ශ්‍රී ලංකාවට දෙවැනි දිනය අසුබයි!

101

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි. එහි දී ලකුණු 40-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගන්නට ජපානය සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා පළමු දිනය අසාර්ථකයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ…

ශ්‍රී ලංකාව මීට පෙර මෙම වටයේ ජපානයට එරෙහිව තරගය කළ අවස්ථාවේ දී ජපානය ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 32-00ක් වශයෙන් ජය ගත් අතර මේ තරගයේ දීත් ජපානය ශ්‍රී ලංකාවට කිසිදු ඉඩ හසරක් ලබා නොදෙමින් ක්‍රීඩා කළේය.

ශ්‍රී ලංකාව කොතෙක් උත්සහ කළත් ජපානය පන්දුව තමන් සතු කරගෙන පහසුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙල්ල කරමින් ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් තරගය අවසානය වන තෙක්ම ශ්‍රී ලංකාවට කිසිදු ලකුණක් රැස්කර ගැනීමට නොහැකි විය.

ආසියානු සත් සාමාජික තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනක දී ලකුණු 132ක් අනෙක් කණ්ඩායම් රැස් කළ අතර ශ්‍රී ලංකාවට දෙවැනි දිනයේ දී එක් උත්සාහක දිනුමක් හෝ වාර්තා කිරීමට නොහැකි වීම කැපී පෙනුණි.

අවසන් ලකුණු තත්වය: ජපානය 40 – 00 ශ්‍රී ලංකාව

19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය නුවරට!

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර්…

හොංකොං රාජ්‍යයෙන් ලංකාවට හොඳ සංග්‍රහයක්!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ සිව්වැනි තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ප්‍රබල හොංකොං කණ්ඩායමට එරෙහිවයි. එහි දී ලකුණු 53-00ක් වශයෙන් පහසු ජයක් අත්කර ගන්නට හොංකොං රාජ්‍යය සමත් විය.

තරගය ආරම්භ වූ මොහොත පටන් හොංකොං ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පහසුවෙන් මෙල්ල කරමින් ප්‍රථම අර්ධය අවසන් වීමට පෙරම කිහිපවතාවක්ම තම ධවල රේඛාව පසු කර යන්නට හොංකොං ක්‍රීඩකයින් සමත් විය.

හොංකොං කණ්ඩායමෙන් එල්ල වූ පීඩනයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිතුරු දීමට කොතෙක් උත්සාහ කළත් හොංකොං ක්‍රීඩකයින් පහසුවෙන්ම නැවත පන්දුව ඩැහැගනිමින් ක්‍රීඩා කළේය.

අවසන් ලකුණු තත්වය: හොංකොං 53– 00 ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව කොරියානු ආරක්ෂාව බිඳ දමයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) චීනයේ හුයිශෝ…

ශ්‍රී ලංකාවට ජපානයෙන් මාරාන්තික ප්‍රහාරයක්!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ තෙවැනි තරගය ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි. එහි දී ලකුණු 32-00ක් වශයෙන් පහසු ජයක් අත්කරගන්නට ජපානය සමත් විය.

තරගය ආරම්භ වූ මොහොත පටන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අසරණ කරමින් ජපාන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 4ක්ම වාර්තා කරන්නට සමත් වූයේ ශ්‍රී ලංකා ආරක්ෂාව පහසුවෙන් අභිබවමිනි.

උත්සාහක දිනුමකින් පසු ශ්‍රී ලංකාව වෙත ජපානය පන්දුව පිරිනමුවද, ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල කරමින් පන්දුව නැවතත් තමන් සතු කරගන්නට ක්‍රියා කළේ ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්.

ප්‍රථම අර්ධය: ජපානය 20 – 00 ශ්‍රී ලංකාව

දෙවැනි අර්ධයේ දී ද ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් නොදුන් ජපාන ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේ දී ද තම උත්සාහක දිනුම් වර්ෂාව ආරම්භ කළේය. තරගය අවසන් වන විට ජපානය දෙවැනි අර්ධයේ දී උත්සාහක දිනුම් තුනක් වාර්තා කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ජපානය 32 – 00 ශ්‍රී ලංකාව

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<