ප්‍රංශ ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගයකට ශ්‍රී ලාංකික කණ්ඩායමක්

France Cricket League - Regional T-20 ශූරතා තරගාවලිය 2021

756

ප්‍රංශයේ වාර්ෂිකව පැවැත්වෙන France Cricket League – Regional T-20 ශූරතා තරගාවලියේ අවසන් තරගය අද (25) UIF EVRY සහ AS EVRY කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය​ට කාණ්ඩ 3ක් ඔස්සේ කණ්ඩායම් 18ක් සහභාගී වනවා.

GROUP A  – AULNAY, TUSKERS ASNIERES, USCA, FRANCE STAR, SARCELLES, BENGAL TIGERS

GROUP B – DREUX, PARIS KNIGHT RIDERS, ROYALS 94, COLOMBES, UIF EVRY, FRANCE GYMKHANA

GROUP C – VIPERS GRIGNY, FRIENDS CLUB AUBERVILLIERS, VILLIERS LE BEL, FRANCILIEN, RISING STARS AUBERVILLIERS, AS EVRY

තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා සිටින AS EVRY කණ්ඩායම ශ්‍රී ලාංකිකයින් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් වීම මෙහි තිබෙන සුවිශේෂිත්වය වෙනවා.

එසේම දැනට මේ තරගාවලියේ දක්ෂතා දක්වමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගෙන සිටින්නේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වන මහේෂ් කුමාර වන අතර ඔහු තරග 6ක දී ලකුණු 241ක් ලබාගෙන සිටිනවා.

එහි සිව්වැනි තැන සිටින්නේ තරග 6ක දී ලකුණු 211ක් ලබා ගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙක් වන තරංග ප්‍රසාද්ය.

එසේම තරග 4ක දී කඩුලු 9ක් දවාගෙන තිබෙන අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රොෂාන් ප්‍රදීප් දැනට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 7 වැනි ස්ථානයේ සිටිනවා. ඔහුගේ හොඳම පන්දු යැවීමේ දස්කම ලෙස සටහන් වන්නේ ලකුණු 20ට කඩුලු 4ක් දවා ගනිමයි.

පන්දු රැකීමේ අංශයෙන් දක්ෂතා දැක්වූ තරංග ප්‍රසාද් උඩපන්දු 9ක් ලබා ගනිමින් එම අංශයේ පෙරමුණ ගෙන සිටින අතර මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දුලාන් පෙරේරා උඩපන්දු 7ක් සහ ස්ටම්ප්ස් කිරීමක් සමඟින් එහි දෙවැනි ස්ථානයේ පසුවනවා.

AS EVRY කණ්ඩායම් නායක දේශාන් ජයසිංහත් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් වටිනාම ක්‍රීඩකයින් ලැයිස්තුවේ නම රඳවාගෙන සිටිනවා.

ප්‍රංශ ක්‍රිකට් ලීගය ජය ගැනීමේ අරමුණින් තරග වදින ශ්‍රී ලාංකිකයින් රැසක් සිටින AS EVRY කණ්ඩායමේ සාමාජිකයින්:

දේශාන් ජයසිංහ (නායක), මහේෂ් කුමාර, තරංග ප්‍රසාද්, රොෂාන් ප්‍රදීප් ,දුලාන් පෙරේරා, සිදත් ප්‍රියන්ත, එම්. දිනේෂ්, අමන්ද නිර්මාල්, ට්‍රේවීන් කෙලර්, පසිඳු තාරක, රසල් බර්නාර්ඩ්, මලිත් හසින්ත

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<