ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය යොවුන් ආසියානු කුසලානය ආසන්නයට

120

අටවැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (7) කොළඹ දී පැවැත්වුණු අතර එහි දී ඉන්දීය හා ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය. ඔවුන් හමුවේ පිළිවෙළින් පාකිස්තාන හා කුවේට් කණ්ඩායම් පරාජයට පත් විය.

ඇෆ්ගනිස්ථානය පෙරළිකාර දස්කම් දක්වද්දී ඉන්දියාවත් දස්කම් අතරට

8 වැනි වරට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක අද (5) කොළඹ දී පැවැත්වුණු අතර

එනිසා මෙවර යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වැදුණු ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානය කණ්ඩායම් දෙක තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඉන්දියාව හා පාකිස්තානය 

ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් මේ තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී නිමාවට පත්වූ අතර එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 60ක ජයක් ලබා ගැනීමට සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පළමු කඩුල්ල ලෙස ලකුණු 3ක් ලබා සිටි සුවෙක් පාකර් දැවී ගියේය. 

ඉන් අනතුරුව පිටියේ එක්වූ දකුණතින් පිතිකරණයේ නිරත වන අර්ජුන් අසාඩ් හා වමතින්  පිතිකරණයේ නිරත වන ටිලක් වර්මා දෙවන කඩුල්ල සඳහා ලකුණු 183ක සබඳතාවයක් ගොඩනංවමින් පාකිස්තානු පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාම ශතක ලාභීන් බවට පත් විය. 

පසුගිය දා කුවේට් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ද අර්ධ ශතකයක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අසාඩ් මේ තරගයේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 111ක් තුල ලකුණු 121ක් වාර්තා කර ගත් අතර එම මනරම් ඉනිමට 4 පහර 11ක් හා 6 පහර 4ක් ඇතුළත් විය. 

ඔහුට සහාය වෙමින් අනෙක් අන්තයෙන් ඉනිම සවිමත් කළ වර්මා 4 පහර 10ක් හා 6 පහරක් එල්ල කරමින් ලකුණු 110ක් රැස්කර ගන්නා ලදි. ඔවුන් දෙදෙනා ලබා ගත් ශතක දෙක හැරෙන්නට ඉනිමේ අනෙක් වැඩිම ලකුණ බවට සටහන් වූයේ ශශ්වට් රාවට් ලබා ගත් ලකුණු 18යි. 

Photos: India Vs Pakistan | Under 19 Asia Cup 2019

ඉන්දියාව ලබා ගත් ලකුණු 305ට පිළිතුරු ලෙස පාකිස්තාන මුල් පෙළ පිතිකරුවන් කිහිප දෙනා ලකුණු අතරට පැමිණියත් අතර්වා අන්ක්ලෝකර්ගේ පන්දු යැවීම හමුවේ අසරණ වූ පාකිස්තානු මැදපෙළ පිතිකරුවන් හට ලකුණු අතරට පිවිසීමට වරම් නොවීය. 

කෙසේ නමුත් සිය කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ශතකයක් වාර්තා කර ගත් රොහෙයිල් නසීර් ලකුණු 117ක් වාර්තා කළේය. පන්දු 108ක් පුරාවට දියත් වුනු එම ඉනිම සඳහා 4 පහර 12ක් හා 6 පහර 3ක් අන්තර්ගත විය. 

පාකිස්තානු කණ්ඩායම ලකුණු 53කට කඩුලු 3ක් බිඳ වැටී සිටි මොහොතේ දී නායක නසීර් සමඟ අනෙක් අන්තයෙන් එක්කාසු වූ හැරිස් ඛාන් ලකුණු 43ක් ලබා ගනිමින් නසීර්ගේ ශතක ඉනිම සඳහා සිය සහාය දක්වන ලදි. 

සිය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමටත් පෙර සියල්ලන්ම දැවී ගිය පකිස්තානුවන් හට වාර්තා කර ගැනීමට හැකි වූයේ ලකුණු 245ක් පමණි. පන්දු යැවීමේ දී  අන්ක්ලෝකර් ලකුණු 36කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

මේ තරගය ආරම්භ වීමට පෙර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හා තරග සංවිධායක නිලධාරීන් ඊයේ (6) පාකිස්තානයේ ලාහෝර් නුවර දී අභාවප්‍රාප්ත වූ දක්ෂ පා දඟපන්දු යවන ක්‍රීඩක අබ්දුල් කාඩියාර් වෙනුවෙන් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සුවිශේෂී වේ.

ඉන්දියාව – 305/9 (50): අර්ජුන් අසාඩ් 121, ටිලක් වර්මා 110, නසීම් ශා 3/52, අබ්බාස් අෆ්රිඩි 3/72.

පාකිස්තානය – 245 (46.4): රොහෙයිල් නසීර් 117, හැරිස් ඛාන් 43, අතර්වා අන්ක්ලෝකර් 3/36.

ඉන්දියාවට ලකුණු 60ක ජයක් 

Video – ලසිත් මාලිංගගෙන් ක්‍රීඩකයින්ට උපදෙස් රැසක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තෙවන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (6) පැවැත්වෙනවා. එම

ඇෆ්ගනිස්ථානය හා කුවේට්

A කාණ්ඩයේ තවත් තරගයක් වූ මේ තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී නිමා වූ අතර තරගයේ ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූයේ පන්දුවාර 40කුත් පන්දු 2ක් පමණි. 

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යැවීමට තීරණය කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට් භව්සාර් ඇතුළු කුවේට් කණ්ඩායම ලකුණු 85කට සීමා විය. පන්දු යැවීමේ දී පසුගිය දා පාකිස්තානය සමඟ පැවති තරගයේ දී ද කඩුලු තුනක් දවා ගත් ශෆිකුල්ලා ගෆාරි මේ තරගයේ දී ද ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ දී ම ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින් මෙම තරගයට පැමිණි ඇෆ්ගන් ක්‍රීඩකයෝ තමන් වෙත ලැබුණු ලකුණු 86 පහසු ඉලක්කය පන්දුවාර 12කුත් පන්දු 5ක් අවසානයේ සපුරා ගැනීමට සමත් වූහ. 

එහිදී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවෙකු වන ෆර්හාන් සාකිල් ලකුණු 38ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව රහමනුල්ලා ලකුණු 28ක් ලබා ගත්තේය. 

කුවේට් – 85 (27.3): මීට් භව්සාර් 20, ශෆිකුල්ලා ගෆාරි 3/12.

ඇෆ්ගනිස්ථානය  – 86/3 (12.5): ෆර්හාන් සාකිල් 38, රහමනුල්ලා 28.

ඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක් 

තරගාවලියේ තවත් තරග දෙකක් පහත සඳහන් පරිදි හෙට (8) පැවැත්වෙන අතර තරග සියල්ලම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 10ට ආරම්භ කිරීමට නියමිතයි.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා අරාබි එමීර් රාජ්‍ය 19න් පහළ කණ්ඩායම – කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී 
  • බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම හා නේපාල 19න් පහළ කණ්ඩායම – පී. සරා ඕවල් පිටියේ දී

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<