සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය හෙට (9) Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගයේ දී නැවත වතාවක් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් කලඑළි බසින අතර පාකිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාර වී ඇත්තේ Sahibzada Farhan වෙතයි. ඔවුන් දෙදෙනා ම තම කණ්ඩායම් නියෝජනය කරමින් ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහි ව නායකත්වයේ කබාය පළඳින පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), සිනෙත් ජයවර්ධන, ලහිරු උදාර (කඩුලු රකින්නා), කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, එශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්.
පාකිස්තාන විස්සයි විස්ස සංචිතය
Sahibzada Farhan (නායක), Saim Ayub, Maaz Sadaqat, Fakhar Zaman, Khawaja Nafay (කඩුලු රකින්නා), Hasan Nawaz, Abdul Samad, Shada Khan, Naseem Shah, Razaullah, Mohammad Salman Mirza, Sufiyan Moqim, Abrar Ahmed, Arafat Minhas, Muhammad Imran Randhawa,.
මෙම තරගාවලියට පෙර දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා තරග 30කට සහභාගී වී ඇති අතර ඉන් තරග 18ක් පාකිස්තානය ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාව ඉතිරි තරග 12 ජයග්‍රහණය කරනවා. දෙරට ක්‍රීඩකයෝ මෙම තරගයේ දී හමුවෙන්නේ මේ වසර ආරම්භයේ දී මෙරට දී පැවැති ලෝක කුසලාන තරගාවලියෙන් පසුවයි. එම තරගයෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
දෙරට ක්‍රීඩකයෝ ද්විත්ව තරගාවලියක දී හමුවෙන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙර මෙරට දී පැවැති තරග සංචාරයෙන් පසුවයි. තරග 3කින් යුත් එම තරගාවලිය තරග 1-1ක් ලෙසින් සම තත්ත්වයේ පසුවෙමින් අවසන් වෙනවා.
| නිමා වූ දෙරට ද්විත්ව තරගාවලි ගමන් මඟ | ||||
| සත්කාරකත්වය | තරග | තරගාවලියේ ප්‍රතිඵලය | වසර | |
| 1 | ශ්‍රී ලංකාව | 1 | පාකිස්තානයට තරග 1-0ක ජයක්. | 2009 |
| 2 | පාකිස්තානය | 1 | පාකිස්තානයට තරග 1-0ක ජයක්. | 2011/12 |
| 3 | ශ්‍රී ලංකාව | 2 | තරගාවලිය තරග 1-1ක් සේ සමයි. | 2012 |
| 4 | පාකිස්තානය | 2 | තරගාවලිය තරග 1-1ක් සේ සමයි. | 2013/14 |
| 5 | ශ්‍රී ලංකාව | 2 | පාකිස්තානයට තරග 2-0ක ජයක්. | 2015 |
| 6 | පාකිස්තානය | 3 | පාකිස්තානයට තරග 3-0ක ජයක්. | 2017/18 |
| 7 | පාකිස්තානය | 3 | ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්. | 2019/20 |
| 8 | ශ්‍රී ලංකාව | 3 | තරගාවලිය තරග 1-1ක් සේ සමයි. | 2025/26 |
- දෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ සුවිශේෂී කඩඉම්
212/8 : දෙරට ඉතිහාසයේ ඉනිමක ලබා ගත් වැඩිම ලබා ගැනීමේ වාර්තාව සතු වෙන්නේ පාකිස්තානයටයි. ඔවුන් මේ වසරේ පල්ලෙකැලේ දී එම වාර්තාව පිහිටුවනවා.
95/10 : දෙරට ඉතිහාසයේ ඉනිමක අඩු ම ලබා ගත් කණ්ඩායම වෙන්නේ 2012 වසරේ දී සූරියවැව ද පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කළ මෙම ඉනිමයි.
419 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් වැඩිම ලකුණු වාර්තා වෙන්නේ 2026 වසරේ පල්ලෙකැලේ දී පැවැති තරගයේදීයි. එම තරගයේ දී පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 212ක් ලබා ගන්නා ලද අතර ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබා ගන්නවා.
64 : දෙරට ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් එම දක්ෂතාව සිදු කරන්නේ 2019 වසරේ දී Lahore ක්‍රීඩාංගණයේදීයි.
397 : දෙරට ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ පාකිස්තානයේ Shoaib Malik. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 16කදීයි.
එහි ශ්‍රී ලාංකීය පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ ගෞරවය තිලකරත්න ඩිල්ශාන් සතු වෙනවා. ඔහු තරග 14ක දී ලකුණු 323ක් ලබා ගනිමින් මෙරට ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.
100 : දෙරට ඉතිහාසයේ පිතිකරුවෙක් එක් ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ මේ වසර ආරම්භයේ දී පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Sahibzada Farhan පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වාර්තාවේ හිමිකාරීත්වය කුසල් පෙරේරා සතු වෙනවා. ඒ ඔහු 2013 වසරේ දී Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 84යි.
3×50+ = දෙරට ඉතිහාසයේ අර්ධ ශතක ඉක්ම වූ ඉනිම් වැඩිම ප්‍රමාණයක් වාර්තා කිරීමේ ගෞරවය පාකිස්තානයේ Sahibzada Farhan සහ Shahid Afridi සතු වෙනවා.
22x6s : දෙරට ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ ශ්‍රී ලංකාවේ දසුන් ශානක.
26x4s : දෙරට ඉතිහාසයේ වැඩිම හතරේ පහර එල්ල කළ් ක්‍රීඩකයා වෙන්නේ පාකිස්තානයේ Sahibzada Farhan.
8x6s : දෙරට තරග ඉතිහාසයේ ඉනිමක වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ ශ්‍රී ලංකාවේ දසුන් ශානක. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ මේ වසර ආරම්භයේ දී පල්ලෙකැලේ දී පැවැති තරගයේදීයි.
112 : දෙරට ඉතිහාසයේ තරගාවලියක දී වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් ව සිටින්නේ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2019/20 ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදීයි.
- ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන කණ්ඩායම් නම් කරයි
- 17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තාන සංචාරයට එක් වෙයි
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනී
- ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බරයේ මෙරටට
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
23 : දෙරට ඉතිහාසයේ මෙතෙක් සැකසී ඇති වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු අසුන වෙන් ඇත්තේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සතුවයි. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 11කට සහභාගී වෙමිනුයි.
4/13 : දෙරට ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා වෙන්නේ පාකිස්තානයේ Umar Gul වෙතයි. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ 2008 වසරේ නවසීලන්තයේ King City හී පැවැති තරගයේදීයි.
8 : දෙරට ඉතිහාසයේ තරගාවලියක දී වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග. ඔහු එම දක්ෂතාව සිදු කරන්නේ 2019/20 තරග වාරයේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරයේදීයි.
12 : දෙරට ඉතිහාසයේ වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වී ඇති කඩුලු රකින්නා වෙන්නේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර.
9 : දෙරට ඉතිහාසයේ වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩකයා වෙන්නේ පාකිස්තානයේ Babar Azam.
176 : දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාවේ හිමිකාරීත්වය පාකිස්තානයේ Sahibzada Farhan සහ Fakhar Zaman සතු වෙනවා. ඔවුන් මෙම දක්ෂතාව සිදු කරන්නේ මේ වසර ආරම්භයේ දී පල්ලෙකැලේ දී පැවැති තරගයේදීයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ උණුසුම ThePapare 1 සහ 1 HD (Dialog TV Ch. 62 සහ 126) සහ Dialog Play App හරහා විඳගත හැකියි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















