එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග හෙට (11) ආරම්භ වීමට නියමිතයි. මෙම තරග සංචාරය සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වෙන අතර ඊට අමතර ව පුහුණු විස්සයි විස්ස තරග ද්විත්වයක් ද ඇතුලත්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්තයේ තරග සංචාරයකට එක් වෙන්නේ 2021 වසරට පසුව වන අතර එම තරග සංචාරයේ තරග 3කින් පැවැති විස්සය විස්ස ජාත්‍යන්තර තරගාවලිය තරග 3-0කින් ද සහ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය තරග 2-0ක් ලෙසින් ද පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදු වෙනවා.
විස්සයි විස්ස තරග කාලසටහන
1 වැනි පුහුණු විස්සයි විස්ස තරගය
: සැප්තැම්බර් 11 වැනිදා, Chelmsford හී Ambassador Cruise Line ක්‍රීඩාංගණයේ දී.
2 වැනි පුහුණු විස්සයි විස්ස තරගය
: සැප්තැම්බර් 13 වැනිදා, Becknham හී County ක්‍රීඩාංගණයේ දී.
ශ්‍රී ලංකාව අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
1 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 15 වැනිදා (රාත්‍රී), Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී.
2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 17 වැනිදා (රාත්‍රී), Cardiff හී Sophia Gardens ක්‍රීඩාංගණයේ දී.
3 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 19 වැනිදා, Manchester හී Old Trafford ක්‍රීඩාංගණයේ දී.
- නිලක්ෂිකා සහ චමරි ශ්‍රී ලංකා අභිමානය රැක ගනී
- 15න් පහළ 2 වැනි කොටසේ ශූරතාව බටපොළ මැදි විදුහලට
- කොළඹ දකුණ දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් යොවුන් ශූරතාව දිනා ගනි
එක්දින ජාත්‍යන්තර තරග කාලසටහන
1 වැනි එක්දින ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 22 වැනිදා (දිවා/රාත්‍රී), Chester-le-Street හී Riverside ක්‍රීඩාංගණයේ දී.
2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 24 වැනිදා (දිවා/රාත්‍රී) Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී.
3 වැනි එක්දින ජාත්‍යන්තර තරගය
: සැප්තැම්බර් 27 වැනිදා London හී Kennington Oval ක්‍රීඩාංගණයේ දී.
එංගලන්තය සංචාරයේ, ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය
චරිත් අසලංක (නායක), කමිල් මිෂාර, පැතුම් නිස්සංක, පවන් රත්නායක, ලහිරු උදාර, වනිඳු හසරංග, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, තරිඳු රත්නායක, දසුන් ශානක, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, එශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ.
එංගලන්තය සංචාරයේ, ශ්‍රී ලංකා එක්දින සංචිතය
කුසල් මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, පැතුම් නිස්සංක, පවන් රත්නායක, චරිත් අසලංක (උප නායක), වනිඳු හසරංග, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශ්මන්ත චමීර, සචිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, එශාන් මාලිංග, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















