ICCයේ තවත් ඉසව් දෙකකට කොරෝනා හරස් වෙයි

106

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය මෙරට මෙන්ම මුළු මහත් ලෝකය පුරාම ක්‍රීඩා ඉසව් සඳහා කළ බලපෑම මෙතෙකැයි කියා නිමකළ නොහැක. ලොව පුරා ක්‍රීඩා ඉසව් ගණනාවක් කල් දැමීමට හේතු වූ මෙම COVID-19 වසංගතය හේතුවෙන් තවත් සුදුසුකම් ලැබීමේ ඉසව් දෙකක් කල් දමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (12) දින නිවේදනය කර තිබේ. 

සරේ ප්‍රාන්තයේ විශිෂ්ටතම විදෙස් ක්‍රීඩකයා සංගක්කාර

ශ්‍රී ලංකාව බිහි කළ දක්ෂතම වමත් පිතිකරුවා කුමාර් සංගක්කාර බවට කිසිදු මතභේදයක් නොමැත.

COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් මෙලෙස කල් දමා තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා තරගාවලියේ දෙවන කාණ්ඩය සහ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය යි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්තීර්ණ අවිනිශ්චිත සැලසුම් ක්‍රියාවලියේ කොටසක් ලෙස ගත් මෙම තීරණය සාමාජිකයන් සහ අදාළ රජයේ හා මහජන සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගත් බව එම කවුන්සිලය නිවේදනය කර තිබේ. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජූලි මස 03 වනදා සිට 19 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබිනි. එහිදී 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තුනක් සුදුසුකම් ලබා ගැනීමට නියමිතව තිබිනි. 

2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ යුරෝපා කලාපීය දෙවන කාණ්ඩය ජූලි මස 24 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර එය ජූලි මස 30 වනදා දක්වා ඩෙන්මාර්කයේ පැවැත්වීමට නියමිතව තිබිනි. 

ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වන මෙම තරගාවලි වේදිකා ගත කළ හැකි වන්නේ කවදාදැයි හඳුනා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම තරගාවලි සඳහා සහභාගී වන සියලුම සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සිදුවීම් අංශ ප්‍රධානී ක්‍රිස් ටෙට්ලි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබිනි.  

“මේ වෙද්දී ලොව පුරා තියෙන තත්ත්වය එක්ක සියළු සංචාර සඳහා සීමාවන් පනවා තිබෙනවා. ගෝලීය සෞඛ්‍ය තත්ත්වය එක්ක අදාල රජයන් හා බලධාරීන් එක්ක සාකච්ඡා කරලා මේ තරගාවලි කල් දැමීමට අපි තීරණය කළා. මේ තීරණය කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ 2022 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ යුරෝපා තරගාවලිය යන දෙකටම බලපා ඇත.” 

“මෙම දුෂ්කර කාලපරිච්ඡේදය තුළ අපගේ ප්‍රමුඛතාවය වන්නේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන්, ප්‍රේක්ෂකයන් සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවේම යහපැවැත්ම ආරක්ෂා කිරීමයි. සිදුවීම් කල් දැමීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපි හොඳින් දැනුවත්ව, වගකිවයුතු තීරණ ගන්න අවශ්‍යයි.” 

“2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය වගේම 2022 වසරේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ මාවතේ ආරම්භය සනිටුහන් කරන යුරෝපා සුදුසුකම් ලැබීමේ තරගාවලියත් වැදගත් ජාත්‍යන්තර තරගාවලි.” 

ඉන්දීය ක්‍රිකට් ආයතනයට රයිනාගෙන් ප්‍රබල ඉල්ලීමක්

මධ්‍යම කොන්ත්‍රාත්තුවක් නොමැති ඉන්දීය ක්‍රීඩකයින්ට විදේශීය විස්සයි විස්ස ලීග් තරගාවලි සඳහා සහභාගි වීමට ඉන්දීය ක්‍රිකට්

“ගෝලීය තත්ත්වය ආරක්ෂිත හා ප්‍රායෝගික වූ වහාම මෙම තරගාවලි නැවත පැවැත්වීමට සඳහා සුදුසු කවුළුවක් සොයා ගැනීමට අපි සාමාජිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාජිකයින්ගේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.” 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ කලාපීය කාණ්ඩ වල ඉතිරි තරගාවලි දෙක සමාලෝචනය කරමින් පවතියි. අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අගෝස්තු මස 07 වනදා සිට 14 වනදා දක්වා ටැන්සානියාවේ දීත්, ආසියානු කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය දෙසැම්බර් මස 01 වනදා සිට 09 වනදා දක්වා තායිලන්තයේ දීත් පැවැත්වීමට නියමිතය. කලාප පහේම 1 වන කාණ්ඩයේ තරග ඉසව් 2021 දී පැවැත්වීමට නියමිතය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<