Home Sinhala නේපාලය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයින් තරගාවලියට පිවිසෙයි

නේපාලය අසරණ කරමින් ශ්‍රී ලංකා යෞවනයින් තරගාවලියට පිවිසෙයි

93

අනාගත ක්‍රිකට් ලොවට ආසියාකරයෙන් තිලිණ වන ක්‍රිකට් අංකුර එකිනෙක ගැටෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය අදයි (06). එහි දී තම පළමු අභියෝගයට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී මුහුණ දුන් ශ්‍රී ලංකා යොවුන් පිළ කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සමත් විය. ඒ නේපාල යොවුන් පිළ පරාජයට පත් කරමිනි.

ඇෆ්ගනිස්ථානය පෙරළිකාර දස්කම් දක්වද්දී ඉන්දියාවත් දස්කම් අතරට

8 වැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු…

අද උදෑසන කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ නේපාල කණ්ඩායමේ නායක රෝහිත් පවුඩෙල් තීරණය කළේ මුලින් පන්දුවට පහර දිය යුතු බවයි. සාමාන්‍යයෙන් වඩා දුර්වල කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කිරීම බොහෝ අවස්ථාවල දී සියතින් ගෙල සිඳ ගැනීමක් වුවද අද නේපාල නායකයා තම පිතිකරණ ශක්තිය ගැන තැබුවේ ඉතා සුබවාදී බලාපොරොත්තුවකි. නමුත් ඔහුගේ කණ්ඩායම් සගයින්ට නායකයාගේ විශ්වාසයට සාධාරණයක් ඉටු කිරීමට නම් අද දිනයේ දී හැකි වූයේ නැත.

ශ්‍රී ලංකා පිළ දෙසට තරගය මුල සිටම හරවා දුන් දිල්ශාන් මධුශංක අද ආරම්භක වෙඩි මුරය තබන්නේ නේපාල පිළේ මුල් කඩුලු 2ම තමන් සතු කර ගනිමිනි. එහි දී පවන් සරෆ් සහ අසීෆ් ශෙයික් මෙම වමත් වේගපන්දු යවන්නා හමුවේ දැවී යන්නේ තනි ඉලක්කමේ ලකුණු වලටයි. ඒ අනුව නේපාල ඉනිම ලකුණු 24ට කඩුලු 2ක් බවට පත්විය. 

Photos: Sri Lanka Vs Nepal | Under 19 Asia Cup 2019

කෙසේ නමුත් එතැන් සිට ශ්‍රී ලංකා පිළට තරමක අභියෝගයක් වන්නට නේපාල නායක රෝහිත් පවුඩේල්ට සහ ආරම්භක පිතිකරු රීත් ගෞතම්ට හැකි විය. ඒ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමිනි.

නමුත් නේපාල පිළට ඉන් සතුටු වන්නට හැකියාවක් නොවූයේ මෙය ඉනිමේ පළමු සහ එකම සාර්ථක සබඳතාවය වූ නිසාවෙනි. ඒ අනුව වරෙක ලකුණු 115ට කඩුලු 3ක් ලෙස සටහන් වූ නේපාල ඉනිම අවසානයේ ලකුණු 159ට කඩුලු 9ක් ලෙස අවසන් විය. ඒ අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙනි පන්දුවාර 42කට කප්පාදු වුනු ඉනිම නිමා වන විටයි. 

නේපාල පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ දකුණත් පිතිකරු රීත් ගෞතම් අද ලකුණු 54ක් රැස් කළේ පන්දු 85කට මුහුණ දෙමිනි. ඒ අතරේ ඔහු හතරේ පහර 4ක් එල්ල කිරීමට සමත් විය.

ලොව ළාබාළතම ටෙස්ට් නායකයා ඇෆ්ගනිස්තානයෙන්!

බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය ඊයේ ආරම්භ වුනා…

අනෙක් අන්තයේ සිට ඔහු සමඟ ඉනිම ගොඩ නැගූ නායක රෝහිත් අද ඇශියන් ඩැනියෙල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 47කටයි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 80කට මුහුණ දී එල්ල කළේ එක් හතරේ පහරක් පමණි. 

