ඇෆ්ගන්වරුන්ට එරෙහි A කණ්ඩායමේ දක්ෂතා

52
Afghanistan A Tour of Sri Lanka

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය අවසන් වූයේ 3-2ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව සතු කර ගනිමිනි.

එම තරගාවලියේ පළමු තරග ත්‍රිත්වයේ ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු කර ගන්නා අතර ඉතිරි තරග ද්විත්වයේ ජයග්‍රහණ සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සතු කර ගත් හ.

1 වැනි තරගය – ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයක්.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 304 (50.0) නුවනිඳු ප්‍රනාන්දු 83, නිශාන් මධුශ්ක 72, Bilal Sami 4/51, Mohammad Saleem 3/63

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 277 (48.0) Riaz Hassan 100, Darwish Rasooli 75, සහන් ආරච්චිගේ 3/40

2 වැනි තරගය – ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 8ක ජයක්.

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 121 (27.2) Qais Ahmad 46, මොහොමඩ් ශිරාෂ් 2/17, සහන් ආරච්චිගේ 2/23

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 2ක් දැවී 104 (15.2) කමිල් මිෂාර නොදැවී 45

3 වැනි තරගය – ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්.

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 185 (41.2) Zia-ur-Rehman 36, මොහොමඩ් ශිරාෂ් 3/31

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 186 (37.3) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 84, Mohammad Saleem 3/32

4 වැනි තරගය – ඇෆ්ගනිස්තානයට කඩුලු 4ක ජයක්.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 275 (50.0) නිශාන් මධුශ්ක 115, සොනාල් දිනූෂ 78, Bilal Sami 3/54

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 276 (49.4) Riaz Hassan 106, Zubaid Akbari 68, දුශාන් හේමන්ත 2/39

5 වැනි තරගය – ඇෆ්ගනිස්තානයට කඩුලු 5ක ජයක්.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 197 (43.0) පසිඳු සූරියබණ්ඩාර 70, Naveed Zadran 4/45

ඇෆ්ගනිස්තාන A ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 198 (45.0) නොදැවී Riaz Hassan 74, මොහොමඩ් ශිරාෂ් 2/23

තරගාවලියේ වැඩිම ලකුණුලාභී ක්‍රීඩකයෝ

මෙම ලැයිස්තුවේ ඉහළ ස්ථාන කිහිපයක් ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් අත්-පත් කර ගැනීම කැපී පෙණෙන සිදු වීමක් බවට පත් වුනි. නිමා වූ තරග 5 දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 18 දෙනෙක්ට ප්‍රතිවාදීන් හා තරග කිරීමට අවස්ථාව හිමි වූ අතර එහි දී තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් පළමු 10 දෙනා අතරට ශ්‍රී ලාංකික පිතිකරුවෝ 5 දෙනෙක් ම ඇතුලත් වීම කැපී පෙණුනි.

289: ඇෆ්ගනිස්තානයේ 21 හැවිරිදි වියේ පසුවෙන Riaz Hassan නිමා වූ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් විය. ඔහු මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම සඳහා තරග 5 ම ක්‍රීඩා කළ අතර ශතක 2ක් ද ඊට එක් කළේ ය.

එම ශතක අතුරින් ඔවුන් සිවු වැනි තරගයේ දී පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 106 ඔහුගේ තරග 28ක් වන පළමු පෙළ එක්දින තරගවල ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගැනීමට සමත් වූයේ ය.

එමෙන් ම මෙම තරග සංචාරයේ දී ඔහු තම පළමු පෙළ එක්දින තරගවල (List A) ලකුණු 1000 කඩඉම පසු කිරීමට සමත් වීම කැපි පෙණුනි. මේ වන විට ඔහු පළමු පෙළ එක්දින තරග 28කට සහභාගී වෙමින් ශතක 3ක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1207ක් ලබා සිටී.

227: තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් කර ගැනීමට 24 වැනි වියේ පසුවෙන නිශාන් මධුශ්ක සමත් වූවේ ය. ඔහු තරග 5කට ක්‍රීඩා කරමින් සිවු වැනි තරගයේ දී ලත් ශතකයත් සහ පළමු තරගයේ දී ලත් අර්ධ ශතකයත් සමඟින් ලකුණු 227ක් ලබා ගනිමින් එම ලැයිස්තුව හා එක් වුනි.

