Tier B පිටියට අර්ධ ශතක 7ක්

4
Tier T20 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් පෙර දින (27) නිමා වූ අතර එහි දී අර්ධ ශතක 7ක් එක් වූවා.

එහි දි Kurunegala SC කණ්ඩායමේ කේශාන් වන්නිආරච්චි (75), Army SC කණ්ඩායමේ මනුශ්ක සමිත් (නොදැවී 82), Leo CC කණ්ඩායමේ නෙත්ම කරුණාරත්න (56), Chilaw Marians CC කණ්ඩායමේ කසුන් විදුර (60), Kandy Customs SC කණ්ඩායමේ තෙවිඳු දික්වැල්ල (58), Galle CC කණ්ඩායමේ අමිත් එරන්ද (64) සහ තේජාන් ප්‍රසංජන (නොදැවී 70), එලෙසින් අර්ධ ශතක ලබා ගත්තා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Sebastianites C & AC සහ Navy SC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.

Sebastianites C & AC – සියලුම දෙනා දැවී 80 (17.0)චමිඳු පෙරේරා 22, එරංග ජයකොඩි 19, ඩිලංක අවර්ඩ්ට් 2/08, ජනිත් ප්‍රනාන්දු 2/16, ඉශාන් අබේසේකර 2/17

 

Navy SC – කඩුලු 3ක් දැවී 91 (8.4) වරුණ මයන්ත 32, අදීශ නානායක්කාර 21

Navy SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Kurunegala SC සහ United Southern CC අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

Kurunegala SC – කඩුලු 6ක් දැවී 187 (20.0) කේශාන් වන්නිආරච්චි 75, දිනුග අබේසේකර 37, ලිදුල නුවංග 2/32

 

United Southern CC – කඩුලු 8ක් දැවී 156 (20.0) දමේශ් මතිසාන් 22, කසුන් සේනාධීර 34, දෙනුවන් රාජකරුණා 43, තිළිණ ඩිල්ශාන් නොදැවී 19, විනෝද් පෙරේරා 3/27, මදුරංග ජාගොඩ 3/17

Kurunegala SC කණ්ඩායමට ලකුණු 31ක ජයක්.

Army SC සහ Ragama CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Army SC – කඩුලු 6ක් දැවී 177 (20.0) මනුශ්ක සමිත් නොදැවී 82, අසේල ගුණරත්න 44, කාවින්ද ඊශ්වර 2/36, ලහිරු අබේසිංහ 2/14

 

Ragama CC – කඩුලු 7ක් දැවී 114 (20.0) හසිත් පෙරේරා 20, දසිත් ගුණතිලක නොදැවී 28, පැතුම් මලිත 3/18, ලිලාන් රංගන 2/22

Army SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Moratuwa SC සහ Negombo CC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.

Moratuwa SC – සියලුම දෙනා දැවී 93 (20.0) මදුශංක ප්‍රේමරත්න නොදැවී 24, චනුර ප්‍රනාන්දු 3/18

 

Negombo CC – කඩුලු 3ක් දැවී 95 (16.2) මොහොමඩ් මුර්ශාඩ් 20, අමිත පෙරේරා නොදැවී 35, සචිරු කුලසූරිය 20,

Negombo CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Leo CC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Leo CC – කඩුලු 9ක් දැවී 132 (20.0) නෙත්ම කරුණාරත්න 56, නෙලුක හේෂාන් 23, මෙලන් හංසක 2/26, කෙවින් සැමුවෙල් 2/27, අරෝෂ සිතුමිණ 2/15

 

Chilaw Marians CC – කඩුලු 6ක් දැවී 135 (19.4) කසුන් විදුර 60, දර්ශක සංදීප් 28, ගිම්හාන් රසාංජන 40

Chilaw Marians CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Kandy Customs SC සහ Galle CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

Kandy Customs SC – කඩුලු 7ක් දැවී 180 (20.0) තෙවිඳු දික්වැල්ල 58, ලහිරු අත්තනායක 34, ඉරුත් ගිම්හාන් 29, යශෝධ මෙන්ඩිස් 26, චානක දේවින්ද 2/17, කවිඳු නිර්මාන 3/45

 

Galle CC – කඩුලු 8ක් දැවී 184 (19.4) අමිත් එරන්දි 64, තේජාන් ප්‍රසංජන නොදැවී 70, යශෝධ මෙන්ඩිස් 3/41

Galle CC CC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.  

Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<