මෙම පිතිකරුවන් දෙදෙනා පිටිය හැර යාමත් සමඟ නේපාල ඉනිම නාය යෑම ඇරඹුණු අතර අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවටවත් ළඟා වන්නට හැකි වූයේ නැත. එහි ගෞරවය කඩුලු 3 බැගින් බිඳ හෙලූ දිල්ශාන් මධුශංකට සහ නවෝද් පරණවිතානට මෙන්ම ඉනිම පුරාවට නේපාලයට පහසුවෙන් ලකුණු රැස් කරන්නට ඉඩ නොදුන් පන්දු යවන්නන් සියලු දෙනාටම අත්විය යුතුය.

ශ්‍රී ලංකා පිළට පන්දුවාර 42ක දී ලකුණු 159ක පහසු ඉලක්කයක් හිමි වූයේ ද පන්දු යවන්නන් දැක්වූ මෙම සාර්ථකත්වය නිසාවෙනි. මෙම ඉලක්කය හඹා යාමේ දී සමස්තයක් ලෙස සියලුම පිතිකරුවන් පාහේ ලකුණු අතරට පිවිසීම ඉදිරි තරග පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තබා ගැනීමට ද හේතුවක් වී ඇත. 

ශ්‍රී ලංකා යොවුන් පිළ සතු වටිනාම ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැකි කඩුලු රකින පිතිකරු කමිල් මිශාර අද ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන ඉනිම ක්‍රීඩා කළේ පන්දු 62කින් ලකුණු 55ක් ලබා ගනිමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 2කින් අලංකාරවත් විය.

මිශාර සමඟින් තෙවැනි කඩුල්ල සඳහා අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගූ අහන් වික්‍රමසිංහ අද ලකුණු 30ක් රැස් කළේ හතරේ පහර 2ක් සමඟයි. ශ්‍රී ලංකා යොවුන් පිළේ නායක නිපුන් ධනංජය අද දැවී ගියේ ලකුණු 18ක් රැස්කර සිටියදීයි. එතැන් පටන් ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණය දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී සිටි අවිශ්ක තරිඳු සහ චමිඳු විජේසිංහ යොවුන් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා පිළේ පළමු ජයග්‍රහණය මුද්‍රා තැබීමට සමත් වූහ. ඒ වන විට අවිශ්ක තරිඳු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25කි. 

ගෞරවාන්විතව තරගාවලියට තිත තැබීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද?

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක්…

ශ්‍රී ලංකා පිළ මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට වැය කළේ 33යි පන්දු 4ක් පමණි. එහි දී ශ්‍රී ලංකා පිළට කඩුලු 5ක් පමණක් අහිමි විය. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක රශීඩ් කාන් ලකුණු 21කට කඩුලු 2ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය. 

Result


Sri Lanka U19
159/5 (33.4)

Nepal U19
159/9 (42)

Batsmen R B 4s 6s SR
Rit Gautam c Dilshan Madusanka b Navod Paranavithana 54 85 4 0 63.53
Pawan Sarraf c Kamil Mishara b Dilshan Madusanka 4 13 0 0 30.77
Mahamad Asif Sheikh b Dilshan Madusanka 7 12 1 0 58.33
Rohit Kumar Paudel c & b Ashian Daniel 47 80 1 0 58.75
Hari Bahadur Chauhan run out (Nipun Dananjaya) 12 23 1 0 52.17
Bhim Sharki lbw b Navod Paranavithana 1 2 0 0 50.00
Kushal Malla c Rohan Sanjaya b Navod Paranavithana 2 8 0 0 25.00
Rasid Khan not out 15 22 0 1 68.18
Kamal Singh Airee b Rohan Sanjaya 2 5 0 0 40.00
Sagar Dhakal b Dilshan Madusanka 1 4 0 0 25.00
Surya Tamang not out 1 1 0 0 100.00


