ලෝක කුසලානයට යන ඇෆ්ගන් සංචිතය නම් කෙරේ

146

හිටපු නායක අස්ගාර් ඇෆ්ගන් ද ඇතුළත් කරමින් ඇෆ්ගනිස්තාන ලෝක කුසලානය සංචිතය අද (22) නිවේදනය කරනු ලැබුණි. වේගපන්දු යවන ක්‍රීඩක හමීඩ් හසන් ද සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලානය අත්හරී ද?

එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ …

31 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක හසන් අවසන් වරට කණ්ඩායමට ක්‍රීඩා කළේ 2017 වසරේ දී වූ අතර ආබාධ නිසා ඔහුට දිගින් දිගටම ක්‍රීඩාවෙන් ඉවත්ව සිටින්නට සිදු විය. හසන් කණ්ඩායමට ඇතුළු වීම නිසා ස්ථානය අහිමි වී ඇත්තේ තවත් වේගපන්දු යවන්නෙක් වන ශපූර් සද්‍රන් ගෙයි. දව්ලට් සද්‍රාන් හා අෆ්තාබ් අලාම් අනෙක් වේගපන්දු යවන්නන් වන අතර නයිබ් කණ්ඩායමේ වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස කටයුතු කරයි.

“වාසනාවන්ත ලෙස ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක හමීඩ් හසන් කණ්ඩායමට ඇතුළත් කරගන්නට හැකි වුනා.” තේරීම් කමිටු ප්‍රධානි ධව්ලට් ඛාන් පවසා සිටියා. ”කෙසේ වෙතත් අපි ඉදිරියේ දී පැවැත්වෙන පුහුණු තරගවල දී ඔහුගේ ශරීර සුවතාවය පරික්ෂා කර බලනවා”

මේ මස මුලදී නායකත්වයෙන් ඉවත් කළ අස්ගාර් ඇෆ්ගන් කණ්ඩායමට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. රහ්මට් ශාහ්, හස්මතුල්ලාහ් ෂහිඩි, නයිබ් හා නජිබුල්ලාහ් සද්‍රාන් කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්. නබි, රෂීඩ් හා සමියුල්ලාහ් ශින්වාරි කණ්ඩායමට ඇතුළත්ව සිටීම නිසා ඔවුන්ගේ පිතිකරණ ලැයිස්තුව තවත් ප්‍රබල වනු ඇත.

ආරම්භක පිතිකරුවන් ලෙස ඇෆ්ගනිස්ථානයට තෝරාගැනීම් දෙකක් තිබීම විශේෂත්වයක්. නූර් අලි සද්‍රාන් සහ Hazratullah Zazai ඔවුන්ගේ එක් තෝරාගැනීමක් වන අතර මොහොමඩ් ශසාඩ් ද ඔවුන්ගේ තවත් තෝරා ගැනීමක්. ශාසාඩ් ඇෆ්ගන් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරුවා ලෙස කටයුතු කරනු ඇත. ජාවෙඩ් අහමදි ද කණ්ඩායමෙන් ඉවත් කිරීම විශේෂත්වයක්.

අම්ලා සහ ඩුමිනි ද. අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයට

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු එක්දින…

දඟපන්දු යවන්නන් අතර රෂිඩ් ඛාන් ප්‍රධානතම පන්දු යවන්නා වන අතර මුජිබ්-ර් රහ්මාන් හා මොහොමඩ් නබි ඔවුන්ගේ අනෙක් තෝරාගැනීම්. ශින්වාර් හා රහ්මට් ශා ඔවුන්ගේ අනෙක් දඟපන්දු යවන්නන් වන අතර වමතින් දඟපන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් කණ්ඩායමට තෝරා නොගැනීම ද විශේෂත්වයක්.

“අපි ICC ලෝක කුසලානයට මාස හයක සිට සූදානම් වුනා, අපි ඉතා උද්‍යෝගයෙන් ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා. මම දන්නවා ඉතා හොඳ කණ්ඩායම් ඉන්නවා එහෙම වුනත් අපි හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” තේරීම් කමිටු ප්‍රධානි අදහස් දක්වා තිබුණි. ”කණ්ඩායමේ සමබරතාව, ශරීර සුවතාවය හා එහි තත්වයන් පදනම් කරගෙන තමයි අපි කණ්ඩායම තේරුවේ.”

අම්ලා සහ ඩුමිනි ද. අප්‍රිකානු ලෝක කුසලාන සංචිතයට

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු එක්දින…

කණ්ඩයම අමතර ක්‍රීඩකයින් තිදෙනෙක් තෝරාගෙන ඇති අතර ඉක්රාම් අලි, කරීම් ජනට් සහ සයෙඩ් ශිර්සාඩ් ඒ අතර වේ. අලි ඉදිරිපෙළ පිතිකරුවෙක් හා කඩුලු රකින ක්‍රීඩකයෙකු වන අතර අනෙක් දෙදෙනා වේගපන්දු යවන්නන්.

ඇෆ්ගනිස්තාන සංචිතය: ගුල්බදින් නයිබ් (නායක), මොහොමඩ් ශශාඩ්, නූර් අලී සද්‍රාන්, හස්රතුල්ලාහ් සසායි, රහ්මට් ෂාහ්, අස්ගාර් ඇෆ්ගන්, හෂ්මටුල්ලාහ් ශහිදී, නජිබුල්ලාහ් සද්‍රාන්, සමියුල්ලාහ් ශින්වාරි, මොහොමඩ් නබි, රෂිඩ් ඛාන්, දව්ලට් සද්‍රාන්, අෆ්ටාබ් අලාම්, හමීඩ් හසන්, මුජිබ්-අර් රහ්මාන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<