පාකිස්තාන 17න් පහළ ක්‍රීඩකයෝ එකට එක කරයි

Sri Lanka U17 tour of Pakistan 2026

5

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ දෙරට අතර පැවැති 2 වැනි තරගයේ දී ලකුණු 151ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වෙනවා.

Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 274ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් පමණයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට එක් වූ කණ්ඩායම ම එක් කර තිබූ අතර පාකිස්තානය මෙම තරගයේ දී Sher Wali Khan සහ Abdullah Ahmed Butt වෙනුවට Mohammad Naveed සහ Ammar Khan එක් කර ගෙන තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

ස්ටෙවෝන් පීරිස් (නායක සහ කඩුලු රකින්නා), මෙතුක ගුණරත්න, යෙනුල හේවාවිතාරණ, රෙශෝන් සොලමන්ස්, චෙනුක දොඩංගොඩ, සශිත් බණ්ඩාර, සඳරු මල්ශාන්, තිසඟ පෙරේරා,  අදීශ ලක්ශාන්, මහිරු කොඩිතුවක්කු, සහ තාරුක සමන්ජිත්.

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම

 

Azan Ahmed (නායක), Sudais Ahmed, Daud Tauqeer Rana, Mohammad Yousaf, Mohammad Naveed, Ammar Khan, Hamid Raza, Arsalan Hassan (කඩුලු රකින්නා), Mohammad Ihsaan, Mohammad Saim සහ Fahad Iqbal.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසි Mohammad Yousaf. ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 117ක් ලබා ගත්තා. එය මෙම තරගාවලියේ වාර්තා වූ පළමු ශතකය ද වූවා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු Sudais Ahmed පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ද, නායක Azan Ahmed පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ද, Mohammad Naveed පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද සහ Arsalan Hassan පන්දු 10ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී රෙශෝන් සොලමන්ස් ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මහිරු කොඩිතුවක්කු සහ තාරුක සමන්ජිත් කඩුලු ද්විත්වය බැගින් ද, අදීශ ලක්ෂාල් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චෙනුක දොඩංගොඩ. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

ඊට අමතර ව සශිත් බණ්ඩාර පන්දු 27ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද සහ සඳරු මල්ශාන් පන්දු 26ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ද ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් කිසිඳු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණිමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Fahad Iqbal ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් ප්‍රතිවාදීන්ගේ ප්‍රමුඛතම පන්දු යවන්නා වූ අතර ඔහු තරගය අවසන් වන විට ලකුණු 24කට කඩුලු 4ක් දවා ගෙන තිබුණා. ඊට අමතර ව Hamid Raza, Ammar Khan  සහ Mohammad Saim කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 274 (50.0) Sudais Ahmed42, Mohammad Yousaf117, Azan Ahmed 26, Mohammad Naveed 26, Arsalan Hassan 22,
  • ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 123 (40.0) චෙනුක දොඩංගොඩ 50, සශිත් බණ්ඩාර 16, සඳරු මල්ශාන් 16, Hamid Raza2/24, Ammar Khan2/34, Mohammad Saim 2/36

බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 151ක ජයක්.

තරගයේ වීරයා – Mohammad Yousaf (පාකිස්තානය)

දෙරට අතර පැවැත්වෙන එක්දින 2 වැනි තරගය මේ මස 17 වැනිදා Multan හි දී ම පැවැත් වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<