164: මෙම ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි වෙන්නේ 24 වැනි වියේ පසුවෙන පසිඳු සූරියබණ්ඩාර වෙතයි. ඔහු මෙම තරගාවලිය හා එක් වෙන්නේ තෙවැනි තරගයේ සිට වන අතර එම තරගයේ දී නොදැවී ලකුණු 84ක් ලබා ගනිමින් ඔහු ලකුණු අතරට පිවිසෙන්නේ ය. ඊට අමතර පරාජිත අවසන් තරගයේ දී ද ඔහු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වෙන්නේ මෙම තරගාවලියේ අර්ධ ශතක ද්විත්වයක් වාර්තා කළ එක ම පිතිකරුවා ද වෙමිනි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය බවට පත් ව තිබුණේ 82.00කි.

මීට අමතර ව ශ්‍රී ලංකාව වෙනුවෙන් 23 හැවිරිදි වියේ පසුවෙන කමිල් මිෂාර (135) සහ 23 වැනි වියේ පසුවෙන සොනාල් දිනූෂ (124) ද ලකුණු අතර සිටි පිතිකරුවන් ලෙසින් වර්ගීකරණය ලක් වුනි.

115: තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වන්නේ ද නිශාන් මධුශ්කයි. ඔහු සිවු වැනි තරගයේ දී පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 115ක් ලබා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළේ ය.

තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් 10 දෙනා අතර කණ්ඩායම් 2 ක්‍රීඩකයෝ 5 දෙනෙක් බැගින් එක් ව තිබීම කැපී පෙණුනි.

9: සංචාරක කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Bilal Sami තරගාවලියේ වැඩිම කඩුලුලාභීයා බවට පත් වූවේ ය. තවමත් 20 හැවිරිදි වියේ පසුවෙන ඔහු පළමු පෙළ එක්දින තරග පිටියේ තරග 15ක පමණක් අත්දැකීම් සපිරි ක්‍රීඩකයෙකි.

8: දකුණතින් මඳ වේග පන්දු යවන ශ්‍රී ලංකාවේ මොහොමඩ් ශිරාස් මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් පළමු අසුනට හිමිකම් කියමිනි. ඔහු මෙම තරගාවලියේ 3 වැනි තරගයේ දී ලකුණු 31කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර එය ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් මෙම තරගාවලියේ දී පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වූවේ ය.

7: දුශාන් හේමන්ත මෙම දක්ෂතා ලැයිස්තුවේ 3 වැනියා බවට පත් වූයේ ය. දඟ පන්දු යවන්නන් අතුරින් මෙම ලැයිස්තුවේ ඉදිරි පෙළ ට එක් වූ පළමු වැන්නා බවට පත් වීමට ද ඔහු සමත් විය.

අනතුරු ව කඩුලු 7ක් දවා ගත් ඇෆ්ගනිස්තානයේ Mohammad Saleem ද සහ කඩුලු 6ක් දවා ගත් Qais Ahmad ද මෙම ලැයිස්තුවේ සිවු වැනි සහ 5 වැනි ස්ථානවලට පත් දක්ෂතාවන් දැක් වූ හ.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 5ක් දවා ගත් සහන් ආරච්චිගේ සහ කඩුලු 3ක් බැගින් දවා ගත් සොනාල් දිනූෂ සහ චාමික ගුණසේකර ද මෙරට පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූ ලැයිස්තුවට එක් වූ හ.

4/45: සංචාරක කණ්ඩායමේ 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන Naveed Zadran තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු කර ගැනීමට සමත් වූවේ ය.

ඔහු දෙරට අතර පැවැති අවසන් තරගයේ දී පෑ මෙම දක්ෂතාව ඔහුගේ තරග 9ක් වන පළමු පෙළ එක්දින තරගවල හොඳම දක්ෂතාව බවට ද පත් වූයේ ය.

වෙනත් දක්ෂතා

304/8 (50.0): කණ්ඩායම් 2 අතුරින් තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වීමට ශ්‍රී ලංකාව සමත් විය.

581/15 (98.0): දෙරට ක්‍රීඩකයෝ එක් තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූයේ පළමු තරගයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි. එහි දී ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 304ක් ද සහ ඇෆ්ගනිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 277ක් ද ලෙසින් ලබා ගනිමින් මෙම ලකුණු සංඛ්‍යාවට පිවිසියේ ය.

දෙරට අතර පැවැත්වෙන නිල නොලත් සිවු දින ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ P. Sara Oval පිටියේ දී පැවැත්වේ.

එම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<