සිම්බාබ්වේ කණ්ඩායමට කොරෝනා බියක්

198
Zimbabwe players

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට හා කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙක්ට Covid-19 වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා.

Regis Chakabva හා Timycen Maruma යන ක්‍රීඩකයින් හට මෙලෙස කොරෝනා වයිරසය ආසාදනය ඇති අතර ඔවුන් දෙදෙනාම පාකිස්තාන සංචාරයට එක්වන්නට සිටි ක්‍රීඩකයින් 25 දෙනාගේ සංචිතයේ සාමාජිකයින්. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පාකිස්තානයට පිටත්ව ගිය අවසන් 20 දෙනාගේ සංචිතයට ඇතුලත්ව තිබුණේ නැහැ. 

Chakabva හා Maruma, හරාරේ හි සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි සිම්බාබ්වේ ක්‍රිකට් ඇකඩමියේ එකම කාමරයේ සිටි සගයින්. ඔවුන් දෙදෙනාගේ ආශ්‍රිතයින් සියලු දෙනාට සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය Covid-19 පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ අතර ඔවුන් දෙදෙනා සමඟ පුහුණුවීම් කළ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක්ට ද Covid-19 වැළඳී ඇතැයි ඉන් වාර්තා වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

මේ කොරෝනා බිය නිසා සිම්බාබ්වේ කණ්ඩායමේ පාකිස්තානය සංචාරයට දැඩි බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබෙනවා. සංචාරයට එක්වූ ක්‍රීඩකයින් සියලු දෙනා පාකිස්තානයට පිටත්ව යන්නට පෙර හා පාකිස්තානයට පැමිණි පසුව කොරෝනා පරීක්ෂණවලට භාජනය කර ඇති අතර ඔවුන් කිසිවෙකුට කොරෝනා වැළඳී නැතැයි ඉන් තහවුරු වී තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමේ නිරෝධායන කාලසීමාව එළඹෙන අඟහරුවාදා අවසන් වීමට නියමිත අතර ඔවුන් ඊට පෙර තවත් වතාවක් PCR පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතයි.

“Chakabva හා Maruma සහ Covid ආසාදනය වූ අනෙක් නිලධාරීන් මේ වන විට ස්වයං නිරෝධායනයේ සිටිනවා” සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීන් පවසා සිටියා. “අපි ප්‍රාර්ථනා කරනවා ඔවුන් හතර දෙනාට ඉතා ඉක්මනින් සුව වෙයි කියලා.”

CricInfo ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<