පාසල් ක්‍රීඩා තරගාවලියට කොළ එළියක්

248

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කිරීමට තීරණය කර තිබේ. අප්‍රේල් 21 සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල්දැමූ අතර මාස කීපයක විධිමත් සංවිධානයකින් අනතුරුව එම තරගාවලිය ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කර සිටියා. 

කළුතර බාලිකා හා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ශූරතා

කළුතර දිස්ත්‍රික් මයිලෝ දැල්පන්දු ශූරතා තරගාවලිය පසුගිය දා වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය. එහි දී වයස….

ඒ අනුව තරග කාලසටහන හා තරග පැවැත්වෙන ස්ථාන ද අමාත්‍යාංශය විසින් නම් කර ඇත. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ක්‍රීඩා 29කින් සමන්විත වේ. 

මෙම වසරේ පාසල් ක්‍රීඩා තරගාවලිය කුරුණෑගල හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට ඒ අනුව තීරණය කර ඇත. ක්‍රීඩා ඉසව් 15ක් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ද අනෙක් තරග මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතය. 

ජිම්නාස්ටික් හා මලල ක්‍රීඩා තරග පැවැත්වීමට සුදුසුකම් නොමැති නිසා එම තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ද තීරණය කර ඇත. 

චෙස්, දැල්පන්දු, කැරම්, කබඩි, කරාටි, ශාරීරික පුහුණු, ත්‍රෝ බෝල් (Throw Ball), ක්‍රිකට් (සැහැල්ලු පන්දු), පාපැදි, එල්ලේ, රග්බි, පැසිපන්දු, වොලිබෝල් හා වෙරළ වොලිබෝල් (Beach Vollyball) තරග කුරුණෑගල දී පැවැත්වෙනු ඇත. 

බැඩ්මින්ටන්, ක්‍රිකට්, බර ඉසිලීම, මල්ලවපොර, ටයිකොන්ඩෝ, ජූඩෝ, මේස පන්දු, බොක්සිං, පාපන්දු, හොකී, ටෙනිස් හා මලල ක්‍රීඩා තරග මහනුවර දී පැවැත්වීමට නියමිතය. 

බිමන්දිගේ දස්කම්වලට ඕස්ට්‍රේලියා පුහුණුකරුගේ පැසසුම්

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ සුපිරි අට වටයේ තරග ඊයේ (18) පැවැත්වුණු අතර ශ්‍රී ලංකා පිරිමි…..

ශ්‍රී ලංකාව පුරා පැවති පළාත් තරගාවලිවල දී සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6000කට වැඩි ප්‍රමාණයක් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මහනුවරට පැමිණෙනු ඇත. මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17 සිට 21 දක්වා පැවැත්වේ. 

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර තරගාවලිය සඳහා රුපියල් මිලියන 6කට ආසන්න ප්‍රමාණයක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත. 

තරගාවලියේ සමාරම්භක උත්සවය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී ඔක්තෝබර් මස 10 වැනිදා පැවැත්වෙන අතර තරගාවලිය අවසන් කිරීම ඔක්තෝබර් මස 21 වැනිදා මහනුවර දී සිදු වනු ඇත. 

මෙවර තරගාවලියේ සියලු තොරතුරු, පුවත් හා ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<