Home Sinhala වසර 6කට පසු සාන්ත පීතර ක්‍රීඩකයින්ට පාසල් එක්දින ශූරතාවයක්

වසර 6කට පසු සාන්ත පීතර ක්‍රීඩකයින්ට පාසල් එක්දින ශූරතාවයක්

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1131

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ ශූරතාවය දිනා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය අද (19) සමත් වුනා. අපරාජිතව පැමිණි ඔවුන් හමුවේ කඩුලු 3කින් පරාජය වුනේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයයි.

සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය පිළිවෙළින් ඉසිපතන සහ මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම් පරාජය කරමින් පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අයහපත් කාලගුණ තත්වය නිසා එක් ඉනිමක් පන්දුවාර 26කට සීමා වුනු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් තර්ස්ටන් ක්‍රීඩකයින් පන්දුවාර 26ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131ක්.

එහි දී නායකත්වයේ ඉනිමක් දියත් කළ බවන්ත ජයසිංහ 4 පහර 2ක් සහ 6 පහර 4ක් සමඟින් පන්දු 42ක් තුළ වේගවත් ලකුණු 53ක් රැස් කරගෙන මෙවර තරගවාරයේ දී ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කළා. ඊට අමතරව තරිඳු හර්ෂණ සහ තේනුක දේවප්‍රිය පිළිවෙළින් ලකුණු 21ක් සහ ලකුණු 20ක් රැස් කරගෙන තර්ස්ටන් ලකුණු සටහන සවිමත් කළා.

පන්දු යැවීමේ දී 18 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක අභිලාෂ් වෙල්ලාලගේ මේ තරගාවලිය තුළ ක්‍රීඩා කළ පළමු තරගයේ දී ම කඩුලු 3ක් දවා ගෙන දස්කම් දැක්වූ අතර ශනොන් රොද්‍රිගෝ කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලයේ පළමු කඩුලු 5 ලකුණු 46ක් තුළ බිඳ දැමීමට නිපුන් ප්‍රේමරත්න ඇතුළු තර්ස්ටන් පන්දු යවන්නන් සමත් වුනා. නමුත් පන්දුවාර 23කුත් පන්දු 4ක් තුළ කඩුලු 7ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සාන්ත පීතර විද්‍යාලය සමත් වුනා.

එහි දී ලහිරු දවටගේ (ලකුණු 43) සහ දනාල් හේමානන්ද (ලකුණු 36*) යන ජාතික 19න් පහළ කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයින් සිය කණ්ඩායමේ අපරාජිත බව රැකගෙන ශූරතාවය දක්වා යන්නට පිතිකරණයෙන් සහය වුනා.

ඒ අනුව 2015/16 තරගාවලියට පසුව පාසල් ක්‍රිකට් පිටියේ පළමු පෙළ (Tier B) කොටසේ ශූරතාවය දිනා ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත් වුනේ වසර 6කට පසුව වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වුනු වමතින් වේගපන්දු යවන ක්‍රීඩක නිපුන් ප්‍රේමරත්න තර්ස්ටන් වෙනුවෙන් ලකුණු 14කට කඩුලු 5ක් දවා ගත්තා.

තර්ස්ටන් විද්‍යාලය – 131 (26): බවන්ත ජයසිංහ 53, තරිඳු හර්ෂණ 21, තේනුක දේවප්‍රිය 20, අභිලාෂ් වෙල්ලාලගේ 3/19, ශනොන් රොද්‍රිගෝ 2/16.

සාන්ත පීතර විද්‍යාලය – 136/7 (23.4): ලහිරු දවටගේ 43, දනාල් හේමානන්ද 36*, වනුජ සහන් 18, නිපුන් ප්‍රේමරත්න 5/14.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය හෙට (20) රිච්මන්ඩ් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය ThePapare.com සහ Batsman.com සම නිෂ්පාදනයක් ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result


St. Peter’s College
136/7 (23.4)

Thurstan College
130/10 (26)

Batsmen R B 4s 6s SR
Tharindu Harshana run out (Shenon Rodrigo) 21 40 0 0 52.50
Pasindu Ratnayake c Shenon Rodrigo b Abilash Dinakara 1 4 0 0 25.00
Vihas Thewmika c Lahiru Dewatage b Nimuthu Gunawardene 11 19 0 0 57.89
Bawantha Jayasinghe b Shenon Rodrigo 52 42 0 0 123.81
Upul Hettiarachchi c Lahiru Dewatage b Shenon Rodrigo 6 8 0 0 75.00
Azeem Mohomed run out (Shenon Rodrigo) 4 8 0 0 50.00
Ruvinda Dilshan c Danal Hemananda b Abilash Dinakara 0 2 0 0 0.00
Thenuka Dewappriya not out 20 19 0 0 105.26
Shanikiya Deshapriya c Shenal Boteju b Abilash Dinakara 1 2 0 0 50.00
Nipun Premarathne c Lahiru Dewatage b Danal Hemananda 8 13 0 0 61.54
Thanuga Palihawadana run out (Shenal Boteju) 1 1 0 0 100.00


Extras 5 (b 0 , lb 0 , nb 2, w 3, pen 0)
Total 130/10 (26 Overs, RR: 5)
Bowling O M R W Econ
Danal Hemananda 5 0 28 1 5.60
Abilash Dinakara 5 0 19 3 3.80
Wanuja Sahan 6 0 34 0 5.67
Nimuthu Gunawardene 4 0 17 1 4.25
Shenon Rodrigo 5 0 16 2 3.20
Niman Umesh 1 0 17 0 17.00


Batsmen R B 4s 6s SR
Rusanda Gamage c Thenuka Dewappriya b Nipun Premarathne 4 4 0 0 100.00
Dilana Damsara c Thenuka Dewappriya b Nipun Premarathne 1 5 0 0 20.00
Shenal Boteju c Azeem Mohomed b Nipun Premarathne 2 8 0 0 25.00
Lahiru Dewatage c Upul Hettiarachchi b Nipun Premarathne 43 46 0 0 93.48
Wanuja Sahan c Vihas Thewmika b Thenuka Dewappriya 18 18 0 0 100.00
Nimuthu Gunawardene c Azeem Mohomed b Thanuga Palihawadana 0 2 0 0 0.00
Danal Hemananda not out 36 42 0 0 85.71
Shanshay Gunathilaka c Azeem Mohomed b Nipun Premarathne 0 1 0 0 0.00
Niman Umesh not out 16 18 0 0 88.89


Extras 16 (b 2 , lb 1 , nb 2, w 11, pen 0)
Total 136/7 (23.4 Overs, RR: 5.75)
Bowling O M R W Econ
Nipun Premarathne 5.4 0 34 5 6.30
Bawantha Jayasinghe 4 0 20 0 5.00
Thenuka Dewappriya 2 0 15 1 7.50
Thanuga Palihawadana 3 0 18 1 6.00
Vihas Thewmika 5 0 26 0 5.20
Azeem Mohomed 2 0 11 0 5.50
Upul Hettiarachchi 2 0 9 0 4.50