ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට ඩිජිටල් යෙදුමක්

104

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරු අධ්‍යාපන යෙදුමක්’ හඳුන්වා දී තිබෙනවා. එමඟින් ජංගම දුරකථන හෝ පුද්ගලික පරිගණකයක් භාවිතා කරමින් තම නිවසේ සිටම පුහුණුකරුවන්ට ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කරගැනීමට අවස්ථාව හිමිවී ඇත. මෙම සේවාව මේ දිනවල පවතින තත්ත්වය නිසා වඩාත් ඉල්ලුමක් සහිත ඩිජිටල් පහසුකමක් ලෙස හඳුන්වා තිබේ. 

අශ්වින් හා දෝනි නව තාක්ෂණයෙන් පුහුණු කිරීම් අරඹයි

කොරෝනා හෙවත් COVID-19 වසංගතය මධ්‍යයේ අඛණ්ඩව සිදු වන අගුළු දැමීමේ කාලය තුළ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක……………..

Google Play හා Apple App Store වෙතින් නොමිලේ බාගත කරගත හැකි මෙම නව යෙදුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන, සමාජ ශාලා, පළාත්, දිස්ත්‍රික් හා පාසල් මට්ටමේ පුහුණුකරුවන් සඳහා විවෘතව පවතී. ඔවුන් හැරුණු විට පුද්ගලික ඇකඩමි පවත්වන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද පුහුණු බලපත්‍රයක් දරණ පුහුණුකරුවන්ට මෙම පුහුණුකරු අධ්‍යාපන යෙදුම භාවිතා කළ හැකිය.

“නව යෙදුම මඟින් පුහුණුකරුවන්ට ඔවුන්ගේ කාලය සමඟ වඩාත් වටිනා ආකාරයකින් කටයුතු කිරීමට හැකියාව ලැබේවි. එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හඳුන්වා දීමට ලැබීම සතුටට කරුණක්.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න මහතා පැවසීය.

අලුතින් සාදන ලද යෙදුමේ අධ්‍යාපන ලිපි, online ඉගනුම් පහසුකම්, නිපුණතා වීඩියෝ පුස්තකාලයක්, පුහුණු කිරීමේ වැඩසටහන්, ඉදිරියට එන පුහුණුකරුවන්ගේ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ තොරතුරු සහ තවත් අංග රැසකින් සමන්විත වේ.

“අපි මේ වේදිකාව සංවර්ධනය කර ඇත්තේ සියලුම පුහුණුකරුවන්ගේ දැනුම නංවාලීම සඳහා සහ ඕනෑම පුහුණුකරුවෙකුට ඕනෑම තැනකට පිවිසිය හැකි තාක්‍ෂණයෙන් තමන්ගේම සංවර්ධනය සොයා ගැනීමට” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු අධ්‍යාපන ඒකකයේ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා පැවසීය.

යෙදුම මඟින් පුහුණුකරුවන්ට ඔවුන්ගේ පුහුණු උපදේශකවරුන්ගෙන් හා ප්‍රවීණයන්ගෙන් තම ගැටලු විසඳා ගැනීමට හා ප්‍රතිචාර ලබා ගැනීමට භාවිතා කළ හැකි අතර සියලු විස්තර ස්වයංක්‍රීයව හා අඛණ්ඩව වාර්තා කරගැනීමට සහ වැඩිදියුණු කිරීම සඳහා එම යෙදුම තුළ ගබඩා වේ.

“අපගේ පුහුණුකරුවන් මුහුණට මුහුණ පුහුණු කිරීමේ හැකියාවක් මේ වෙද්දී නෑ. මේ වෙලාවේ අඛණ්ඩතාව පවත්වා ගත යුතු නිසා පුහුණුකරුවන්ගේ අධ්‍යාපන විෂයමාලා සහ පොදුවේ පුහුණුකරුවන්ගේ සංවර්ධනය දෘශ්‍යමාන කිරීමෙන් අපි අපගේ තාක්ෂණය තවත් පියවරක් ඉදිරියට තබන්න මේ මඟින් සමත් වුනා.” ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ කාර්ය සාධන පුහුණුකරු තාරක සමරතුංග මහතා පැවසීය.

පුද්ගලයන්ට සම්බන්ධ වීමට ආකර්ෂණීය සංසදයක් සහ ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමඟ ජාලයක් ද මෙම යෙදුමට ඇතුළත් කර ඇත.

මෙම යෙදුම ලබා ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<