පාපන්දු ශූරතාවය හමීඩ් අල් හුසේනිට සහ මලියදේව බාලිකාවට

1373

කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලය සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ සහිරා විද්‍යාලය දඬුවම් පහර 4 – 3 ක් ලෙස පරාජය කරමින් 2016 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 19න් පහල පාපන්දු ශූරතාව දිනා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ප්‍රිමියර් ලීග් ශූරතාවය මොරගස්මුල්ලට

අනුරාධපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් දින 3ක් පුරා පැවති මේ තරගාවලියේ බාලිකා ශූරතාවය දිනා ගන්නට කවිසිගමුව මාධ්‍ය මහා විද්‍යාලය පරාජය කල කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සමත් විය.

වයස අවුරුදු 19න් පහල බාලක තරගාවලිය

බාලක තරග අංශයේ මූලික තරග පැවැතියේ, නිසි ප්‍රමිතියකින් තොර මිහින්තලේ රජරට විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදීයි. එම තරගද මිනිත්තු 60කට සීමාවූ තරග ලෙස පැවැත්වීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්වූ කරුණක් විය. කෙසේ වෙතත් අවසන් මහා තරග අනුරාධපුර බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී සම්පූර්ණ මිනිත්තු 90ක කාලය යොදා ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

අවසන් තරගයේ 10 වන මිනිත්තුවේදී ලද නිදහස් පහරකින් උපරිම ප්‍රයෝජන ගත් හමීඩ් අල් හුසේනි විද්‍යාලයේ උප-නායක ෆාසිල් කරීම් තම කණ්ඩායමට ගෝලයක් ලබා දෙන්නට සමත් විය.

ඉන් මිනිත්තු 10කට පසු සහිරා විද්‍යාලය ගෝල සම කරන්නට සමත් වූයේ පැති පහරකින් පැමිණි පන්දුව තම හිසින් දැල තුළට යොමු කරන්නට මොහොමඩ් හිජාස් සමත් වීමත් සමගයි.

ඉන් අනතුරුව දෙපිලටම ගෝල ලබා ගැනීමට නොහැකි වූ අතර තරගය අවසන් වූයේ ගෝල 1 – 1 ක් ලෙසිනි. මේ අනුව තරගයේ තීරණය සඳහා දඬුවම් පහර යොදා ගැනීමට සිදුවිය. හමීඩ් අල් හුසේනි විද්‍යාලය දඬුවම් පහර 5 න් 4 ක් සාර්ථක කරගත් අතර සහිරා විද්‍යාලයට දැල තුලට එල්ල කිරීමට හැකිවුණේ දඬුවම් පහර 3ක් පමණයි.

රජරට විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදී 3 වන ස්ථානය සඳහා පැවති තරගයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පරාජය කරන්නට කින්නියා මධ්‍ය විද්‍යාලය සමත් විය.

පළමු වටය

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 1 – 2 කින්නියා ම. ම. විද්‍යාලය
  • ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලය 1 – 0 කටුනේරිය ශා. සෙබස්තියන් විද්‍යාලය
  • කොළඹ  හමීඩ් අල් හුසේනි විද්‍යාලය 1 – 0 ගම්පොල සහිරා විද්‍යාලය
  • යාපනය ශා.පැට්‍රික් විද්‍යාලය 1 – 0 මාදම්පේ අල් මිස්බා විද්‍යාලය
  • ඉලවාලි ශා හෙන්රි විද්‍යාලය 3 – 0 ජයන්තිපුර බැඳිවැව මහා විද්‍යාලය
  • කින්නියා අල් අක්ෂා විද්‍යාලය 3 – 1 රත්නපුර බටුගෙදර මහා විද්‍යාලය
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය 2 – 0 ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
  • මුතූර් මධ්‍ය විද්‍යාලය 6 – 0 රත්නපුර සිරිසුමන මහා විද්‍යාලය

දෙවන වටය

  • මන්නාරම ශා. ලුසියා විද්‍යාලය  5 – 0 බදුල්ල ම. ම. විද්‍යාලය
  • කින්නියා අල් අක්ෂා විද්‍යාලය  3 – 0  බදුල්ල ධර්මදූත විද්‍යාලය
  • කඳාන ද මැසිනොද් විද්‍යාලය  1(3) – 1(2) වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය
  • කොළඹ සහිරා විද්‍යාලය  4 – 0   මුතූර් ම. ම. විද්‍යාලය
  • කින්නියා ම.ම. විද්‍යාලය 1(3) – 1(1) හොරොව්පතාන රුවන්වැලි මහා විද්‍යාලය
  • ඉලවාලි ශා. හෙන්රි විද්‍යාලය 0(2) – 0(4)  ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලය
  • යාපනය ශා. පැට්‍රික් විද්‍යාලය 2 – 0  ගම්පොල වික්‍රමබාහු විද්‍යාලය

අර්ධ අවසන් පූර්ව වටය

  • කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලය 0(4) – 0(2) මන්නාරම ශා.  ලුසියා විද්‍යාලය
  • කඳාන ද මැසිනොද් විද්‍යාලය 0 – 3 කින්නියා ම. ම. විද්‍යාලය
  • කොළඹ සහිරා විද්‍යාලය 0(4) – 0(2) යාපනය ශා. පැට්‍රික් විද්‍යාලය
  • ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලය 2(4) – 2(2)  කින්නියා අල් අක්ෂා විද්‍යාලය

අවසන් පූර්ව වටය

  • කොළඹ සහිරා විද්‍යාලය 1 – 0  ගාල්ල ශා. ඇලෝසියස් විද්‍යාලය
  • කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලය 3 – 0 කින්නියා ම. ම. විද්‍යාලය

අවසන් තරගය

  • කොළඹ හමීඩ් අල් හුසේනි විද්‍යාලය 1(4) – 1(3) කොළඹ සහිරා විද්‍යාලය

වයස අවුරුදු 19න් පහල බාලිකා තරගාවලිය

බාලිකා තරග අංශයේ පළමු ස්ථාන 3ම වයඹ පලාතට හිමිවීම කැපී පෙනුනි. මලියදේව බාලිකාවන් ශූරතාව දින ගනිද්දී, කවිසිගමුව මධ්‍ය විද්‍යාලය අනුශූරතාවත්, පොල්ගහවෙල ජාතික පාසල 3 වන ස්ථානයත් දිනා ගන්නා ලදී.

බාලිකා අංශයේ මූලික වටයේ තරග අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාල ක්‍රීඩාංගනයේදීත් අවසන් තරග අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදීත් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

අවසන් මහා තරගයේදී මලියදේව බාලිකාවන් හමුවේ කවිසිගමුව මධ්‍ය විද්‍යාල ක්‍රීඩිකාවන් පරාජය වූයේ ගෝල 3 – 1 ක් ලෙසිනුයි.

3 වන ස්ථානය සඳහා පැවති තරගයේදී පොල්ගහවෙල ජාතික පාසල හමුවේ ගෝල 2 – 0 ක් ලෙස පරාජය වුනේ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාල කණ්ඩායමයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට