Russell LPL ගිහිං ද? මම දැනෙගන හිටියේ නැහැ – කොදෙව් පුහුණුකරු

Lanka Premier League 2020 – Coverage powered by My Cola

1152
(SportsKeeda)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එළඹෙන සිකුරාදා නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නියමිතයි. විස්සයි විස්ස ආකෘතියේ ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයෙක් වන Andre Russell එම තරගාවලිය  ක්‍රීඩා කරනවා වෙනුවට හෙට (26) ආරම්භ වන මංගල Lanka Premier League තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිතයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී Russell නවසීලන්ත සංචාරයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් එයට හේතුව ඔහු ප්‍රකාශ කර තිබුණේ නැහැ. කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු Phil Simmons පවසා සිටියේ Russell කොහේද කියා තමන් නොදන්නා බවයි.  

“ඔහු එහේ ද? ඒක මට අලුත් පුවතක්”, LPL තරගාවලියට සහභාගී වන Russell නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නොමැති ද යන්න විමසූ විට Simmons පවසා සිටියා.

“මම නවසීලන්තයට පැමිණීමෙන් පසුව ඔහුට කතා කළේ නැහැ. ඔහු IPL තරගාවලිය ක්‍රීඩා කළා කිව්වා ඉන්පසුව නම් මම ඔහු එක්ක කතා කළේ නැහැ. මම දැනන් හිටියේ නැහැ ඔහු ශ්‍රී ලංකාවේ කියලා. මට ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්නට බැහැ මම මුළු කතාවම නොදන්නා නිසා.” 

තවත් ක්‍රිකට් පුවත්:

නවසීලන්තයට යන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නම් කරද්දී Russell, Lendl Simmons හා Evin Lewis තමන් එම සංචාරයට සහභාගී නොවන බව දැනුම් දී තිබුණා. “බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ තීරණයට ගරු කරනවා, ඔවුන්ගේ මේ තීරණය ඉදිරි තෝරාගැනීම් වලට බලපාන්නේ නැහැ” කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබුණා.

“ඔහුට ඔහුගේ මනස හදාගන්න ටිකක් කල් අවශ්‍යයි කියලා Russell තරගාවලියට එක් නොවන බව පවසා සිටියා” කොදෙව් තේරීම් කමිටු ප්‍රධානි Roger Harper පවසා සිටියා.

LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියෙන් ඔහුව Colombo Kings කණ්ඩායමෙන් තෝරා ගත් පවසා ඔහු සිය ශාරීරික සුවතාවය එතරම් හොඳ නැති නිසා තමන් තරගාවලියට සහභාගී නොවන බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පසුව ඔහු තමන් තරගාවලියට එක්වන බවට තීරණය කර තිබුණා. ආබාධයක් නිසා Russellට IPL තරගාවලියේ අවසන් භාගයේ එතරම් දක්ෂතා දක්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

IPL තරගාවලියේ KKR හා Rajasthan Royals අතර පැවැත්වුණු පළමු වටයේ අවසන් තරගයෙන් පසුව Russell පවසා සිටියේ ඔහුට “කලවයේ ආබාධයක් ඇතිව තිබෙන බවයි, වෛද්‍ය වාර්තාවලින් ඒක සුව වෙන්න සති හයක් – අටක් වගේ කාලයක් යන බව කියවුනා.”

IPL තරගාවලියෙන් අනතුරුව Russell හා Chris Gayle එක්සත් අරාබි එමීර් හි නැවතී ඇති අතර ඔවුන් ඩුබායි හි රාත්‍රී සමාජශාලාවක ගත් ඡායාරූප Instagram ඔස්සේ ප්‍රසිද්ධ වී තිබුණා. LPL තරගාවලිය ආරම්භ වීමට පෙර සතියේ Russell ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.   

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<