පළමු ජාතික මුයි තායි තරගාවලියේ ජය නාවිකයන්ට

396

ලොව ජනප්‍රියතම සටන් ක්‍රීඩා අතරින් එකක් සේ සැලකෙන මුයි තායි ක්‍රීඩාව මෙරට තුළ ද ජනප්‍රිය වෙමින් පවතින බවට සාක්ෂි සපයමින් ජාතික මුයි තායි බොක්සිං තරගාවලියක් නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පසුගි යදා අවසන් විය.

යොවුන් සහ ජ්‍යෙෂ්ඨ යන වයස් කාණ්ඩ යටතේ පැවති තරගාවලියේ යොවුන් අංශයේ තරගාවලිය, “මිලාන් නිලංගන අභියෝගතා කුසලාන” ලෙසත්, ජ්‍යෙෂ්ඨ තරගාවලිය “ගාමිණී වසන්ත අනුස්මරණ ජාතික ශූරතාවය” ලෙසත් පැවැත්විය.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා සටන කෙළවර විය හැකියි. එහෙත් සටන් කලාවන් (Martial arts) …

යොවුන් තරගාවලියේ ජයග්‍රාහකයන් එළඹෙන යොවුන් ලෝක ශූරතා මුයි තායි බොක්සිං තරගාවලිය සඳහා ඉදිරිපත් කෙරෙන්නට නියමිත වූ බැවින් එය වඩා තරගකාරී විය. යොවුන් ලෝක ශූරතාවය අගෝස්තු 3 වැනිදා තායිලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා මුයි තායි බොක්සිං සංගමයේ සභාපති අශෝක ජයරත්න සහ ජාත්‍යන්තර සම්බන්ධීකාරක මිලාන් නිලංගන යන  මහත්වරුන් ඇතුළු තායිලන්ත නියෝජිතවරුන් සහ පැමිණ සිටි අමුත්තන් ඉදිරියේ තරග පැවැත්විය.

මුයි තායි ක්‍රීඩකයින් 400 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් තරග පැවැත්වුණු අතර ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාවය නාවික හමුදා ක්‍රීඩා සමාජයට හිමි විය. අනුශූරතාවය සිටි රාවණා මුයි තායි බොක්සිං සමාජය විසින් දිනා ගත්තේය.

යොවුන් අංශයේ ජයග්‍රහණය රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත් හඟුරන්කෙත මුයි තායි බොක්සිං සමාජයට හැකි විය. අනුශූරතාවය WMA ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි.

මේ අතරින් හඟුරන්කෙත මුයි තායි සංගමයේ ක්‍රීඩකයන් ගැන සිහිකිරීමේ දී පසුගිය දා යොවුන් ලෝක ශූරතා බොක්සිං තරගාවලිය නියෝජනය කළ පල්ලේබෝවල එරන්ගා ප්‍රියදර්ශනී ද සිහිවේ. සටන් ක්‍රීඩාවලට සුදුසු ශරීර සහ දරා ගැනීම අතින් ඒ පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියෙන් සිටින බව පෙනී යයි.

wolfpackboxingclubmiami.com

තායිලන්තයේ ජාතික ක්‍රීඩාව ලෙස ද සැලකෙන මුයි තායි, එසේත් නැත්නම් තායි බොක්සිං ක්‍රීඩාව දිගු ඉතිහාසයක් ඇති ආත්මාරක්ෂක සටන් ක්‍රීඩාවකි. අද ලොව ජනප්‍රියතම සටන් ක්‍රීඩා ඉසව්ව ලෙස සැලකෙන UFC සඳහා ද මෙය මනා පිටිවහලක් වී ඇත.

 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<