ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ Tier B කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අද (23) සමත් වුණා.
ඔවුන් මෙම අවස්ථාව උදා කර ගත්තේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහි ව සුපිරි පන්දුවාරයෙන් ජය ගනිමිනුයි. පසුගිය වසරේ දී ද මෙම තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයයි.
>>සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අවසන් මහා තරගයට
කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 142ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ද ලකුණු 142කට සියලුම දෙනා දැවී යනවා.
ලකුණු සමවීමෙන් අනතුරු ව පැවැති සුපිරි පන්දුවාරයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා ගත් අතර ප්‍රතිවාදී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුල්ලක් දැවී ලකුණු 3ක් පමණයි.
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දමේස් මතිශාන් (නායක), ඉසුරු ඉඳුවර, අමල් දෙනුවන්, සාවියෝ ප්‍රනාන්දු, ටීශන මයෝන්, මුතුරංග ද සිල්වා, නේතන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), යසිත් ගිම්සර, තත්නුල ලියනගේ, ලොව්තුරු දිල්පහන් සහ ඔශේන් බිනර.
කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිනත් සෙනිල (නායක), මාරියෝ ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ටෙහාන් බීටර්, මිහිල ජයවීර, විහඟ රත්නායක, පමෝද් සාරංග, සිතුම් හසරංග, රුවිඳු දිදුලක, දිනත් සෙනිල, ලිතික ජයසුන්දර, මානික්‍ය දේශප්‍රිය සහ රුමේන් පීරිස්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ වැඩිම ලකුණුලාභියා වූයේ නේතන් ප්‍රනාන්දු. ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.
ඒ වෙද්දී ඔහු ලොව්තුරු දිල්පහන් හා එක් ව එම කඩුල්ලට පන්දු 86ක දී ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී ලොව්තුරු දිල්පහන් පන්දු 38කට මුහුණ දෙමින් ලබා ගන්නේ නොදැවී ලකුණු 12ක් පමණයි.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ඉනිම ආරම්භ කළ නායක දමේස් මතිශාන් පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ද සහ ඉසුරු ඉඳුවර පන්දු 23ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් පා දඟ පන්දු යැවූ විහඟ රත්නායක ලකුණු 23කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ලිතික ජයසුන්දර ලකුණු 19කට කඩුලු 2ක් ද, මානික්‍ය දේශප්‍රිය සහ දිනත් සෙනිල කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලයත් අවසන් මහා තරගයට
- පාසල් ක්‍රිකට් පිටියට ශතක 6ක් එක් වෙයි
- සිනෙත් සහ කෞෂික ශතක සබඳතාවක් එක් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ඉනිමේ කඩුලු 7ක් ලකුණු 45ක් වෙද්දී දවා ගැනීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ වෙද්දී දැවී ගිය පිතිකරුවන් 5 දෙනෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ අතර මිහිල ජයවීර ලකුණු 13ක් සහ විහඟ රත්නායක ලකුණු 10ක් ද ලබා සිටියා.
එවන් තත්ත්වයක දී 8 වැනි කඩුල්ලට පිටියට එක් වූ දිනත් සෙනිල සහ ලිතික ජයසුන්දර එම කඩුල්ලට පන්දු 45ක දී ලකුණු 29ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දිනත් සෙනිල ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 30ක හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව ලිතික ජයසුන්දර සහ අංක 10 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි මානික්‍ය දේශප්‍රිය එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 98ක දී ලකුණු 49ක සබඳතාවක් එක් කරමින් තරගයට ජීවය එක් කිරීමට සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙද්දී ලිතික ජයසුන්දර පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.
මානික්‍ය දේශප්‍රිය තරගය ලකුණු සම වෙමින් අවසන් වෙද්දී පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වුණා.
ඔහු අවසන් කඩුල්ලට රුමේන් පීරිස් (1) හා එක් ව පන්දු 24ක දී ලකුණු 19ක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී ලොව්තුරු දිල්පහන් ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව අමල් දෙනුවන් සහ ඔශේන් බිනර කඩුලු 2 බැගින් ද, තත්නුල ලියනගේ, සාවියෝ ප්‍රනාන්දු සහ දමේස් මතිශාන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ ලකුණු සමවීමත් සමඟින් පැවැති සුපිරි පන්දු වාරයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ මානික්‍ය දේශප්‍රිය, ප්‍රතිවාදී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ සාවියෝ ප්‍රනාන්දු යැවූ පළමු පන්දු ද්විත්වයේ දී හයේ පහර ද්විත්වයක් එක් කරමින් පන්දු 5ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගන්නවා. ඔහුත් සමඟින් අනෙක් අන්තයේ සිටි ලිතික ජයසුන්දර ලබා ගත්තේ ලකුණක් පමණයි.
පිළිතුරු සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ඉනිම ආරම්භ කරන්නේ දමේස් මතිශාන් සහ සාවියෝ ප්‍රනාන්දු එක්වයි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම මානික්‍ය දේශප්‍රිය සතු වෙන අතර ඔහු එම පන්දුවාරය ලකුණු 3ක සීමා කරන්නේ දමේස් මතිශාන් ගේ කඩුල්ල ද දවා ගනිමිනුයි.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – කඩුලු 9ක් දැවී 142 (50.0)දමේස් මතිශාන් 29, නේතන් ප්‍රනාන්දු 50, විහඟ රත්නායක 3/23, ලිතික ජයසුන්දර 2/19
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – සියලුම දෙනා දැවී 142 (31.5)ලිතික ජයසුන්දර 28, මානික්‍ය දේශප්‍රිය නොදැවී 45, ලොව්තුරු දිල්පහන් 3/35, ඔශේන් බිනර 2/27, අමල් දෙනුවන් 2/20
තරගයේ ලකුණු සමයි.
සුපිරි පන්දුවාරය
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– කඩුල්ලක් දැවී 22 (1.0)මානික්‍ය දේශප්‍රිය නොදැවී 21
- සාන්ත ජෝසප් වාස් විද්‍යාලය– කඩුල්ලක් දැවී 3 (1.0)මානික්‍ය දේශප්‍රිය 1/03
සුපිරි පන්දුවාරයේ ජය සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















