සොහාන්, හිරාන්, මුදිත, පවන් සහ ශානික්‍ය මංගල අර්ධ ශතක වාර්තා කරයි

Major Club T20 Tournament 2026

100
Major Club T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද  (24) පැවැති තරගවල දී සොහාන් ද ලිවේරා,  හිරාන් ජයසුන්දර, මුදිත ලක්ශාන්, පවන් පතිරාජ සහ ශානික්‍ය දේශප්‍රිය තම විස්සයි විස්ස තරග දිවියේ මංගල අර්ධ ශතක වාර්තා කළා.

එහි දී Moors SC කණ්ඩායමේ සොහාන් ද ලිවේරා Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 58ක් ද, Ace Capital CC කණ්ඩායමේ පවන් පතිරාජ Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ද සහ Bloomfield C & AC කණ්ඩායමේ ශානික්‍ය දේශප්‍රිය Ace Capital CC කණ්ඩායමට එරෙහි ව පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද ලබා ගන්නවා.

මේ අතර Colts CC කණ්ඩායම සහ Baduraliya SC කණ්ඩායම අතර තරගයේ දී Colts CC කණ්ඩායමේ  හිරාන් ජයසුන්දර සහ මුදිත ලක්ෂාන් ද තම මංගල අර්ධ ශතක ඉනිම් වාර්තා කළා. ඒ අතුරින් හිරාන් ජයසුන්දර පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 71ක් ද සහ මුදිත ලක්ෂාන් පන්දු 18ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී  ලකුණු 56ක් ද සහ ලබා ගනිමින් ඔවුන් සමඟින් ම එම කඩඉම්වලට පිවිසියා.

ඔවුන්ට අමතර ව Moors SC කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා (නොදැවී 50), Nugegoda S & WC කණ්ඩායමේ සම්මු අශාන් (53), NCC කණ්ඩායමේ කමිල් මිෂාර (50), SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු (73) සහ Bloomfield C & AC කණ්ඩායමේ ජනිත් ලියනගේ (58) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට BRC කණ්ඩායමේ තරුශ්ක ආශෙල් සමත් වුණා. ඔහු Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 8කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දක්ෂතාව දැක් වූවා. ඊට අමතර ව  Bloomfield C & AC කණ්ඩායමේ දුලාජ් සමුදිත (4/38) ද පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූවා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ Police SC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Police SC – කඩුලු 9ක් දැවී 132 (20.0)චතුරංග ජයතිලක 38, මොහොමඩ් ශමාස් 37, රමේෂ් මෙන්ඩිස් 2/14, දුවිඳු තිලකරත්න 2/20, ගරුක සංකේත් 2/29
  • Moors SC – කඩුලු 4ක් දැවී 135 (16.4)සොහාන් ද ලිවේරා 58, ජනිශ්ක පෙරේරා නොදැවී 50, රමේෂ් මෙන්ඩිස් නොදැවී 18, තීසාන් විතුසාන් 2/27

Moors SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

Kurunegala Youth CC සහ BRC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 66 (17.1) ජනිත් රත්නසිරි 11, මොහොමඩ් ශිරාස් 2/21, තරුශ්ක ආශෙල් 4/08
  • BRC – කඩුලු 3ක් දැවී 70 (10.5)ඉසුරු ප්‍රනාන්දු නොදැවී 35, ලිත්ම පෙරේරා නොදැවී 15, විකුම් සංජය 2/24

BRC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Nugegoda S & WC සහ Tamil Union C & AC අතර තරගය, කොළඹ NCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 

  • Tamil Union C & AC – කඩුලු 9ක් දැවී 180 (20.0)තනුක දාබරේ 20, මිනෝද් භානුක 27, ශාරුජන් ශන්මුගනාදන් 30, සචිත ජයතිලක 31, සම්මු අශාන් 2/30, අබ්දුල් හකම් 3/34
  • Nugegoda S & WC – කඩුලු 9ක් දැවී 152 (20.0)ලහිරු දවටගේ 29, සම්මු අශාන් 53, විනුශ්ක සිල්වා 20, ලහිරු සමරකෝන් 3/35, නවෝද් පරණවිතාන 2/36

Tamil Union C & AC කණ්ඩායමට ලකුණු 28ක ජයක්.

NCC සහ SSC අතර තරගය කොළඹ, Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • NCC – කඩුලු 8ක් දැවී 167(20.0)පැතුම් නිස්සංක 31, කමිල් මිෂාර 50, සහන් ආරච්චිගේ 34, කසුන් රාජිත 2/18, මල්ශ ප්‍රනාන්දු 2/33, දිනුර කළුපහන 3/34
  • SSC – කඩුලු 5ක් දැවී 168 (19.4)අවිශ්ක ප්‍රනාන්දු 73, රොන් චන්ද්‍රගුප්ත 32, නිපුන් ධනංජය 21, ශක්ති උදාර 2/29, සහන් ආරච්චිගේ 3/23

SSC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Baduraliya SC සහ Colts CC අතර තරගය කොළඹ, කොළඹ, P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – කඩුලු 4ක් දැවී 189 (20.0) හිරාන් ජයසුන්දර 71, ඇන්ජලෝ මැතිව්ස් 28, මුදිත ලක්ෂාන් නොදැවී 56, මාලිංග අමරසිංහ 2/50
  • Baduraliya SC- සියලුම දෙනා දැවී 115 (16.4) රොහාන් සංජය 21, ධනංජය ලක්ශාන් 2/20, අකිල ධනංජය 3/17

Colts CC කණ්ඩායමට ලකුණු 74ක ජයක්.  

Ace Capital CC සහ Bloomfield C & AC අතර තරගය, කොළඹ P. Sara Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC – කඩුලු 7ක් දැවී 187(20.0)හසිත අමරසිංහ 28, ජනිත් ලියනගේ 58, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 59, ඉසිත විජේසුන්දර 2/29
  • Ace Capital CC–කඩුලු 9ක් දැවී 174 (20.0)තනුජ රාජපක්ෂ 28, පවන්ත වීරසිංහ 35, පවන් පතිරාජ 50, ඉසිත විජේසුන්දර 30, දුලාජ් සමුදිත 4/38, තරින්ද නිර්මාල් 2/27

Bloomfield C & AC කණ්ඩායමට ලකුණු 13ක ජයක්.

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<