වත්මන් රග්බි ඒෂියාඩ් 19න් පහල ශූරයන් වන හොංකොං කණ්ඩායම, ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායම සෝදාපාළුවට ලක්කරමින් 61-00ක් ලෙස පළමු තරඟය ජයග්‍රහණය කරන්නට සමත් විය. තරඟය මැලේසියාවේ UPM ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඉදිරියට යාමේ සියළු අවස්ථාවන් වළක්වා ගනු ලැබීමෙන් සහ තරඟ විනය නොමැතිකමින් එකදු ලකුණක් හෝ ලබාගැනීමට නොහැකිව පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවිය. තරඟයේ සියළු අංශවලින් පරිපූර්ණව සිටි හොංකොං කනිෂ්ඨයන් මුල සිටම සිය අණසක පතුරාලන්නට සමත් විය.

මැතිව් වෝලි පසු පෙල රේඛාවෙන් ඉදිරියට පැමිණ වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් ලකුණු 05-00ක් ලෙස ඉදිරිය ගන්නට හොංකොං කණ්ඩායමට හැකිවිය. ඔහු එහි ප්‍රවර්තනයද සාර්ථක කරගත් අතර හොංකොං පරතරය 07-00ක් දක්වා දිගුවිය.

එම උත්සාහක දිනුමින් පසු දඬුවම් පහර දෙකකින් ලකුණු රැස්කළ වෝලි, හොංකොං ලකුණු තත්වය 13-00ක් දක්වා ඉදිරියට ගෙන ගියේය.

ලකුණු වාර්තා කිරීමේ පැහැදිලි අවස්ථාවන් 3ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු අතර පන්දුව ග්‍රහණය කරගැනීමේ දුර්වලතා හේතුවෙන් ඒ සියළු අවස්ථාවන් අපතේ ගිය අතර ලකුණු පරතරය නොවෙනස්ව පැවතිණි.

ශ්‍රී ලංකා – හොං කොං සටනට පෙරවදනක්

ආසියානු ශූරතා වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ අතිශය තීරණාත්මක තරගය හෙට (14) පැවැත්වීමට නියමිතයි. ඒ හිටපු ශූරයන් වන හොං කොං කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතරයි.

ඛේදවාචකය තවත් දැඩි කරමින් ශ්‍රී ලංකාවේ රමේෂ් ප්‍රනාන්දු හට කහ කාඩ්පත පිරිනැමීමෙන් පසු ක්‍රීඩකයන් 14දෙනෙකු සමඟින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර ඒ මිනිත්තු දහය තුළදී ප්‍රතිවාදීන් අතින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා විය.

හොංකොං ෆ්ලෑන්කර් ක්‍රීඩක ඔලිවර් ඕවර්මන් විසින් අතිදක්ෂ ආකාරයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක පෙල හරහා ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක විය. ඉන් අනතුරුව මීටර 22 සීමාවේදී මැතිව් වෝලි තවත් අගනා පන්දු යොමුවක් ජේම්ස් කාටන් වෙත සිදුකළ අතර එහිදී ගෝල කණු අසලදීම උත්සාහක දිනුමක් වාර්තා කරන්නට ඔහුට හැකිවිය (හොංකොං 27-00 ශ්‍රී ලංකාව).

පළමු අර්ධය – හොංකොං 27-00 ශ්‍රී ලංකාව.

තරඟය මුලදී මෙන්ම දෙවන අර්ධයේ ප්‍රථම මිනිත්තුවේදීද උත්සාහක දිනුමක් වාර්තා කරන්නට හොංකොං ක්‍රීඩකයන් සමත් විය. ශ්‍රී ලංකා ආරක්ෂකයන්ගේ හිඩැසක් තුළින් පන්දුව ගෙන ගිය ඔලිවර් ඕවර්මන් විසින් එය වාර්තා කරන ලදී. වෝලි එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය (හොංකොං 34-00 ශ්‍රී ලංකාව).

ශ්‍රී ලංකා ආරක්ෂක පෙල දිගින් දිගටම වැරදි සිදුකළ අතර ඉන් වාසිය ලබාගත් කැමරූන් ස්මිත් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඉන් පසු තවත් දඬුවම් පහරක් සාර්ථක කරගන්නට වෝලිට හැකිවිය (හොංකොං 42-00 ශ්‍රී ලංකාව).

මනා ශාරීරික අභ්‍යාසවල වැදගත්කම ප්‍රදර්ශනය කරමින් හොංකොං කණ්ඩායම ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ක්‍රීඩක බංකුවේ ශක්තිය මැනවින් දිස්විය. මාකස් රැමේජ් සහ ඔලිවර් ඕවර්මන් නම් හොංකොං ත්‍රී-ක්වාටර් ක්‍රීඩකයන් දෙදෙනාම උත්සාහක දිනුම් වාර්තා කළ බැවින් ඕවර්මන්ගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයද වාර්තා වී ලකුණු 61-00ක් ලෙස දැවැන්ත ජයක් හොංකොං කණ්ඩායම ඉදිරියෙන් සටහන් විය.

එකදු ලකුණක් හෝ වාර්තා නොවීම ශ්‍රී ලංකා අන්තයට ඉතාමත් කණගාටුදායක විය. ශ්‍රී ලංකා ඉදිරිපෙල ක්‍රීඩකයන් අවස්ථා කිහිපයක්ම නිර්මාණය කරගත් නමුත් හොංකොං ආරක්ෂකයින් ඔවුන්ව සාර්ථකව මැඩපැවත්වීය. වේගවත් ශ්‍රී ලාංකික ධාවකයන්ට ලකුණු රැස්කිරීම සඳහා කිසිදු තල්ලුවක් නොලැබිණි.

පාපන්දු පහරවල් සමඟින් මැතිව් වෝලි තම දස්කම් ප්‍රදර්ශනය කළ අතර උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කළ ඔලිවර් ඕවර්මන් තරඟය තුළදී කැපී පෙනිණි.

අවසන් ලකුණු තත්වය: හොංකොං 61-00 ශ්‍රී ලංකාව

ThePapare.com තරඟයේ වීරයා – ඔලිවර් ඕවර්මන් (හොංකොං)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන් – (හොංකොං) ඔලිවර් ඕවර්මන් 3T, මාකස් රැමේජ් 2T, කැමරූන් ස්මිත් 1T, මැතිව් වෝලි 1T 4C 3P, ජේම්ස් කාටන් 1T, මාක් කෝබර්ග් 2C.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට