පාසල් පිටියේ දක්ෂයන් තේරීමේ තරගාවලිය අවලංගු වෙයි

117
All Island School Games 2020

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාස හතරක පමණ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම නිසාවෙන් මෙම වසරට අදාළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

මලල ක්‍රීඩා පුහුණු සංචිතයක් නුවරඑළියට

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සහ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කර ගනිමින්

ඉදිරියේ දී පාසල් විවෘත කිරීමෙන් පසුව සිසුන්ට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් බාහිර ක්‍රියාකාරකම් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබුණි.

කෙසේ වෙතත් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මුල් අදියර වන කොට්ඨාස, කලාප, දිස්ත්‍රික් සහ පළාත් තරගාවලි මෙම වසරේ අප්‍රේල් මස සිට පැවැත්වීමට නියමිතව තිබුනත්, මාර්තු මාසයේ පාසල් වසා දැමීමට ගත් තීරණය නිසාවෙන් එම තරගාවලි පැවැත්වීමට හැකි වූයේ නැත.

එමෙන්ම මෙවර තරගාවලිය වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගි කරගනිමින් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සැලසුම් කර සිටියත්, මේ වන විට එම උත්සහය ද අතහැර තරගාවලිය සම්පූර්ණයෙන් අවලංගු කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඔලිම්පියන්ස්ලාට නව වරප්‍රසාදයක්

ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ සාමාජිකයන් හට ජීවිත රක්ෂණ සහතික බෙදා

සමස්ත ලංකා ක්‍රීඩා උළෙලේ ලබා ගන්නා පදක්කම් සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයේ දී ප්‍රසාද ලකුණු පවා හිමි වන අතර මෙය පිළිබඳව ලංකාදීප පුවත්පතේ කෙළිමඬල වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේ එම ප්‍රසාද ලකුණු ලබා දීම වසර තුනක් දක්වා සලකා බලන බැවින් මෙවර තරගාවලිය නොපැවැත්වීම මගින් සිසුන්ට අසාධාරණයක් සිදු නොවන බවයි.

කෙසේ නමුත් මේ දක්වා මෙම තීරණය පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර මෙම තීරණය පිළිබඳව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දැනුවත් කිරීමෙන් පසුව නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය බලධාරීන් ප්‍රකාශ කර තිබුණි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<