පිට පිට තෙවැනි වරටත් අවසන් පූර්ව වටයට එන පාකිස්තානු ක්‍රීඩිකාවෝ

Women’s T20 Asia Cup 2026

2

2026 ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගය හෙට (11) ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

ශ්‍රී ලංකාව නිමා වූ ආසන්නත ම වසරේ ශූරියන් ලෙසින් මෙම තරගය හා එක් වෙද්දී, පාකිස්තානය මෙම තරගය හා එක් වෙන්නේ විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ 2012 සහ 2016 වසර ද්විත්වයේ ශූරියන් වෙමින් වන අතර ඊට අමතර ව 2022 සහ 2024 වසර ද්විත්වයේ දී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට සමත් වූ කණ්ඩායමක් ලෙසිනුයි. ඒ අනුව ඔවුන් මෙම තරගාවලියේ දී අවසන් පූර්ව වටයට පිට පිට ම පිවිසි 3 වැනි අවස්ථාවයි මේ.  

ඔවුන් මෙවර තරගාවලියේ දී තම පළමු වටය අවසන් කරන්නේ A කාණ්ඩයෙන් 2 වැනි ස්ථානය ලබා ගනිමිනුයි. එහි දී ඔවුන් තායිලන්ත කණ්ඩායමට එරෙහි ව ලකුණු 35ක ජයක් ද, ඉන්දීය කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් ද සහ හොංකොං කණ්ඩායමට එරෙහි ව ලකුණු 72ක ජයක් ද ලබා ගනිමින් තරග අවසන් කරනවා.  

ආසියානු කුසලානයේ කෙල්ලන්ගේ සෙල්ලං

ශ්‍රී ලංකාවත් බංග්ලාදේශයත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ හමුවෙන 25 වැනි අවස්ථාවයි මේ. ඔවුන් අතර මේ දෙක්වා අවසන් වූ තරග 24 දී පාකිස්තානය අවස්ථා 12ක දී සහ ශ්‍රී ලංකාව අවස්ථා 11ක දී ජයග්‍රහණ වාර්තා කරගෙන සිටිනවා. එක් තරගයක් අවසන් ව ඇත්තේ විසඳුමකින් තොරවයි.  

දෙරට ක්‍රීඩිකාවෝ අවසන් වරට එකිනෙකා හමුවෙන්නේ මේ වසරේ නිමා වූ අගෝස්තුවේ දඹුල්ලේදීයි. තරග 3කින් යුතුව පැවැති මෙම තරගාවලියේ දී තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.  

ආසියානු කුසලාන තරගාවලියට එක් වූ පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය 24 හැවිරිදි වියේ පසුවෙන Fatima Sana සතු වෙන අතර ඇය තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසයි හැඳින්වෙන්නේ.  

ඇය මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 66කට සහභාගී වෙමින් ලකුණු 824ක් සහ කඩුලු 64ක් ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 4ක ඉනිම් 2ක දී එකතු කුළ ලකුණු 53ක් ද සහ කඩුලු 3ක් ද තිබෙනවා.  

කණ්ඩායමේ සිටින වඩාත් ම දක්ෂතා දක්වන්නේ Muneeba Ali. ඇය මේ දක්වා තරග 100කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 1891ක් ලබා සිටිනවා.  

ඊට අමතර ව Ayesha Zafar තරග 46කට මුහුණ දෙමින් ශතකයක් සමඟින් ලකුණු 662ක් ද සහ Gull Feroza පන්දු 35කට මුහුණ දෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 501ක් ද ලබා ගනිමින් මෙම කණ්ඩායමේ කැපී පෙණෙන ක්‍රීඩිකාවන් බවට පත් ව සිටිනවා.  

පන්දු යැවීමේ දී කණ්ඩායමේ සිටින වඩාත් ම දක්ෂතා දක්වමින් සිටින පන්දු යවන්නිය බවට පත් ව සිටින්නේ වමතින් දඟ පන්දු යවන Nashra Sandhu. ඇය මේ දක්වා කඩුලු 89ක් ලබා සිටිනවා.  

ඇය ට අමතර ව Sadia Iqbal තරග 67ක දී කඩුලු 84ක් ද සහ Tuba Hassan තරග 50ක දී කඩුලු 33ක් ද ලබා ගනිමින් මෙම කණ්ඩායම හා එක් වෙනවා.  

පෙර තරගය හා එක් වූ පාකිස්තාන කාන්තා කණ්ඩායම  

Fatima Sana (නායිකාව), Muneeba Ali (කඩුලු රකින්නිය), Shawaal Zulfiqar, Gull Feroza, Ayesha Zafar, Sadaf Shamas, Eyman Fatima, Tuba Hassan, Umm-e-Hani, Nashra Sandhu සහ Sadia Iqbal.  

සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ 

Eman Naseer, Momina Riasat, Saira Jabeen, Waheeda Akhtar. 

 

පෙර තරගය හා එක් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම  

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞෂිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා සහ චේතනා විමුක්ති. 

 

සංචිත ගත අතිරේක ක්‍රීඩිකාවෝ 

කාව්‍යා කාවින්දි, හසිනි පෙරේරා, කාව්‍යා කාවින්දි සහ මිතාලි අයෝද්‍යා. 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<