ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ 2 වැනි තරගය ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (13) සමත් වෙනවා. අද ඔවුන් පරාජය කරන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමයි.
තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේ දී ශ්‍රී ලංකාව, අයර්ලන්තට එරෙහි ව කඩුලු 10ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා.
Ajman හි Karwan ක්‍රීඩා සමාජ පිටියේ දී අදි නිමා වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 111ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තරගයේ තවත් පන්දු 11ක් ද ඉතිරි කර ගනිමිනුයි.
>>හර්ෂිතාලා හෙට සිට Emerging Nations තරගාවලියේ
ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ පෙර තරගයට එක් වූ මල්කි මදාරා වෙනුවට නිමාෂා මීපගේ එක් කර ගනිමිනුයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
හර්ෂිතා සමරවික්‍රම (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සත්‍යා සංදීපනී, සුගන්දිකා කුමාරි, චේතනා විමුක්ති සහ නිමාෂා මීපගේ.
ස්කෝට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Kathryn Bryce (නායිකාව), Darcey Carter, Katherine Fraser, Sarah Bryce (කඩුලු රකින්නිය), Pippa Sproul, Priyanaz Chatterji, Megan McColl, Kirstie Gordon, Chloe Abel, Hannah Rainey සහ Abtaha Maqsood.
පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Darcey Carter. ඇය පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා.
ඊට අමතර ව Megan McColl පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා.
එම ඉනිමේ අනෙක් සෑම පිතිකාරිනියකගේ ම ඉනිම් තනි ලකුණකට සීමා වුණා. එහි දී සත්‍යා සංදීපනී සහ සුගන්දිකා කුමාරි කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව නිමාෂා මීපගේ, කවීෂා දිල්හාරි සහ චේතනා විමුක්ති කඩුල්ල බැගින් දවා ගත්තා.
- පවන්ට ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායකත්වය පැවැරෙයි
- ධනංජය සහ කුසල් වාර්තාගත සබඳතාවයක
- ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානයෙන් ඉවතට
- හර්ෂිතාට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
- එංගලන්ත ක්‍රීඩිකාවෝ නවම් මහේ මෙරට එයි
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ම විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා විසින් ආරම්භ කළා. පෙර තරගයේ දී ඔවුන් දෙදෙනා එක් ව ශතක සබඳතාවක් එක් කළ ද අද ඔවුන් ගේ සබඳතාව ලකුණු 3කට සීමා වුණා.
හසිනි පෙරේරා තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම ඉනිම හැර ගිය අතර විශ්මි ගුණරත්න ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.
ඊට අමතර ව හර්ෂිතා සමරවික්‍රම පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද, ඉමේෂා දුලානි පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ තරගය අවසන් වෙද්දී කෞෂිනී නුත්‍යාංගනී පන්දු 11ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Abtaha Maqsood ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Chloe Abel, Katherine Fraser සහ Kathryn Bryce කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 111 (20.0)Darcey Carter 62, Megan McColl16, සත්‍යා සංදීපනී 2/18, සුගන්දිකා කුමාරි 2/15
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 115 (18.1)විශ්මි ගුණරත්න 49, හර්ෂිතා සමරවික්‍රම 24, කෞෂිනී නුත්‍යාංගනා නොදැවී 16, Abtaha Maqsood3/18
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
තරගයේ වීරයා – විශ්මි ගුණරත්න (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 15 වැනිදා පැපුවා නිව් ගිනියාව සමඟින් Ajman හි Seven Districts ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
ICC කාන්තා නැගී එන ජාතීන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ ම.





















