ආසියානු රග්බි සැණකෙළිය නැවතත් ශ්‍රී ලංකාවේ දී

274

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියරේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. පසුගිය වසරේ දී 2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර පැවැත්වුණේ ද ශ්‍රී ලංකාවේ දීයි. මේ තරගාවලිය පැවැත්වෙන පස්වැනි වතාවයි.  

දුක සතුට සම සමව රැඳුණු ගෙවුණු වසරේ රග්බි පිටිය

තවත් වසරක් ගෙවී යාමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ගෙවුණු වසරේ ශ්‍රී ලාංකීය රග්බි පිටියේ …

ආසියාවේ පැවැත්වෙන ප්‍රධානතම සත් සාමාජික රග්බි තරගාවලියක් වන මෙම තරගාවලිය සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ද යොදා ගැනේ.  

2018 වසරේ දී ශ්‍රී ලංකාව එම තරගාවලියේ තෙවන අදියරේ සත්කාරකත්වය දැරූ අතර පළමු හා දෙවන අදියර පිළිවෙළින් තායිලන්තයේ හා චීනයේ දී පැවැත්විය.

තරගාවලි සංවිධායකයින් විසින් මේ වසරේ තරග පැවැත්වෙන රටවල් තීරණය කරද්දී නැවත වතාවක් තෙවන අදියර ශ්‍රී ලංකාවට හිමි විය. කොළඹ තුරඟ තරග පිටියේ දී තරගාවලිය පැවැත්වෙනු ඇත. පසුගිය වසරේ තරගාවලිය අවසන් වුණේ ද තුරඟ තරග පිටියේ දීයි.

මේ වසරේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන්නේ 2020 ඔලිම්පික් තේරීම් තරග සඳහා සහභාගී වීමට ආසියානු සත් සාමාජික තරගාවලියේ ඉහළ දස්කම් දක්වන කණ්ඩායම් සුදුසුකම් ලබන හෙයිනි. මීට පෙර ශ්‍රී ලංකාව හොංකොං හී පැවැත්වුණු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සුදුසුකම් ලැබූ අතර පසුව ඔවුන් මොනාකෝ හී පැවැත්වුණු Olympic repechage තරගාවලිය සඳහා සහභාගී විය.

ශ්‍රී ලංකාව එසේ ඔලිම්පික් තරගාවලියේ තේරීම් තරග සඳහා සුදුසුකම් ලැබුවේ 2015 වසරේදීයි. එම වසරේ දී ඔවුන් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ඊට පසු වසරේ ධනුෂ්ක රන්ජන් ගේ නායකත්වය යටතේ ඔවුන් දෙවන ස්ථානය දිනා ගත් අතර ඉන් පසු වසර දෙකේ ඔවුන් 4 වන ස්ථානවල තරගාවලි අවසන් කළේ අවාසනාවන්ත ලෙසයි.

කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය අවසාන තරගයෙන් ද ලකුණු 26-29ක් ලෙස ….

පසුගිය වසරේ තෙවන අදියරේ දී ශ්‍රී ලංකාව ජපානය හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට අවසන් පූර්ව වටයේ සිය අසුන අහිමි වූ අතර ඔවුන් පිලිපීනය හමුවේ 3/4 ස්ථාන සඳහා පැවති තරගය ද පරාජය විය.

ජාතික පුහුණුකරු ලෙස කටයුතු කළ පීටර් වුඩ්ස් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් නික්ම යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි ආයතනය තවමත් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට පුහුණුකරුවෙකු බඳවා ගෙන නැත. මේ වසර සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සත් සාමාජික රග්බි තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ මැලේසියාවේ පැවැත්වෙන බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියයි.

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම අදියර තුනේ දී ම තරගාවලියේ පස්වැනි ස්ථානයේම රැඳී සිටියේ සිය ස්ථානය ආරක්ෂා කර ගනිමිනි.

පසුගිය වසරේ ලද පරාජයන් නිසා ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට මේ වසර අවසානයේ හොංකොං හිදී පැවැත්වෙන ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියේ තේරීම් තරග සඳහා සුදුසුකම් ලැබීමේ වරම් අහිමි විය.

Kevin Dixon masterclass for Sri Lanka 7’s

Here’s a look at what Kevin Dixon did for Sri Lanka earlier at the Asia Sevens Series

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<