මීළඟ රග්බි ලෝක කුසලානයේ සත්කාරකත්වය කෝඩුකාරයෙකුට

278

2022 වසරේ දී පැවැත්වීමට නියමිත එළඹෙන සත් සාමාජික රග්බි ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ ‘Cape Town’ නුවර දී පැවැත්වෙනු ඇති බව ඊයේ (29) ලෝක රග්බි කවුන්සිලය දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 

ලෝක කුසලානය පෙරලූ අමුතු කොණ්ඩකාරයා

සිනහවක් මුහුණේ රඳවා ගෙන විශ්වාසයෙන් යුතුව ප්‍රතිවාදීන් සුනුවිසුනු කරන නවසීලන්තයේ නවතම…

2016 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් වරම් දිනා ගත් සත් සාමාජික රග්බි ක්‍රීඩාව එළඹෙන 2020 වසරේ දී ජපානයේ ‘Tokyo’ නුවර දී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට ද ඇතුළත් කර ඇති අතර ඒ අනුව මේ ආකාරයට 2022 සත් සාමාජික රග්බි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවී ඇත්තේ ක්‍රීඩාව නව ජයග්‍රහණ කරා යොමු වන යුගයක දී ය.

‘Tokyo’ නුවර පැවති ලෝක රග්බි කවුන්සිලයේ රැස්වීමකින් අනතුරුව දන්වා ඇති පරිදි දින තුනක් පුරාවට දිවෙන මෙම තරගාවලිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ප්‍රේක්‍ෂකයින් 55,000ක ධාරිතාවක් සහිත ‘Cape Town Stadium’ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. 

තවදුරටත් මේ සඳහා පිරිමි කණ්ඩායම් 24ක් ද, කාන්තා කණ්ඩායම් 16ක් ද එක්වීමට නියමිතව ඇති අතර තරගාවලිය පැවැත්වෙන දින නිශ්චිතව ම තවමත් ප්‍රකාශයට පත්කර නැත. 

2018 වසරේ දී ඇමෙරිකාවේ ‘Las Vegas’ නුවර දී පවත්වනු ලැබූ පසුගිය සත් සාමාජික රග්බි ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට ප්‍රබල නවසීලන්තය සමත් වූයේ එම ශූරතාව අඛණ්ඩව දෙවන වරටත් දිනා ගනිමිනි. එය ඔවුන් එම ශූරතාව ජයග්‍රහණය කළ සමස්ත තෙවැනි අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්විය.       

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<