Extras 13 (b 1 , lb 1 , nb 4, w 7, pen 0)
Total 159/9 (42 Overs, RR: 3.79)
Fall of Wickets 1-16 (4.4) Pawan Sarraf, 2-24 (6.5) Mahamad Asif Sheikh, 3-115 (29.1) Rit Gautam, 4-135 (34.4) Rohit Kumar Paudel, 5-137 (35.1) Hari Bahadur Chauhan, 6-137 (35.2) Bhim Sharki, 7-142 (37.5) Kushal Malla, 8-149 (40.1) Kamal Singh Airee, 9-158 (41.4) Sagar Dhakal,

Bowling O M R W Econ
Dilshan Madusanka 8 1 23 3 2.88
Amshi De Silva 4 0 28 0 7.00
Rohan Sanjaya 9 0 27 1 3.00
Chamindu Wijesinghe 4 0 18 0 4.50
Ashian Daniel 8 0 35 1 4.38
Navod Paranavithana 9 0 26 3 2.89


Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Hari Bahadur Chauhan b Rasid Khan 12 11 1 1 109.09
Kamil Mishara c Bhim Sharki b Rasid Khan 55 62 3 2 88.71
Ravindu De Silva b Sagar Dhakal 15 15 1 1 100.00
Ahan Wicrkamasinghe c Bhim Sharki b Pawan Sarraf 30 36 2 0 83.33
Nipun Dananjaya c Mahamad Asif Sheikh b Kamal Singh Airee 18 31 1 0 58.06
Avishka Tharindu not out 25 44 1 1 56.82
Chamindu Wijesinghe not out 1 3 0 0 33.33


Extras 3 (b 0 , lb 2 , nb 0, w 1, pen 0)
Total 159/5 (33.4 Overs, RR: 4.72)
Fall of Wickets 1-22 (4.4) Navod Paranavithana, 2-53 (9.5) Ravindu De Silva, 3-155 (12.2) Nipun Dananjaya, 4-113 (20.1) Kamil Mishara, 5-115 (21.1) Ahan Wicrkamasinghe,

Bowling O M R W Econ
Pawan Sarraf 9 1 28 1 3.11
Kamal Singh Airee 5 0 32 1 6.40
Rasid Khan 6.4 0 21 2 3.28
Sagar Dhakal 8 0 49 1 6.12
Surya Tamang 4 0 20 0 5.00
Kushal Malla 1 0 7 0 7.00



ඒ අනුව අද දිනයේම පැවති අනෙක් තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවා ජය ගත් බංග්ලාදේශ පිළ සහ ශ්‍රී ලංකාව B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. A කාණ්ඩයේ පෙරමුණේ පසු වන්නේ ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානයයි.

ඩී. එස්. ක්‍රීඩකයන්ගෙන් වැඩි දක්ෂතා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට්…

බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 

අද දිනයේ දී ම පැවති මෙම තරගයත් අඩු ලකුණු තරගයක් ලෙස නිමාව දුටුවේ කටුනායක දීයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ පිළ මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබා දෙමින් ඔවුන්ව ලකුණු 127කට දවා ගැනීමට සමත් වූහ. 

ඉන් අනතුරුව පන්දුවාර 21යි පන්දු 3ක් තුල දී මෙම ලකුණු සංඛ්‍යාව පහසුවෙන් හඹා යමින් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශයට හැකි විය. අයහපත් කාලගුණය නිසා මෙම තරගයේ දී දෙපිළටම පන්දුවාර 45 බැගින් හිමි විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 28): ඔසාමා හසන් 58, අලිශන් ශරෆු 34, අන්ශ් ටැන්ඩන් 9, රකිබුල් හසන් 3/25, තන්සිම් සකීබ් 3/36, ශොරිෆුල් ඉස්ලාම් 2/16.

බංග්ලාදේශය – කඩුලු 4ක් දැවී ලකුණු 128 (පන්දුවාර 21.3): තන්සිඩ් හසන් 45, ෆර්වීස් හොසේන් 30, මොහොමදුල් හසන් 27*, තව්හිද් රිදෝයි 18, රිශාබ් මුඛර්ජි 2/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<