ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු කුසලාන සිහිනය සිහිනයක්ම නොවීමට නම් තරඟ 2ක් ජයග්‍රහණය කර තිබීම අනිවාර්ය වේ.

නමුත් ආසියානු කුසලාන තරඟාවලියේ හත් වන තරඟය ලෙස ඉන්දු ශ්‍රී ලංකා T20 තරඟය මීර්පූර් හීදී අද (1) ශ්‍රී ලංකා බලාපොරොත්තු බිද දමමින්  නිමාවට පත්විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන ලදි.

ප්‍රථමයෙන්ම පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුගල වන තිලකරත්න ඩිල්ශාන් හා දිනේෂ් චන්දිමාල් ගේ ආරම්භක සබඳතාව ලකුණු 6කට සීමා කරමින් අශිෂ් නෙහෙරා ප්‍රථම කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් පන්දු 11කදී ලකුණු 4 කට සීමා කරමින් දවා ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පිවිසි ෂෙහාන් ජයසූරියව ජාස්ප්‍රිට් බුම්රා විසින් ලකුණු 3කට සීමා කරනලදි. power play ප්‍රථම පන්දුවාර 6 තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 31කට කඩුළු 2ක් ලෙස දැක්විණි. හාර්ඩින් පාන්ඩි යැවු පන්දුවකට තිලකරත්න ඩිල්ශාන් කඩුල්ල රැකගතව තිබූ අවස්ථාවක එල්ල කල අනවශ්‍ය පහරකින් පන්දු 16කදී ලකුණු 18කට දැවී ගියේ ලකුණු 31ට කඩුළු 3 ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරමිනි. චාමර කපුගෙදර සමඟ එක්වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26ක සබඳතාවක් ලබා ගෙන ස්ථාවරව සිටි තත්ත්වය වෙනස් වුයේ ජාස්ප්‍රිට් බුම්රා, ඇන්ජලෝ මැතිව්ස් දවාලීමත් සමඟය.

Sri Lanka's players celebrate after the dismissal of India's Rohit Sharma (2nd R) during the Asia Cup T20 cricket tournament match between India and Sri Lanka at the Sher-e-Bangla National Cricket Stadium in Dhaka on March 1 , 2016. / AFP / MUNIR UZ ZAMAN
හ්‍රී ලංකා කණ්ඩායම රෝහිත් ශර්මා දවා ගැනීම සමරමින්. ©AFP

මැතිව්ස් පන්දු 19කදී 4 පහරවල් 3 ක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නා ලදි. නොදැවී ක්‍රීඩා කළ චාමර කපුගෙදර හා එක් වු මිලින්ද සිරිවර්ධන වේගයෙන් පන්දුවට පහර දෙමින් පන්දු 32කදී ලකුණු 43ක සබඳතාවක් ගොඩ නගාගත් අතර රවිචන්දරන් අශ්වින්, මිලින්ද සිරිවර්ධන පන්දු 17කදී ලකුණු 22කට දවාලීමට සමත් විය. Free Hit අවස්ථාවක දසුන් ශානක එක් ලකුණකට දුවද්දී දැවී යන ලදි. චාමර කපුගෙදර පන්දු 32කදී ලකුණු 30ක් ගැනීමට 4 පහරවල් 3ක් එල්ල කරන ලදි. තිසර පෙරේරා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 6කදී ලකුණු 17ක් ලබා ගැනීමට 4 පහරවල් 2 ක් හා  එක් 6 පහරක් එල්ල කරන ලදි. ඔහුගේ දැවී යාම තෙවැනි විනිසුරු විමසීමකින් තොරව ලබා දීම වරදක් විය .එය තෙවැනි විනිසුරු විමසුවේ නම් නොදැවී සිටීමට තිසර පෙරේරාට තිබූ නමුත් පිටියේ විනිසුරු එය ව්‍යවර්ථ කරන ලදි. නුවන් කුලසේකර පන්දු 9කදී 4 පහරවල් 2 ක් සමගින් ලකුණු 13 ලබාගත් අතර ඔහු දුවද්දී දැවී යාමකට හසු විය. දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 2ක් ලබා ගන්නා ලදි. පන්දුවාර 20 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්දරන් අශ්වින්, හාර්ඩින් පාන්ඩි පන්දුවාර 4කදී ලකුණු 26කට කඩුළු 2ක්ද ,ජාස්ප්‍රිට් බුම්රා පන්දුවාර 4ක් තුල ලකුණු 27කට කඩුළු 2ක් දවා ගෙන සිය දක්ෂතා පෙන්වන ලදි.

