වෙළඳ සේවා ක්රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ අද (13) පැවැති SLC Youth සහ Hayleys Group A අතර තරගයෙන් Hayleys Group A ක්රීඩකයෝ කඩුලු 8ක පහසු ජයග්රහණයක් ලබා ගන්නවා.
මෙම තරග පරාජයත් සමඟින් SLC Youth කණ්ඩායමේ පළමු වටයේ තරග අවසන් වෙන අතර ඒ වෙද්දී ඔවුන් සහභාගී වූ තරග 6න් 5ක් ම පරාජය වී තිබුණා.
නිමා වූ මෙම තරගයේ දී Hayleys Group A කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ පුලිඳු පෙරේරා සහ ධනංජය ලක්ෂාන් එක් ව SLC Youth කණ්ඩායමට එරෙහි ව පළමු කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 135ක සබඳතාවක් එක් කරනවා.
එහි දී පළමුවෙන් දැවී යන ධනංජය ලක්ෂාන් පන්දු 28ක දී හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 61ක් ද සහ ඔහුගේ දැවී යෑමෙන් පසුව යැවුණ 2 වැනි පන්දුවේ දී දැවී ගිය පුලිඳු පෙරේරා පන්දු 39ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමඟින් ලකුණු 68ක් ද ලබා සිටියා.
මේ අතර කොළඹ SLLDC ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ HNB – A සහ Colombo Aces කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණ අතර කොළඹ MCA ක්රීඩාංගණයේ දී ආරම්භ වූ CDB සහ BBK Partnership අතර තරගය පන්දුවාර 12.4කට පසුව ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.
- මිලාන් රත්නායක තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වයි
- CDB කණ්ඩායම තව දුරටත් අපරාජිත කිරුළ රැක ගනී
- ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම් සටනට
- ඕස්ට්රේලියා කාන්තා ක්රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
පැවැති තරගයේ කෙටි ලකුණු පුවරු
SLC Youth සහ Hayleys Group A අතර තරගය, කටුනායක නිදහස් වෙළඳ කලාප ක්රීඩාංගණයේ දී.
- SLC Youth – සියලුම දෙනාදැවී194 (49.2) රෙහාන් පීරිස් 33, චනිරු සේනාරත්න 35, කෞෂික කුමාරසිංහ 44, කවිශ්ක අංජුල 2/17, ඉනුක කරන්නාගොඩ 4/25, රවිඳු ප්රනාන්දු 2/47
- Hayleys Group A – කඩුලු 2ක්දැවී 199(18.1) පුලිඳු පෙරේරා 68, ධනංජය ලක්ෂාන් 61, නුවනිඳු ප්රනාන්දු නොදැවී 20, මිනෝද් භැනුක නොදැවී 42
Hayleys Group A කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Singer – MCA Super Premier League එක්දින සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















