සුමංගල – මොරටු විද්‍යාල ක්‍රිකට් මහා සටනට දින තීන්දුයි

295

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 67 වතාවටත් පැවැත්වෙන ‘රන් හටන’ මහා ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී 2019 මාර්තු 22, 23 දෙදින පැවැත්වෙන අතර 27 වැනි වතාවටත් පැවැත්වෙන එක්දින තරගය මාර්තු 24 වැනිදා එම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වීමට කටයුතු යොදා ඇත මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ සිංගර් ශ්‍රී ලංකා ආයතනයයි.

පීතරයින් සහ ජෝසප්වරුන් මීළඟ වටයට සුදුසුකම් ලබති!

සිංගර් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් අද (05)….

මෙම පාසල් අතර පැවැත්වුණු පළමු මහා ක්‍රිකට් තරගය වර්ෂ 1934 දී පවත්වා තිබේ. 2018 වර්ෂය වන තුරු පාසල් දෙක අතර පැවැත්වුණු දෙදින පාසල් මහා තරග 66න්, සුමංගල විද්‍යාලය තරග 8ක් ද, මොරටු මහා විද්‍යාලය තරග 7ක් ද ජයගෙන තිබෙන අතර ඉතිරි තරග 51 ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

මෙවර සුමංගල කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජනිඳු ඉනුවර විසිනි. ඔහු වර්ෂ 1981 දී සුමංගල විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායක වූ සමන් කුමාරගේ පුතු වන අතර ඔහුගේ සොයුරු කැලුම් සංජිවත් 1986 දී නායකත්වය දැරීය. මෙලෙස එකම පවුලකින් පරම්පරා දෙකක නායකයින් සිටීම සුමංගල විද්‍යාලයේ සිදුවන්නේ පළමු වතාවටය.

මේ මහා තරගය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වුණු මාධ්‍ය හමුව ඊයේ (5) කොළඹ දී පැවැත්වුණු අතර එහි දී ThePapare.com වෙත අදහස් දැක්වූ සුමංගල විද්‍යාලයේ නායක ඉනුවර,

අපි මේ මහා තරගයේ හා එක්දින තරගයේ යා තරග දෙකේම ඉදිරියෙන් ඉන්නවා. මොරටු මහා විද්‍යාල කණ්ඩායමත් අපට ලෙහෙසියට ගන්න බැහැ. ඔවුන්ගේ කණ්ඩායමත් ඉතාමත් හොඳයි. අපි මේ මහා තරගයේ දී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා පාසලට අභිමානයක් රැගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

>>Photos: Sri Sumangala College U19 Cricket Team Preview 2018/19<< 

දකුණතින් පිතිකරණයේ නිරත වන කඩුලු රකින ආරම්භක පිතිකරුවෙක් වන නිශාන් මධුෂ්ක මොරටු මහා විද්‍යාලය කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ඔහු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.

“අපේ කණ්ඩායම මේ තරග දෙකම ජයග්‍රහණය කරලා තරග ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ සමකරන්න බලාපොරොත්තු වෙනවා. සුමංගල විද්‍යාලයත් මේ පාසල් මහා තරගය ලේසියට ගන්න එක්ක නැහැ. කොහොම වුනත් අපේ කණ්ඩායමේ ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා. මම හිතනවා පාසල් මහා තරගයේ දී ඔවුන් ඔවුන්ගේ උපරිමය අපේ කණ්ඩායමට දෙයි කියලා.” යැයි මොරටු මහා විද්‍යාලයේ නායක නිශාන් ThePapare.com වෙත අදහස් දක්වමින් පවසන ලදි.

Video – වසර 12ක් තිස්සේ පළමු කාණ්ඩයේ සිටින – මොරටු මහා විද්‍යාලය 2018/19 Preview

පසුගිය වසරේ පැවැත්වුණු සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික….

67 වැනි මහා රන් සටන මෙවර සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී සුමංගල විද්‍යාලය හා එහි ආදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයයි. සුමංගල විද්‍යාලයේ විදුහල්පතිතුමා වන දිමුතු දෙරණගොඩ මහතා, පුහුණුකරු මනෝජ් චානක මහතා, මොරටු මහා විද්‍යාලයේ හේමසිරි අතාවුදගේ විදුහල්පතිතුමාත්, පුහුණුකරු ප්‍රසන්න දිසානායක මහතාත් ඉහළ විනයකින් මේ මහා තරගය පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටී.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වුණු මේ හමුව සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන ආයතනවල නිලධාරීන්ට (සිංගර්, මැලිබන්, මාස් වන්) අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, විද්‍යාල ද්විත්වයේම ආදී සිසුන්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

>>Photos: Moratu Maha Vidyalaya – Sri Sumangala College | Annual Cricket Encounter 2019 – Press Conference<<

මේ මස 24 වැනිදා පැවැත්වෙන මේ පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමයේ එක්දින තරගය ThePapare.com, ඩයලොග් TV හා MyTV ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. එක්දින තරගයේ සජීවී විකාශනයට අමතරව දෙදින තරගයේ පෙර විමසුම්, තරග සේයා රූ , තරග වාර්තා ඇතුළු තවත් තතු රැසක් ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<