ලකුණු 139 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක සබඳතාව ලකුණු 11කට සීමා කරන්නට නුවන් කුලසේකර සමත් වුයේ ශිකර් දවාන්  එක් ලකුණකට සීමා කරමිනි. ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් එක් වෙද්දී යළිත් ක්‍රියාත්මක වු නුවන් කුලසේකර, රෝහිත් ශර්මා ලකුණු 15කට සීමා කිරීමට සමත් විය. ඉන් අනතුරුව පිටියට එක්වු විරාට් කෝලි හා සුරෙෂ් රයිනා ලකුණු 54ක සාර්ථක සබඳතාවක් ගොඩනැගු අතර එය බිඳහෙලීමට දසුන් ශානක සමත් වූයේ සුරේෂ් රයිනා ලකුණු 25කට දවාලීමත් සමඟයි. අනතුරුව පිවිසි යුවරාජ් සිං ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත

යුවරාජ් සිං සහ විරාත් කෝලි අාසියා කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව ඒරෙහිව පැවති තරඟය අතර තුර ©AFP
යුවරාජ් සිං සහ විරාත් කෝලි අාසියා කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව ඒරෙහිව පැවති තරඟය අතර තුර ©AFP

විය. එයට දැවැන්ත 6 පහරවල්  හා 4 පහරවල් කිහිපයක්ම එල්ල කරන ලදි. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු 104ක් ලබා ගන්නා ලදි. විරාට් කෝලි අර්ධ ශතකයක් ලබා  ඉන්දීය කණ්ඩායමට සවිමත් අඩිතාලමක් දමමින් ජයග්‍රහණයේ මාවත විවෘත කරන ලදි. 17වන පන්දුවාරයේ දී යුවරාජ් සිං දවාලීමට තිසර පෙරේරා සමත් විය. ඔහු පන්දු 18 කදී  4 පහරවල් 3 ක් හා දැවැන්ත 6 පහරවල් 3කින් සංග්‍රහ කරන ලදි. රංගන හේරත් 5වන කඩුල්ල ‍ලෙස හාර්ඩින් පාන්ඩි ලකුණු 2කට සීමා කරන ලදි.විරාට් කෝලි නොදැවී පන්දු 47කදී ලකුණු 56 ලබා ගත් අතර එයට 4 පහරවල් 7ක් අන්තර්ගත විය. මහේන්ද්‍ර සිං දෝනි  නොදැවී පන්දු 4කදී ලකුණු 7ක් ගැනීමට එක් 6 පහරක් එල්ල කරන ලදි. අවසානයේ දී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී, ලකුණු 142 ක් ලබාගෙන තරඟය කඩුළු 5කින් ජයග්‍රහණය කල අතර, ඔවුන් අවසාන් මහා තරඟය සදහා ද සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියෙන් ඉවතට විසිවීමට සිදු විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම පහත පරිදි විය,

ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 3 කදී ලකුණු 16ක්ද ,නුවන් කුලසේකර පන්දුවාර 3කදී ලකුණු 21කට කඩුළු 2ක්ද , දසුන් ශානක එක් පන්දුවාරයකදී ලකුණු 7කට  එක් කඩුල්ලක්ද , දුෂ්මන්ත චමීර පන්දුවාර 4කදී ලකුණු 27ක්ද , තිසර පෙරේරා පන්දුවාර 4කදී ලකුණු 32කට එක් කඩුල්ලක්ද , රංගන හේරත් පන්දුවාර 3යි පන්දු 2කදී ලකුණු 26කට එක් කඩුල්ලක්ද  ලෙස දක්ෂතා දක්වන ලදි.

තරඟයේ වීරයා ලෙස විරාට් කෝලි සම්මාන දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගි වන අවසාන තරඟය ලබන 4වැනිදා පාකිස්තානය සමග මීර්පූර් හීදී පැවැත්වීමට නියමිතය.