පාසල් සහය දිවීමේ යෂ්ටිය තවදුරටත් වලල ක්‍රීඩකයින් ග්‍රහණයට

395

2019 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශූරතාවය දෙවන දිනයටත් සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් අද (21) ක්‍රියාත්මක වූ අතර නැඟී එන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සුපිරි දක්ෂතා දිනය පුරාවටම දැක බලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමි විය.

වලල ක්‍රීඩිකාවෝ කිසිදා බිඳිය නොහැකි වාර්තාවක් තබයි

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා සැණකෙළිය අද (20) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දිනය අවසන් වන විට නව තරග…

ඊයේ රාත්‍රි කාලයේ දී සුගතදාස ක්‍රීඩාංගණය සහ ඒ අවට ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් ඇඳහැළුණු නමුත් සැලසුම් කළ පරිදි නියමිත කාලවේලාවන් වලට තරග ආරම්භ කිරීමට ක්‍රීඩාංගණ කාර්‍ය මණ්ඩලයේ සහය ද ඇතිව තරගාවලි සංවිධායක කමිටුව සමත් විය.

දිනය ආරම්භ කරමින් ක්‍රියාත්මක වූ මීටර් 800×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් මහා තරග සඳහා අවූ.18න් පහළ සහ 20න් පහළ වයස් කාණ්ඩයන් නියෝජනය කරමින් දිවයිනේ නම් දැරූ බාලක සහ බාලිකා පාසල් කිහිපයකම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් සහභාගී වී සිටියහ.

>> දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා මෙතැනින් පිවිසෙන්න <<

කෙසේ නමුත් ගත වුණු වසර කිහිපය පුරාවටම පාසල් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළ වලල ඒ. රත්නායක විද්‍යාලය මෙවරත් ඔවුන්ගේ හැකියා දක්ෂතාවන් මැනවින් විදහා දැක්වීමට සමත් වූයේ එම ඉසව්ව යටතේ පැවති අවසන් තරග හතරෙන් තුනකම ජයග්‍රහණයන් ඔවුන්ගේ නම ඉදිරියෙන් සටහන් කරගනිමිනි. එහි දී නව තරග වාර්තා දෙකක් ද බිහි කිරීමට හැකි වීම වඩාත් කැපී පෙනුණි.

ප්‍රථමයෙන්ම පැවති මීටර් 800×4 18න් පහළ බාලක අංශයේ ඉසව්ව වාර්තාගත කාලයක් තුල දී නිමා කිරීමට වලල ඒ. රත්නායක විදුහල් ක්‍රීඩකයින් සමත් වූ අතර ඉසව්ව ආරම්භයේ සිට අවසානය දක්වා ඉතාමත් හොඳ රිද්මයක් පවත්වා ගනිමින් සෙසු කණ්ඩායම් හට හොඳ අභියෝගයක් ලබා දීමට ඔවුන් වග බලාගත්තේය. දිනුම් රේඛාව අභිබවා යාම සඳහා ඔවුන් ගත කළ කාලය මිනිත්තු 8:12.99ක් සටහන් වී තිබුණි.

මීටර් 800×4 වයස අවු.18න් පහළ බාලක අවසන් තරග ප්‍රතිථලය

ස්ථානය පාසල ගත වූ කාලය (මිනිත්තු)
1 ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල 8:12.99 (නව තරග වාර්තාවක්*)
2 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොළඹ 13 8:21.83
3 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර 8:23.09

ක්‍රිකට් ක්‍රීඩාව අතහැර Track එක සොයා ආ මීටර් 200 ජාතික ශූරයා – විනෝජ් සුරංජය

ශ්‍රී ලංකාවේ මීටර් 200 ධාවන පථය දෙවනත් කළ විනෝජ් සුරංජය මෙතෙක් ආ ගමන් මග පිළිබඳව ThePapare.com…

එම ඉසව්වේ බාලිකා අංශය ද තම අණසක යටතට පවරා ගත් වලල ක්‍රීඩිකාවන් තරගය සම්පූර්ණ කිරීම සඳහා ගත කළ කාලය මිනිත්තු 9:28.80ක් ලෙස සටහන් වෙද්දී නව තරග වාර්තා පොත් අතරට ද ඔවුන්ගේ එම දස්කම ඇතුළත් කරගැනීමට ඔවුන් සමත් විය. 

