු කාලසමය පුරාවටම ප්‍රබල All Blacks කණ්ඩායම නියෝජනය කරමින් කණ්ඩායමේ…

2016 සිට ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යළි හඳුන්වා දුන් සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා මෙවර ආසියාවෙන් කණ්ඩායමක් දෙකකට දොරටු විවර වන්නේ 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ජපානය නිසාවෙනි.

මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් හොඳින් දස්කම් පාමින් ක්‍රීඩා කිරීමට හේතුවෙන් මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එය රුකුලක් වනු ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ රග්බි තරගාවලියට කණ්ඩායම් 12ක් ක්‍රීඩා අතර පසුගිය ලෝක ශූරතා රග්බි තරගාවලියේ ඉහළම ස්ථාන 4 ලබා ගත් ෆීජී, ඇමරිකාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව ද දැනටමත් ඊට සුදුසුකම් ලබා ඇත. ඒ අනුව ඉතිරි කණ්ඩායම් 7 තෝරාගැනීම සඳහා කලාපීය වශයෙන් මේ තරගාවලි පැවැත්වෙන අතර දැනට නිමාවට පත්වූ තරගාවලි වලින් ආජන්ටිනාව, කැනඩාව සහ බ්‍රිතාන්‍යය ද සුදුසුකම් ලබා සිටී.

වැස්සේ දියත් වූ තෙවැනි අදියරෙන් ශ්‍රී ලංකාවට අමිහිරි මතක

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියර අද (29) කොළඹ දී…

පිරිමි තරගාවලියට සමගාමීව කාන්තා තරගාවලිය සඳහා ද ආසියාවෙන් සුදුසුකම් ලබන රටවල් තෝරාගැනීමේ තරගාවලිය නොවැම්බර් 9 සහ10 දෙදින චීනයේ දී පැවැත්වීමට නියමිතය.

බ්‍රසීලයේ පැවති 2016 ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙන් පසු ආරම්භ වුණු සත් සාමාජික රග්බි තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ෆීජී කණ්ඩායම සමත් විය. එහි රිදී පදක්කම බ්‍රිතාන්‍යයටත්, දකුණු අප්‍රිකාවට ලෝකඩ පදක්කමත් හිමි විය.

ශ්‍රී ලංකා සංචිතය:

දනුෂ් දයාන්, ජේසන් දිසානායක, දනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, තරින්ද රත්වත්ත. රිචඩ් ධර්මපාල, තිලින බණ්ඩාර, දිනුක් අමරසිංහ, ජනිදු දිල්ශාන්, රීසා රෆයිදීන්, කෙවින් ඩික්සන්, ඔමල්ක ගුණරත්න, මිතුන් හපුගොඩ, ලසිඳු ඉෂාන්, විමුක්ති රාහුල, කාවින්ද කේෂාන්, නවීන් හෙනකන්කානමගේ, නිශෝන් පෙරේරා, අනුරාධ හේරත්, චතුර සෙනෙවිරත්න, අදීශ වීරතුංග, අශාන් බණ්ඩාර, සුධාරක දික්කුඹුර, සචිත් සිල්වා ඉරෝෂන් සිල්වා, රවිඳු හෙට්ටිආරච්චි, බුද්ධිම පියරත්න.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<