ජාතික මහා ක්‍රීඩා උළෙලට කොළ එළියක්

ජාතික මහා ක්‍රීඩා උළෙල 2022

245

කොරෝනා වසංගතය නිසාවෙන් වසර කිහිපයක් පැවැත්වීමට නොහැකි වූ “ජාතික මහා ක්‍රීඩා උළෙල” මෙම වසරේ දී පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබූ බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.

සිය Facebook පිටුවේ මේ පිළිබඳව සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, මෙම වසරේ ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වන බව සතුටින් දැනුම් දීමට කැමති බවයි.

කොරෝනා නිසාවෙන් පසුගිය වසරවල ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට අපිට නොහැකි වුනා. කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට අවසර ලබාගෙන ඇති අතර නැවත වරක් ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් පෙන්වීමට මෙය කදිම අවස්ථාවක්”, යැයි සඳහන් කර තිබුණා.

ජාතික ක්‍රීඩා පිටියේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ජාතික මහා ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2019 වසරේ දී වන අතර ඉන්පසුව 2020 මුල් භාගයේ සිට වරින් වර මෙරට ව්‍යාප්ත වූ කොරෝනා වසංගතය නිසාවෙන් වසර දෙකක් එය පැවැත්වීමට හැකි වුනේ නැහැ.

ඒ අනුව වසර දෙකකට පසුව ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේ දී පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන දින වකවානු පිළිබඳව තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<