සොහාන් සහ කවීන් List A මංගල ශතක වාර්තා කරයි

Major Club 50 Over Tournament 2026

3
Major Club 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගවල දී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර තම පළමු පෙළ එක්දින තරගවල මංගල ශතක වාර්තා කිරීමට සමත් වූවා.

එහි දී Moors SC කණ්ඩායමේ නායක සොහාන් ද ලිවේරා CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත් අතර NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර Police SC කණ්ඩායමට එරෙහි ව පන්දු 70ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා.

ඊට අමතර ව Panadura SC කණ්ඩායමේ විශේන් හැළඹගේ Tamil Union C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 15කින් ලකුණු 50ක් ලබා ගැනීම සමත් වීම කැපී පෙණුනා. ඔහුගේ එම ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් ඇතුලත් වුණා.

මේ අතර Moors SC කණ්ඩායමේ ජනිශ්ක පෙරේරා (51), CCC කණ්ඩායමේ පවන් රත්නායක (නොදැවී 50), Panadura SC කණ්ඩායමේ තවීෂ අභිශේක් (54), විමත් දින්සර (61), Tamil Union C & AC කණ්ඩායමේ සිනෙත් ජයවර්ධන (62), NCC කණ්ඩායමේ විනුක රූබසිංහ (58), ගවිරු සෙන්හස් (61) සහ BRC කණ්ඩායමේ ඉසුරු ප්‍රනාන්දු (72) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී NCC කණ්ඩායමේ චාමික ගුණසේකර Police SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 20කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පෙර දින අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moors SC සහ CCC අතර තරගය, කොළඹ Moors ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – කඩුලු 9ක් දැවී 276 (50.0)සිතාර ගිම්හාන් 47, සොහාන් ද ලිවේරා 108, ජනිශ්ක පෙරේරා 51, මිලාන් රත්නායක නොදැවී 28, විශ්ව ප්‍රනාන්දු 3/58
  • CCC – සියලුම දෙනා දැවී 157 (36.3)පවන් රත්නායක නොදැවී 50, අංජල බණ්ඩාර නොදැවී 26, ශිරාන් ප්‍රනාන්දු 2/17

Moors SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 25ක ජයක්.

Panadura SC සහ Tamil Union C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – කඩුලු 8ක්දැවී 225(36.0) තවීෂ අභිශේක් 54, විශේන් හැළඹගේ 50, විමත් දින්සර 61, ඔෂද ප්‍රනාන්දු 25, ලහිරු සමරකෝන් 4/42, විජයකාන්ත් වියස්කාන්ත් 4/41
  • Tamil Union C & AC – සියලුම දෙනාදැවී 188(32.5) සිනෙත් ජයවර්ධන 62, නවෝද් පරණවිතාන 25, විහස් තෙව්මික 20, ශාරුජන් ශන්මුගනාදන් 25, කළණ පෙරේරා 3/36, විශ්ව ලහිරු 2/13

Panadura SC කණ්ඩායමට ලකුණු 37ක ජයක්.

NCC සහ Police SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • NCC – කඩුලු 8ක් දැවි 326(50.0)ජීවක සශීන් 28, විනුක රූබසිංහ 58, ගවිරු සෙන්හස් 61, කවින් බණ්ඩාර 108, යෙනුල දෙව්තුස 26, තිලකරත්න සම්පත් 2/66, ධනුජ ඉඳුවර 2/35
  • Police SC – කඩුලු 9ක් දැවී 143(33.5)කිත්ම විතානපතිරණ 23, මොහොමඩ් ශමාස් නොදැවී 42, චාමික ගුණසේකර 6/20

NCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 173ක ජයක්.

Bloomfield C & AC  සහ Colts CC අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & ACසියලුම දෙනා දැවී 98 (32.1) ජනිත් ලියනගේ 34, ඩිල්ශාන් මදුශංක 3/18, ධනංජය ලක්ශාන් 2/24
  • Colts CC – කඩුලු 5ක්දැවී 99(18.1) ධනංජය ලක්ශාන් 37, ඒශාන් මාලිංග 3/35

Colts CC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

 

SSC සහ BRC  අතර තරගය, කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.

  • BRC – කඩුලු 6ක්දැවී228 (40.0) ඉසුරු ප්‍රනාන්දු 72, පවන් සංදේශ් 41, ලිත්ම පෙරේරා 26, මොවින් සුබසිංහ නොදැවී 28, දුලාජ් අශේන් 29, ප්‍රමෝද් මදුශාන් 2/31
  • SSC – කඩුලු 2ක් දැවී 70(19.5)අවිශ්ක ප්‍රනාන්දු 28

තරගයේ විසඳුමක් නෑ.

 

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<