එහි දෙවන ස්ථානය සඳහා ගම්පහ සිරි කුරුස විද්‍යාලය සහ රත්නපුර සුමන බාලිකා විද්‍යාලය අතර ඉතාමත් උණුසුම් සටනක් නිර්මාණය වූ නමුත් අවසානයේ දී එම ද්වන්ද සටනේ ජය හිමි වූයේ සිරි කුරුස ක්‍රීඩිකාවන් හටයි.

මීටර් 800×4 වයස අවු.18න් පහළ බාලිකා අවසන් තරග ප්‍රතිඵලය

ස්ථානය පාසල ගත වූ කාලය (මිනිත්තු)
1 ඒ.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල 09:28.80 (නව තරග වාර්තාවක්*)
2 සිරි කුරුස විද්‍යාලය, ගම්පහ 10:03.80
3 සුමන බාලිකා විද්‍යාලය, රත්නපුර 10:16.80

වයස අවු. 20න් පහළ බාලක අංශයේ මීටර් 800×4 ඉසව්ව අනෙකුත් පැවති තරගයන්ට සාපේක්ෂව ඉතාමත් සටන්කාමී ස්වරූපයක් ගත්තේ එතෙක් වේලාවක් පිටිය දෙවනත් කළ වලල ආධිපත්‍යය බිඳ හෙළීමට පීතරයින් සමත් වූ නිසාවෙනි. තරමක් ඇල් මැරුණු ස්වභාවයක් ගත් ප්‍රේක්ෂකගාරවලට නව ජීවයක් ලබා දෙමින් ආරම්භ වූ එම ඉසව්වේ ජයග්‍රහණය අවසන් මොහොත දක්වාම වලල ඒ. රත්නායක විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර දෝලනය විය.

කෙසේ නමුත් සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් අවසන් ධාවනයෙ හි නිරත වූ දිනූෂ ද සිල්වා නව තරගාවලි වාර්තාවක් ද සමඟින් තම පාසල දිනුම් රේඛාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත් විය. දිනූෂ ඇතුළු සාන්ත පීතර කණ්ඩායම මේ සඳහා ගත කළ කාලය ලෙස මිනිත්තු 7:58.62ක් ලෙස වාර්තා පොත් අතර ලියැවිණි.

මීටර් 800×4 වයස අවු.20න් පහළ බාලක අවසන් තරග ප්‍රතිඵලය

ස්ථානය පාසල ගත වූ කාලය (මිනිත්තු)
1 සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය 7:58.62 (නව තරග වාර්තාවක්*)
2 ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල 8:00.53
3 සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 8:14.18

බාලක ඉසව්වෙන් ගිලිහී ගිය වලල අභිමානය නැවත වතාවක් ප්‍රතිෂ්ඨාපනය කළ වලල විද්‍යාලයීය ක්‍රීඩිකාවන් එම ඉසව්වේ බාලිකා ශූරතාව දිනා ගත්තේ මිනිත්තු 09:48.33ක කාලයක් වාර්තා කර ගනිමිනි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට පිළිවෙළින් පොලොන්නරුව රාජකීය විද්‍යාල සහ ගම්පහ සිරි කුරුස විද්‍යාල කණ්ඩායම් සමත් විය.

මීටර් 800×4 වයස අවු.20න් පහළ බාලිකා අවසන් තරග ප්‍රතිඵල

ස්ථානය පාසල ගත වූ කාලය (මිනිත්තු)
1 ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය, වලල 09:48.33
2 රාජකීය විද්‍යාලය, පොලොන්නරුව 10:27.55
3 සිරි කුරුස විද්‍යාලය, ගම්පහ 10:50.94

මීටර් 800×4 සහය දිවීමේ ඉසව්ව අවසන් වීමෙන් අනතුරුව මීටර් 200×4, මීටර් 400×4, මිශ්‍ර සහය දිවීම සහ මීටර් 50×4 සහය දිවීමේ ඉසව්වල මූලික වටයේ තරග මෙන්ම අවසන් පූර්ව තරග අද දිනය පුරාවට ක්‍රියාත්මක වූ අතර හෙට (22) දිනයේ දී එම සියලුම ඉසව්වල අවසන් මහා තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

>> දෙවැනි දිනයේ සම්පූර්ණ ලකුණු සටහන මෙතැනින් <<

එම සෑම ඉසව්වක්ම ආවරණය කරමින් තරග ප්‍රතිඵල වාර්තා, ඡායාරූප සහ වීඩියෝ පට ඔබ හමුවේ ගෙන ඒමට ThePapare.com අපි සැඳී පැහැඳී සිටින්නෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<