31 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතය නම් කරයි

285

2021 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පළමු වටයේ පළමු තරගය මැකාවු සමඟින් තරග වැදීමට නියමිත අතර අදියර දෙකකින් පැවැත්වීමට නියමිත මෙම තරගයේ පළමු අදියර ජුනි මස 6 වැනිදා පැවැත්වීමට නියමිතයි. දෙවන අදියර එයට දින 5 කට පසු කොළඹ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මෙම සුදුස්සන් තේරීමේ තරගාවලියේ දී B කාණ්ඩයේ තරග වැදීමට නියමිතයි.

“ශ්‍රී ලංකාවටත් පාපන්දු පුළුවන් කියලා අපි පෙන්වනවා” – ජස්වර් උමාර්

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හා 2023 ආසියානු කුසලානයේ මූලික තේරීම් තරගාවලි වල කණ්ඩායම් තේරීම….

ආසියානු ශ්‍රේණිගත කිරීම් හි අවසන් ස්ථානය ලබාගෙන ඇති ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම් හි 201 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා 31 දෙනෙකුගෙන් යුත් සංචිතය පසුගිය දා නම් කරන ලදි.

2018 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති SAFF Suzuki Cup තරගාවලියට සහභාගී වූ සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද මෙම සංචිතයට නම් කර ඇති අතර එම තරගාවලියට සහභාගි නොවූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද සංචිතයට ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගිය දා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප පුහුණුකරු ලෙස ජනක සිල්වා පත් කිරීමට පියවර අතර තවමත් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ පකීර් අලී මහතාය.

31 දෙනෙකුගෙන් යුත් පාපන්දු සංචිතය

සුජාන් පෙරේරා (Club Eagles – මාලදිවයින), රසීක් රිශාඩ් (රිනවුන් ක්‍රීඩා සමාජය), මොහොමඩ් ලුත්ෆි (යුද හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ඉශාන් (සොලිඩ් ක්‍රීඩා සමාජය), මනරම් පෙරේරා (නාවික හමුදා ක්‍රීඩා සමාජය), චරිත රත්නායක (කොළඹ ක්‍රීඩා සමාජය), ඩක්සන් පියුස්ලාස් (නිව් යංග්ස් ක්‍රීඩා සමාජය), මරියතාස් නිත්‍රාසන් (රිනවුන් ක්‍රීඩා සමාජය), කවිඳු ඉශාන් (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), හර්ශ ප්‍රනාන්දු (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ෆසාල් (කොළඹ ක්‍රීඩා සමාජය), ජූඩ් සුමාන් (රිනවුන් ක්‍රීඩා සමාජය), සසංක ඩිල්හාර ජයසේකර (රත්නම් ක්‍රීඩා සමාජය), පැතුම් විමුක්ති (රෙඩ් සන් ක්‍රීඩා සමාජය), ශබීර් රසෝනියා (පොලිස් ක්‍රීඩා සමාජය), මොහොමඩ් ශහීල් (නාවික හමුදා ක්‍රීඩා සමාජය), මොහොමඩ් ආකිබ් (රිනවුන් ක්‍රීඩා සමාජය), මොහොමඩ් මුස්තාක් (නිව් ස්‍ටාර් ක්‍රීඩා සමාජය), සුන්තරාශ් නිරේශ් (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය), මොහොමඩ් ඉජාස් (යුද හමුදා ක්‍රීඩා සමාජය), චලන චමීර (සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය), මොහොමඩ් වසීත් (යුද හමුදා  ක්‍රීඩා සමාජය), අබ්දුල් ‍රහුමාන් ඉසදීන් (Prisons ක්‍රීඩා සමාජය), සහයරාජා රුචී (St. Lucia’s), කීර්ති කුමාර (යුද හමුදා ක්‍රීඩා සමාජය), කලීඩ් අස්මිල් (ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය), මදුශාන් ද සිල්වා (යුද හමුදා ක්‍රීඩා සමාජය), දිලීප් පීරිස් (රිනවුන් ක්‍රීඩා සමාජය), නවීන් ජූඩ් (ජාවා ලෙන් ක්‍රීඩා සමාජය), සෙබෙස්තියම්පිල්ලෙයි ජේසුතාසන් (යුද හමුදා ක්‍රීඩා සමාජය), හැමිල්ටන් මාවින් (Eastbourne Borough ක්‍රීඩා සමාජය – එංගලන්තය)

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ජුනි 6 වැනිදා මැකාවු සමඟින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<