මේ මස 9 වැනිදා සිට පාකිස්තානයේ දී පැවැත්වෙන තුන්දින තරගයක් සහ තරග 5කින් යුත් එක්දින තරගාවලියක් සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම මෙරටින් පිටත් වුණා.
>>17න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන සංචාරයක
15 දෙනෙක්ගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය හිමි ව තිබෙන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ස්ටෙවෝන් පීරිස් වෙතයි. ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන ඔහු නිමා වූ ශ්‍රී ලංකා Youth වයස අවුරුදු 17න් පහළ තරගාවලියේ දී තරග 6ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 365ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභි පිතිකරු බවට පත් වෙනවා.
එම තරගාවලියේ දී තරග 6ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 308ක් ලබා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා මෙන් ම ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන දිනූ රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සඳරු මල්ශාන් එම කණ්ඩායමේ උප නායකත්වයට පත් කර තිබෙනවා.
කණ්ඩායම නියෝජනය කරන නායක ස්ටෙවෝන් පීරිස් සමඟින් මෙතුක ගුණරත්න සහ රෙශෝන් සොලමන්ස් එක් ව වැඩිම ක්‍රීඩකයන් ප්‍රමාණයක් එක් කරන්නේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙනුයි.
මෙම කණ්ඩායම සමඟින් පුත්තලම සාන්ත ඇන්ඩෲ විද්‍යාලයේ කලිඳු සචින්තන සහ දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ චෙනුල් හතරසිංහ ද පිට පළාත් නියෝජනය කරමින් කණ්ඩායම හා එක් ව සිටිනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම
ස්ටෙවෝන් පීරිස් (නායක – සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), සඳරු මල්ශාන් (උප නායක – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), මෙතුක ගුණරත්න (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), යෙනුල හේවාවිතාරණ (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), ශැනෝන් සිල්වා (ද මැසිනෝද් විද්‍යාලය, කඳාන), රෙශෝන් සොලමන්ස් (සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස), චෙනුක දොඩන්ගොඩ (ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ), මහිරු කොඩිතුවක්කු (රාජකීය විද්‍යාලය, කොළඹ), තිසඟ පෙරේරා (සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ), ශෂිත් බණ්ඩාර (ධර්මරාජ විද්‍යාලය, මහනුවර), තරුක සමින්ජිත (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර), චෙනුල් හතරසිංහ (මධ්‍ය මහා විද්‍යාලය, දෙබරවැව), අදීශ ලක්ශාන් (සාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව), රවීන් සචින්ත (සාන්ත තෝමස් විද්‍යාලය, මාතර), කලිඳු සචින්තන (සාන්ත ඇන්ඩෲ විද්‍යාලය, පුත්තලම)
තරග කාලසටහන
ඔක්තෝබර් 9 සිට 11 : තුන්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 15 වැනිදා : 1 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 17 වැනිදා : 2 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 19 වැනිදා : 3 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 21 වැනිදා : 4 වැනි එක්දින තරගය Multan හි දී.
ඔක්තෝබර් 24 වැනිදා : 5 වැනි එක්දින තරගය Multan හි දී.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















