Mini මැරතන් තරගයේ ජයග්‍රහණ ඉන්දියාවට

184

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ මැරතන් තරගයක් පසුගිය සෙනසුරාදා (22) ශ්‍රී ජයවර්ධනපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා.

කිලෝමීටර් 21ක දුරකින් සමන්විත වූ මෙම තරගය දියත උයන අසලින් ආරම්භ වූ අතර එහි පිරිමි තරගයේ ජය පැය 1:05.02ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දීය ක්‍රීඩක කාර්තික් කුමාර් හට හිමි වුනා.

දෙවැනි ස්ථානය පැය 1:07.15ක කාලයකින් තරගය අවසන් කළ ඉන්දීය ක්‍රීඩක ධර්මේන්දන් විසින් දිනා ගද්දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කේ. ශර්මුස්ග්‍රේස්වරන් පැය 1:07.28ක කාලයකින් තරගය අවසන් කරමින් තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

කාන්තා මැරතන් තරගයේ ද ඉන්දීය නාමය ඔසවා තැබූ ඉන්දීය ක්‍රීඩිකා සංජීවම් බාවුරාවෝ යාදෙව් එය ජය ගත්තේ පැය 1:16.06ක කාලයකින් තරගය නිමා කරමිනුයි. එහි දෙවැනි ස්ථානය පැය 1:19.48ක කාලයකින් තරගය අවසන් කළ නාවික හමුදා ක්‍රීඩිකා එම්. පෙරේරා සතු වෙද්දී, පැය 1:21.00ක කාලයකින් තරගය අවසන් කළ යොවුන් ක්‍රීඩිකා චාමිනී හේරත් තෙවැනි ස්ථානය දිනා ගත්තා.

මෙම මැරතන් ඉසව්වට සමගාමීව කිලෝමීටර් 5ක දුරකින් යුත් ධාවන තරගයක් පැවති අතර එහි ජයග්‍රහණය හිමි වුනේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දුලක්ෂ මධුෂාන් හටයි.

එහි දෙවැනි ස්ථානය කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විහඟ ප්‍රමෝද් විසින් දිනා ගැනීමට සමත් වෙද්දී, දිවුලපිටිය ශ්‍රී ඥානෝදය මහා විද්‍යාලයීය ක්‍රීඩක අනුෂ්ක ලක්ෂාන් තෙවැනි ස්ථානය හිමිකර ගත්තා.

එම ඉසව්වේ කාන්තා අදියරේ ජය හිමි වුනේ මීගමුව නිමල මරියා බාලිකා විද්‍යාලයේ ඕෂධනී නිලුමිකා හටයි. කුලියාපිටිය තලන්කන්ද මහා විද්‍යාලයේ අයේෂා සඳුනිට එහි දෙවැනි ස්ථානත්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ රශ්මි අමන්දාට එහි තෙවැනි ස්ථානයත් හිමි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<