ලංකාවෙන් ඉගෙන ගෙන එංගලන්ත පිතිකරුවා බර අඩුකරන්

953

එංගලන්ත ආරම්භක පිතිකරු ඩොම් සිබ්ලි COVID-19 නිසාවෙන් අඟුළු දමා තිබූ කාල සීමාව තුළ සිය ශරීර බර කිලෝග්‍රෑම් 12කින් අඩු කර ගත් බව ඔහු පවසා සිටිනවා. 

පුහුණු තරගවලින් පසුව අතහැර දැමුණු ශ්‍රී ලංකා සංචාරයේ දී තමන්ට එක්වරම සිය ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව වැටහුණු බව සිබ්ලි පවසා සිටිනවා. පසුගිය මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය COVID-19 ව්‍යාප්තිය නිසා අතහැර දැමුණා. දෙවන පුහුණු තරගය අතරමඟ අතහැර දමමින් එංගලන්ත කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.

එංගලන්ත – පාකිස්තාන සටනේ තරග කාලසටහන එළියට

සිබ්ලි පවසා සිටියේ සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ මහන්සිය දැක තමන්ම සිතා ඔහු කිලෝග්‍රෑම් 12කින් ශරීර බර අඩු කරගත් බවයි.

“ශ්‍රී ලංකාවේ දී, මගේ ක්‍රීඩා ජීවිතයේ පළමු වතාවට මම මගේ ශරීර ස්වභාවය හා බර ගැන සිතුවා. මට මතකයි මම ගුවන් යානයේ වාඩි වෙලා හිතනවා මම මොනවා හරි කරන්න ඕන කියලා” එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු පවසා සිටියා. 

පුහුණු තරගය මඟ දමා කරන්ව නිරෝධායනයට

“බෙන් ස්ටොක්ස් පුහුණුවෙනකොට හරිම අමුතුයි. මම කොළඹ දී දැක්කා ඔහු, රූට් හා බට්ලර් සමඟ පුහුණු සැසියකට පසුව දුවනවා. ඒක දැකලා තමයි මගේ කරුණු අවබෝධ වුනේ. ඔවුන් හොඳ ශාරීරික සුවතාවයෙන් ඉන්න වෙන මහන්සිය හා ඔවුන් වැය කරන කාලය දැකලා මම හිතුවා මාත් එහෙම කරන්න ඕන කියලා” ටෙස්ට් තරග හයක් ක්‍රීඩා කර ඇති 24 හැවිරිදි සිබ්ලි පවසා සිටියේ ඔහු කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව හොඳම ක්‍රීඩකයෙක් නොවූ බවයි.

“මම හිතන්නේ මට එහෙම හිතෙන්න පොඩ්ඩක් වෙලා ගියා වැඩියි කියලා, නමුත් ඒක මට හොඳ පාඩමක් වුනා” සිබ්ලි පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 133ක් ද වාර්තා කරන්නට සමත් වුනා.

“මට කවදාවත් පිතිකරණයේ යෙදෙද්දී මහන්සි දැනිලා නැහැ. මගේ ශාරීරික යෝග්‍යතාව මගේ පිතිකරණයට බාධාවක් වෙලා නැහැ. ඒ නිසා එය මගේ පිතිකරණයට බලපාන සාධකයක් නම් නෙවෙයි. නමුත් ක්‍රීඩා පිටියේ දී මගේ පන්දු රැකීමට මට එය උදව් වෙයි. බර අඩු වීම නිසා මට සිදුවෙන ආබාධ ඉතා අඩුවෙයි කියලා මම සිතනවා” සිබ්ලි, රෝරි බර්න්ස් සමඟින් එංගලන්තයේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන අතර ඔහු පවසා සිටින්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව බදාදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට තමන් හොඳ සූදානමකින් සිටින බවයි.

COVID-19 හමුවේ ටෙස්ට් ක්‍රිකට් කමිසත් වෙනස් වෙයි

“මම lockdown කාල සීමාවේ කිසිවක් කළේ නැත්නම් මට දැන් හිතෙන්නේ මට වැඩ කරන්න තිබුනත්, මම ඒවා කළේ නැහැ කියලා. නමුත් මම දැන් හොඳින් මහන්සි වෙලා පුහුණු වුණු නිසා මට කියන්න පුළුවන් මම තරගාවලියට සූදානම් කියලා.”

ජාත්‍යන්තර ක්‍රිකට් තරග යළි ආරම්භ කරමින් එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය බදාදා Ageas Bowl හිදී ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<